Home > කලාව > කලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න අපඅතරින් සමුගනියි.

කලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න අපඅතරින් සමුගනියි.

Prem_V1a - Copy-01

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම පරිවර්තකයකු ලෙස දශක පහකට අධික කාලයක සිට ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල සංස්කෘතික දායකත්වයක් දැක්වූකලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න  2017 මැයි මස 12 වන සිකුරාදා අප අතරින් සදහටම වෙන්වී ගියේය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ටවර් හෝල් පදනමේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපදේශක ඇතුළු පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙසද සේවය කළ ඔහු මියයන විට 80 වන වියෙහි පසු විය.
වගුරු බිම (1963), වහලක් නැති ගෙයක් (1964), තොත්ත බබා (1965), අම්මයි අප්පයි (1966), කෝන්තරේ (1968), මූණු සයකි රූකඩයකි (1970), ජුලී (1977), ශ්‍රී වික්‍රම (1979), සැරද සීතා (1980), දේවී (1988), හොරා පොලිස් (2003) යන නාට්‍ය ප්‍රේමරන්ජිත් තිලකරත්න  විසින් රචනාකර නිෂ්පාදනය කරන ලදී.
තම නිර්මාණ කාර්යන් වෙනුවෙන් නිතැතින් සම්මානයට පාත්‍ර වූ ඔහු ජනප්‍රිය ස්වතන්ත්‍ර සහ පරිවර්තන පොත් රාශියක රචකයකුද වේ. ඔහුගේ අවසාන කටයුතු 2017 මැයි මස 13 වන දින සවස 5 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

About LNC

Check Also

Chubby _Fantasy of the_ Bohemian_ Herbalists

කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය.

කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *