අතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලෙන කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් ජනතාවට සෙතක් නොවන බව පවසමින් කිළිනොච්චි සහ මුලතිව් ප්රදේශවල ජනතාව ප්රකාශ කරයි.
ඔවුන් ඊට එරෙහිව උද්ඝෝෂණයක නිරතවූහ.
පැවැති උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයින් ප්රකාශ කර සිටියේ දිවයිනේ වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ යුද්ධය හේතුවෙන් බවය.
එබැවින් අදාළ කාර්යාලය කොළඹ පිහිටුවීමෙන් තමන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරිමට අධික වියදමක් දරමින් කොළඹට පැමිණිමට සිදුවන බව ඔවුන් පෙන්වාදෙයි.
අතුරුදන්වූවන් පිළිබද සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමෙන් ද මෙතෙක් කිසිදු සහනයක් ලැබී නොමැති බව උද්ඝෝෂකයෝ අවධාරණය කළහ.