Breaking News
Home > කලාව > ප්‍රේමයෙන් තොර ජීවිතයක් නෑ – වික්ටර් රත්නායක

ප්‍රේමයෙන් තොර ජීවිතයක් නෑ – වික්ටර් රත්නායක

Studio_20170519_083750

ප්‍රේමයෙන් තොර ජීවිතයක් නොමැති බව  ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක,  පවසයි.වියපත් වූ පමණින් ඒ අවශ්‍යතාවය වෙනස් නොවන බව අවධාරණය කරයි.

 ඔහු එසේ සදහන්  කර ඇත්තේ සංගිත ප්‍රසංගයකට සහභාගි වීම සදහා  ලන්ඩන් නුවරට ගොස් සිටින විටදිය.

“බොහෝ දෙනාට මේක වටහා ගැනීමේ ශක්තිය අඩු ද මම දන්නේ නෑ, වයස්ගත වීමේදී ප්‍රේමයේ අරුත තවත් අරුත් බරව දැනෙනවා,” ඔහු පැවසීය.

සිය දෙවැනි විවාහය පිළිබඳව ආචාර්ය වික්ටර් රත්නායක මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළමු වතාව මෙයයි.

“ඒ වගේම ප්‍රේමය, ආදරය, සෙනෙහස, කරුණාව, දයාව මේ සියලු දේ බලාපොරොත්තු වෙන්නෙත් මම හිතන්නේ වියපත් වීමේදී,” ඔහු පැවසීය.

‘තාරුණ්‍යය ගැන දුකයි’

අනුකරණවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සංගීත ක්ෂේත්‍රය තුළ නවක පරපුර හැසිරෙන අකාරය පිළිබඳව දැඩි කනගාටුවක් දැනෙන බවත් ප්‍රවීණ සංගීත ශිල්පියා සඳහන් කළේය.

තමන් එදා ගුවන් විදුලියේ කටහඬ පරීක්ෂණයේදී තමන්ගේම තනුවක් ගායනා කළ නමුත් නවක පරපුරේ බොහෝ ගායක, ගායිකාවන් නව නිර්මාණවලට යොමු නොවීම ඔහුගේ දැඩි විවේචනයට ලක් විය.

“අනුන්ගේ ගීතයක් ගයන තුරාවට ඔහුට ශිල්පියෙක් වෙන්න බැහැ. ඔහු ආධුනිකයෙක් පමණයි.”

(BBC )

About LNC

Check Also

Prem_V1a - Copy-01

කලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න අපඅතරින් සමුගනියි.

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම පරිවර්තකයකු ලෙස දශක පහකට අධික කාලයක සිට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *