topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි රටේ සංවර්ධන තීරණ ගනු ලබන්නේ සබුද්ධිකව‍ හා විද්‍යානුකූල සාධක මතයි.

Minister_Pic

මූල්‍ය නගර ව්‍යාපෘතිය අතිවිශාල ව්‍යාපෘතියක් බැවින් විටින් විට ප්‍රශ්න පැන නැගිය හැකි බවත්, ඒ අවස්ථාවන්වලදී තම අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය තීරණ ගනු ලබන්නේ සබුද්ධිකව‍ හා විද්‍යානුකූල සාධක මත බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවැසුවේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මූල්‍ය නගර ව්‍යාපෘතිය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද දිනයේ මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාවත්, ඇතැම් ආගමික නායකයනුත් විසින් මීගමුව කොළඹ මහා මාර්ගය වසා දමා උද්ඝෝෂණයක් කළා. එතැනදි වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ඒ අය විසින් චෝදනා ගණනාවක් ගොනු කළා. ඒ වගේම මේ පිළිබඳව සාකච්ඡාවකට ආරාධනා කරපු අවස්ථාවේදී ඒ අය විසින් ප්‍රකාශ කරල තියෙනව වරාය නගර ව්‍යාපෘතිය නතර කරල තමයි සාකච්ඡා කරන්න පුළුවන් කියලා.

වරාය නගරය තනන එම ආයතනය සමඟ(චීන ආයෝජකයින්) ගිවිසුම අත්සන් කර තිබෙන්නේ අපේ අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ. ඒ නිසා අපිට යම් වගකීමක් තියෙනවා මේ කියන කරුණු ගැන පැහැදිළි කිරීමක් කරන්න. අපි කිසියම් ආකාරයක ත්‍රෛයිපාර්ශ්වික ගිවිසුමකින් අපේ අමාත්‍යාංශයත්, නාගරික සංවර්ධන අධිකාරියත්, චීන ආයෝජක සමාගමත් පසුගියදා බැඳුණා මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න.

ප්‍රධාන වශයෙන්ම අපේ සම්මුතිය, ගිවිසුම තියෙන්නේ මේ රටේ මහ ජනතාව එක්ක. මේ රටේ මහජනතාව තමයි මේ ආණ්ඩුවට ජනවරම දුන්නෙ. ඒ අනුව තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. මේ රටේ මහ ජනයාගේ යහපත වෙනුවෙන් අපි ඒ කටයුත්ත කරන්නෙ. ඒ නිසා අපි ඒ ගිවිසුම් ප්‍රකාරව තමයි කටයුතු කරන්නේ. චීන සමාගම කෙහොම හැසිරෙනවද, ඒ අයට ලබාදීල තියෙන කොන්දේසි කඩකරනවද, ඉටු කරනවද, කියන එක පිළිබඳව සොයා බලන්න අපි වගකීමෙන් බැඳී ඉන්නව. ඒ අනුව තමයි අපි ක්‍රියා කරන්නේ.

මේ ව්‍යාපෘතිය චීන ජනාධිපතිතුමා 2014 ලංකාවට ආව වෙලාවේ ඇති කරගත් එකඟතාවයක් එක්ක තමයි ආරම්භ වුනේ. ඒ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී මමත් සම්බන්ධ වුණා. ඒ ගිවිසුම පිළිබඳව හා ගිවිසුම ප්‍රකාරව කරගෙන ගිය කටයුතු පිළිබඳව සමාජයේ විවිධ මත ඇති වුණා. දේශපාලන මත, සමහර රාජ්‍යයන්ගේ මත ඇති වුණා. ඇතැම් රටවල් ප්‍රකාශ කලා මේක එයාලගෙ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආරක්ෂක මධ්‍යස්ථානයක් මෙතන ඉදිවෙනව කියල. චීන සමාගමට අයත් සබ්මැරීනයක් දකුණු කොළඹ වරායට පැමිනීම නිසා තමයි ඒ තත්ත්වය ඇති වුණේ.

ඒ වගේම සමහරු ප්‍රකාශ කළා සින්නක්කර ඉඩම් අයිතියක් විදේශ රටකට ලබාදෙන නිසා රටේ ස්ව‍ෛරීත්වය පාවා දීලා කියලා. තවත් සමහරු ප්‍රකාශ කලා පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවෙනව කියල. විශේෂයෙන්ම මේකට අවශ්‍ය කරන කළුගල් ලබාගැනීමේදී හා කළුගල් ප්‍රවාහනයේදීත්, ඒ වගේම වැලි ලබාගැනීමේදී හා ප්‍රවාහනයේදීත් සහ අනාගතයේදී මේ නගරය ඉදිකරන්න ගොඩනැගිලි ද්‍රව්‍ය සකසා ගැනීමේදී විශාල පාරිසරික ව්‍යසනයක් සිදුවෙනවාය, විධිමත් පාරිසරික අධ්‍යයනකින් තොරවයි මේ කටයුත්ත කරන්නෙ කියල. තවත් අය මීට නීත්‍යානුකූල පදනම කුමක්දැයි ප්‍රශ්න කළා. මේක ශ්‍රී ලංකාවේම කොටසක්ද? මේක කොළඹ දිස්ත්‍රික්කයේද? කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොටසක්ද? මූද ගොඩකරන්න රටේ නීතියක් තියෙනවද? කියල ප්‍රශ්න පැන නැගුණා. දියකඩන ඉදිකළාම මුහුදු ඛාදනයක් ඇති වෙයිද? ඒ වගේම වත්තල සිට මීගමුව දක්වා සිටින ධීවර ජනතාවට තමන්ගේ ජීවිකාව පිළිබඳව සමාජ ප්‍රශ්න ඇතිවෙයිද කියල ප්‍රශ්න මතු වුණා.

ඒ අනුව තමයි මේ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යවරයා කමිටුවක් පත් කළේ අජිත් ඩී කොස්තා ගේ මූලිකත්වයෙන්. ඒ කමිටු වාර්තාව ලැබුණ. ඊට පස්සෙ මේ පිළිබඳව ආර්ථික කළමණාකරන කමිටුවේත්, වෙනත් ස්ථානවලත් විධිමත් සාකච්ඡාවක් තිබුණු බව ප්‍රකාශ කරන්න ඕන.

එහිදී රජය කරුණු කිහිපයක් ගැන අවධානය යොමුකළා. එකක් තමයි පවතින නීතිමය තත්ත්වය. ඒ පිළිබඳව පැනනැගුණු සැක සංකාවන්.  නීතිමය වශයෙන් වරාය අධිකාරියට අයිතියක් තියෙනවද මෙවැනි ගිවිසුමකට එළඹෙන්න. මේ ගිවිසුම අනුව කොහොමද අනාගතයේ ශ්‍රී ලංකා රජයේ ගෝලීය සීමා තීරණය කරන්නේ යනාදී වශයෙන් වන ඒ සියළුම නීතිමය තත්ත්වයන් අපි සැළකිල්ලට ගත්තා. ඒ වගේම මේ ආකාරයට මුහුදු ගොඩකර තිබෙන අනෙක් රටවල මේ තත්ත්වයන් කරල තියෙන්නෙ කොහොමද කියල හැදෑරීමකට ලක්කළා.

වැදගත්ම දේ තමයි මේ පිළිබඳව කලින් පාරිසරික අධ්‍යයනයක් සිදුකරල තිබුණෙ නෑ. විශාල ව්‍යාපෘති සඳහා සාමාන්‍යයෙන් පරිසර අධ්‍යයනයක් සිදු කරනු ලබනවා මධ්‍යම පරිසර අධිකාරියේ තිබෙන නීති රෙගුලාසි මත.  නමුත් එවැන්නක් සිදුවෙලා තිබුණෙ නෑ. ඒ සඳහා වියයුතු පාරිසරික අධ්‍යයනය අපි දියත් කළා. ඒ සඳහා දින 30 ක් මහජන අදහස් ගන්නත් යොමු කළා.

ඒ දක්වා තිබූ මහජන අදහස්ද පදනම් කරගෙන මේ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කොන්දේසි 70 කට අධික ප්‍රමාණයක් චීන සමාගමට පැවරුව. ඒ කොන්දේසි වලට අනුකූලවයි මේ ව්‍යාපෘතිය කරගෙන යායුත්තේ කියලා.

මූල්‍යමය වශයෙන් මෙය කොතරම් වැදගත්ද කියලත් අපි සොයා බැලුව. මේ සඳහා ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය වෙනවා. හෙක්ටයාර 269 ක් මේ සඳහා වෙන්වෙනව. මෙය කෙතරම් මූල්‍යමය වශයෙන් අනාගතයට ලංකාවට බලපායිද? කොයි විදියටද ඒක කරන්නෙ කියන එක. එතනදි මුලින් තිබුණෙ පරමාර්ථ හැටියට සංස්කෘතික, විනෝදාත්මක, වානීජ කටයුතු තමයි ගොඩාක් දුරට මුල් අරමුණු ලෙස තිබුණෙ. ඒ වෙනුවට මේ ස්ථානය මූල්‍ය නගරයක් හැටියට ආරම්භයේ පටන්ම 2020 සිටම දියුණු කළ යුතුයි කියන අදහස ඇවිල්ල මූල්‍යමය ලෙස වෙනම නීතිමය රාමුවක් යටතේ මේ නගරය පවත්වාගෙන යන්න තීරණය කෙරුණා.

ඒ නිසා ආර්ථික වශයෙන් ලංකාවට ඇතිවන බලපෑම විධිමත්ව සාකච්ඡා කරල තියෙනව. ඒ සියල්ලම සැලකිල්ලට අරගෙන තමයි මේ කටයුත්ත කලේ. මෙහිදී නීතීමය විදියට, ආර්ථිකමය විධියට, පාරිසරික විධියට හා මූල්‍යමය විධියට තක්සේරුවක් කරල තියෙනව. මෙහි ප්‍රධානමය හරය වුණේ සමාජමය වශයෙන් පරිසරයට පමණක් නොවෙයි මේ ධීවර ප්‍රජාව වැනි අයට ඇතිවන බලපෑම ගැන තමයි එතනදි සැලකිල්ලට ගත්තේ.

ඊට පස්සෙ විවිධ විරෝධතා ඇති වුණා. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා අදාල ධීවර සමිති විසින්. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපිට නියෝගයක් දීල තියෙනව මේ සම්බන්ධයෙන්. එය ධීවර සමිතිවලටත් ලබාදීල තියෙනව. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම කරුණු සැලකිල්ලට ගෙන විද්‍යාත්මක පදනමක් මත මේ දේ කරනව කියල අධිකරණය හැඟී ගිය නිසා අවසර ලබාදුන්න ඉදිරියට යන්න.

ඒ වගේම මේ ඇත්තන්ට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙලා තියෙනව නම් අප අමාත්‍යාංශයේ ලේකම්තුමාට දන්වන්න කියල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අපට ලැබුණ. අපි පළමුව ඒ නීතිමය තත්ත්වය තුළ ක්‍රියා කරනවා. මේ ගිවිසුමත් සමඟ අපි ක්‍රියා කරනවා  යැයි අමාත්‍යවරයා පැවසිය.

 

Leave A Reply

Your email address will not be published.