2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක දිවි නැගුම අරමුදල් වංචා කළැයි කියන හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා බාර තිබුණා. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂට හෙට දිනයේ යලි පොලිස් මුල්‍ය විමර්ශන අපරාධ කොට්ඨාසයට පැමිණෙන්නැයි දන්ව ඇති බව වාර්තා වෙනවා ඔහුට එරෙහිව ලබාදී ඇති අධි චෝදනා කියවා තේරුම් කර දීම කොළඹ මහාධිකරණය විසින් ලබන අගෝස්තු 30 වැනි දා ට කල් තබා ඇති අතර එදින පැමිණිල්ලේ ලියවිලි කිහිපයක් විත්තියට බාර දෙන ලෙසද නියෝග කර ඇති බව සදහන් . මේ වනවිට බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා රුපියල් පන් ලක්ෂය බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ පනහක් වු ශරිර ඇප මත මුදා හරිනු ලැබ සිටිති