topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි සාක්‍ෂි දුන්නා එහෙත් මේ වනතෙක් යුක්තිය ඉටුවී නැහැ. ජ.වි.පෙ. කියයි.

2

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් එජාපයත් ශී‍්‍රලනිපයත් පත්කළ කොමිෂන්වලට සාක්‍ෂි දුන් බවත් එහෙත් මේ වනතෙක් යුක්තිය ඉටුවී නොමැති බව

ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක  පැවැසුවේ ය.ඒ පැලවත්ත ජ.වි.පෙ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.වැඩිදුරටත් අදහස් දැක්වු බිමල් රත්නායකයන්
”අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත පිළිබඳව රට තුළ විවිධ මතවාදයන් ඇතිවෙමින් තිබෙනවා. එක් පැත්තකින් ති‍්‍රවිධ හමුදාව අපහසුතාවයට පත්කරනවා කියනවා. තවත් පැත්තකින් අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටුකිරීමේ පනතක් කියනවා. සුළු කල්ලියක් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කළා කියලා චෝදනා කරනවා.
අතුරුදහන් කිරීම පිළිබඳ ප‍්‍රශ්නය 1971 දක්වා දිව යනවා. 1971දී රාජ්‍ය මැදිහත්වීම් මත අතුරුදහන් කිරීම් සිදුවුණා. 86-80 කාලයේදී 90 සිට 2009 යුද්ධය පැවති කාලය තුළදීත් 2009 සිට 2015 දක්වා දේශපාලන අතුරුදහන් කිරීම් වශයෙන් ප‍්‍රධාන අවස්ථා ගණනාවකදීත් අතුරුදහන් කිරීම් පිළිබඳව වාර්තා වුණා. මෙම අවස්ථාවලින් 1971දීත් 87-89 කාලය තුළදීත් මුළුමනින්ම ජනතා විමුක්ති පෙරමුණ එම අතුරුදහන් කිරීම්වලට ලක්වුණා. අනෙක් අවස්ථාවලදී අනෙක් පාර්ශ්ව වගේම ජනතා විමුක්ති පෙරමුණත් ගොදුරු වෙලා තිබෙනවා. 2009-2015 කාලය තුළදී සිදුවූ දේශපාලන අතුරුදහන් කිරීම් විශේෂ අවස්ථාවක්.
1971 සිට අතුරුදහන් කිරීම් පිළිබඳව අවම වශයෙන් හෝ යුක්තිය ඉටුකිරීමේ කි‍්‍රයාවලියක් තිබුණේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පැවති එජාප සහ ශී‍්‍රලනිප ආණ්ඩුවලින් අතුරුදහන් වූවන් පිළිබඳව යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මැදිහත් වුණා. එම ආණ්ඩුවලින් ස්ථාපිත කළ රාජ්‍ය ආයතනවලට සාක්‍ෂි ඉදිරිපත් කළා. 1978 බලයට පත් ආණ්ඩුව ස්ථාපිත කළ කොමිසමට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 71 සිදුවීම් පිළිබඳව සාක්‍ෂි ලබාදුන්නා. එවකට ශී‍්‍රලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව විසින් සිදුකරන ලද සිදුවීම් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය තමයි කොමිසමක් ඉදිරිපත් කළේ. 86 සිට 90 දක්වා සිදුවූ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පත්කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ කොමිසමට අපේ පක්‍ෂයේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සාක්‍ෂි ලබාදුන්නා. ඒ එම කොමිසමේ අඩුපාඩු පිළිබඳව විවේචනයක්ද සහිතවයි. ඒ වගේම එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයා වූ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා අතුරුදහන් වූ ශිෂ්‍යයන් පිළිබඳව චන්ද්‍රිකාගේ කොමිසමට සාක්‍ෂි ලබා දුන්නා. ඒ, එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදුවූ සිදුවීම් සම්බන්ධව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පාලනයක් යටතේ ස්ථාපිත කළ කොමිසමක් ලෙසයි.

රාජපක්‍ෂ පාලනයේ දෙවැනි යුගයේදී 2012දී මෙම කරුණ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කරන වෙලාවේදී අපි කොන්දේසි සහිතව පනතට සහාය දෙනවා කියලා කිව්වා. ඒ කොන්දේසිය වුණේ 2011දී අතුරුදහන් කළ ලලිත් සහ කුගන් සහෝදරවරුන් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි කියන කොන්දේසිය අනුවයි. අපේ රටේ අතුරුදහන් වූවන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් නියෝජනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්. චන්ද්‍රිකා බණ්ාඩරනායක මැතිණියගේ කොමිසමට පමණක් පැමිණිලි 33,000ක් පමණ ලැබී තිබුණා. එම අතුරුදහන් වීම් යුද්ධය කාලයේදී නම් එල්.ටී.ටීඊ. සංවිධායෙන්, ති‍්‍රවිධ හමුදාවෙන් හෝ වෙනත් සංවිධානවල මැදිහත්වීමෙන් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ බව මහින්ද රාජපක්‍ෂ විසින් යුද්ධයෙන් පසු පත්කළ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තා අනුව සහ නිර්දේශ අනුව පැහැදිලි වී තිබෙනවා. 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම අතුරුදහන්වීම් පිළිබඳව දැඩි සංවාදයක් මතුවුණා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප රට බෙදීමට විරුද්ධයි. එවැනි තත්වයක් ඇතිවුවහොත් අපේ රටේ සදාකාලික යුද්ධයක් ඇතිවෙනවා. එවැනි යුද්ධයක් අපේ රටේ දුෂ්ට පාලකයින්ට වාසි ගෙනදෙන නිසාම ජාතික අසමගිය වැඩිකරන, රට බෙදීමේ කි‍්‍රයාවලියට අපි එකහෙළාම විරුද්ධයි. රට බෙදීමට විරුද්ධ වෙනවා වගේම එය දඩමීමා කරගෙන රටේ ජනතාවගේ අයිතීන් කප්පාදු කරනවාටත් යුද්ධ කරනවා කියා භාණ්ඩාගාරය හිස් කරනවාටත් අපි විරුද්ධයි. රාජපක්‍ෂ තියරිය වුණේ යුද්ධ කරනවා කියලා භාණ්ඩාගාරය හිස් කරපු එකයි. ඒ වෙලාවෙත් අපි කිව්වේ ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගන්නවා වගේම අපේ රට හොරුන්ගෙනුත් මුදවා ගන්න ඕනෑ කියලා.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් යුද්ධය අවසන් වී සතියක් ඇතුළත හදිසි අභියෝග ජයගැනීම සඳහා වන ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් ලෙස එවකට රාජපක්‍ෂ ආණඩුවට යෝජනා 14ක් ඉදිරිපත් කළා. එම යෝජනාවල පැහැදිලිව සඳහන් වෙනවා විවිධ ජනකොටස්වලට සිදුව ඇති අසාධාරණයන් පිළිබඳව සොයා බැලීමත් විවිධ ජනකොටස් අතර පවතින හිත් බිඳීම්, විරසකයන් තුරන් කිරීමත් අරමුණු කරගත් සත්‍ය හා ජාතික ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවිය යුතුයි කියලා. යුද්ධයෙන් පසු තමන්ට වූ අසාධාරණයන් ඉදිරිපත් කරන්න සියලූම ජනතාවට පොදු තැනක් අවශ්‍යයි කියන පදනමින් අපි මේ යෝජනාව ඉදිරිපත් කළා. අතුරුදන් වූවන්ට හෝ පීඩාවට පත්වූවන් සම්බන්ධයෙන් තමන්ගේ ඥාතීන්ට කරුණු ඉදිරිපත් කරන්න තැනක් ලෙසටත් අනාගතයේ එවැනි සිදුවීම් වැළැක්වීමට යෝජනා ඉදිරිපත් කිරීමේ ස්ථානයක් ලෙසටත් මෙම සත්‍ය හා ප‍්‍රතිසන්ධාන කොමිසම යොදාගන්න පුළුවන්කම තිබුණා. ඉන් මාස එක හමාරකට පමණ පසුවත් දෙමළ ජනයා මුහුණ දී ඇති දුෂ්කරතාවයන් හා ගැටලූ අවම කිරීම සඳහා ප‍්‍රායෝගික මැදිහත්වීමක් ලෙස කරුණු ගණනාවකින් යුත් යෝජනාවලියක් අපි ආණ්ඩුවට ඉදිරිපත් කළා. ජාතික ආරක්‍ෂාව ගැන හිතන ගමන් අතුරුදන් වූවන් පිළිබඳව පීඩාවට පත්වූවන් පිිළිබඳව මැදිහත්විය යුතු කරුණු අපි ඉදිරිපත් කළා”. යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.