අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝදන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුනා.
පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය පැවැත්වෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇතිවුයේ උණුසුම් තත්වයක්.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැක්වු විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව කල් තැබීමට ද කථානායකවරයා පියවර ගනු ලැබුවා.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ අතෙහි සහ ගෙළෙහි කලු පටි පැළඳ ගනිමින්.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ ලිපියක් ද යොමුකර තිබුණා.
එම ලිපිය මගින් ඉල්ලා තිබුණේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම වහාම නවතන ලෙසයි.