topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි හොරු නෙවේ. අපිට හොරකන් කරන්න අවශ්‍යතාවයකුත් නෑ-ඇමති නවීන්.

DSC_4110

අපි හොරු නෙවේ. අපිට හොරකන් කරන්න අවශ්‍යතාවයකුත් නෑ. අපි ඇවිල්ල තියෙන්නෙ ජනතාවට සේවය කරන්න. අපේ පවුල් වාදයක් නෑ. අපගේ අර පුංචි එවුන් ටික ස්ථාපනය කරලා යන්න නෙවෙයි අපි මෙතෙන්ට ආවෙ. අපි ආවෙ වැඩක් කරලා රට හොඳ තැනකට ගෙනියන්න. මෛත්‍රීපාල සිරිසේනත්   එහෙමයි. රනිල් වික්‍රමසිංහත්  එහෙමයි. එම නිසා අපිට සහයෝගය දෙන්න.

මගේ පියා 1994 ත්‍රස්තවාදීන් විසින් ජීවිතක්ෂයට පත් කළා. එතුමා මේ ජනාධිපති පුටුව දැක දැක එතුමාව නැති කළේ. එතුමා ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කළ පුද්ගලයෙක්. ඒ වගේ පුද්ගලයෙක් මේ රටේ ත්‍රස්තවාදයත් නැති කරලා මේ රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාවයට යම්කිසි දෙයක් වෙනව නම් එතුමාගේ පුත්‍රරත්නය විදිහට මම මෙතන ඉන්නවද මේ රටේ. අපි ඒවට ඉඩ දෙන්නෙ නෑ . දයා ගමගේ මහත්තයත් එහෙමයි. මේ රට දෙකට කඩන්න යනව නම් මේ රටට අලුත් ව්‍යවස්ථා ගෙනල්ල රටේ තියෙන භෞමික අඛණ්ඩතාවය නැති කරන්න යනව නම් අපි ඒවට කටවහ ගෙන ඉන්නෙ නෑ. අපි කතා කරනවා. මේ  ආණ්ඩුවේ තියෙන ශක්තිය තමයි  අපිට නිදහස තියෙනවා ඇමතිවරු හැටියට ඕනෙම දේකට අපිට කතා කරන්න. වැඩ කරන්න. එදා ඒක තිබුණෙ නෑ. එදා අපේ කට වහලා මොනව හරි දෙයක් කරන්න යනකොට පුතෙක් කතා කරනවා. නැත්නම් සහෝදරයෙක් කතා කරනවා. මේක කරන්න එපා කියනවා. අරක කරන්න කියනවා. ගාණක් දෙන්න කියනවා. අද ඒවා නෑ දයාබර අම්මේ, තාත්තේ. එමනිසා අද අපිට ශක්තිමත් ඇමතිවරු හැටියට වැඩක් කරන්න පුළුවන්.  අපි ඉදිරියට යනවා. අපි සැලසුම් හදනවා. අපේ තියෙන එකම පැතුම තමයි අපේ මාතෘ භූමිය ආසියාවේ හොම රටක් බවට පරිවර්ථනය කරන්න.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක එසේ පැවසුවේ පසුගිය දා කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය හා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන නැවත රබර් වගා කිරීම සඳහා පදියතලාව ප්‍රදේශයේ කිරවාන තවානේ ගොවි මහතුන් 400 දෙනෙකු වෙත චෙක්පත් බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

මා ඉතාමත් සතුටු වෙනවා අද දින ඉතාමත් චාම් ලස්සන උත්සවයට ඇවිල්ලා අපගේ මේ දිස්ත්‍රික් නායක එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජාතික සංවිධායක දයා ගමගේ  සමග, තමුන්නාන්සේලාත් සමග මේ වැඩ කටයුත්ත ආරම්භ කිරීම සම්බන්ධව. මේ උත්සවය ඇත්ත වශයෙන්ම මගේ හදවතට විශාල සතුටක් ලබා දෙන උත්සවයක්. මක් නිසාද වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මම මේ යන්නේ දෙවන අවුරුද්ද. පළමු අවුරුද්දේ. මම මේ අමාත්‍යාංය භාරගන්න කොට අපගේ තේ කර්මාන්තය විශාල අර්බුදයක තිබ්බේ. මම අමාත්‍යධූරය භාරගන්න කොට අමු තේ දළු කිලෝවක් රුපියල් 360/- යි. අද රුපියල් 500/- පැනලා. එම නිසා එම අර්බුදයට මුහුණ දෙන අතරම පොල් කර්මාන්තයේත් ගැටලු තිබ්බා. මේ දෙකේ ශක්තිය වෙනුවෙන් මම මගේ කැපවීම මගේ දක්ෂකම් මම ඒ ක්ෂේත්‍ර දෙකට යොමු කළා. රබර් වලට මට විශාල දායකත්වයක් ලබා දෙන්න බැරිවුණා. නමුත් මෙම වසරේ මම අධිෂ්ඨාන කරගෙන තියෙන්නේ රබර් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරන්න.

එමනිසා අපගේ නායකතුමාගේ උපදෙස් පරිදි අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ රබර් මාස්ටර් ප්ලෑන්, ඒ කියන්නේ රබර් සම්බන්යෙන් තියෙන සුවිශේෂී සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. එතකොට ඇත්ත වශයෙන්ම 1960, 1970 සහ 1980 ගණන්වල අපට හොඳ රබර් නිෂ්පාදනයක් තිබ්බා. නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ නිෂ්පාදනය අඩු වෙලා තිබෙනවා. රබර් නිෂ්පාදනය අඩු වුණාට අපගේ රබර්වලින් ලැබෙන විදේශ විනිමය වැඩි වෙලා තිබෙනවා. මේ වෙලා තියෙන්නේ දයාබර අම්මේ, තාත්තේ අපි අවසර ලබා දීලා තියෙනවා පිටරටින් රබර් මෙහාට ගෙනල්ලා මෙහේ අගය වැඩි කරලා නිමවූ භාණ්ඩ පිටරට යවන්න. මේ නිසා ඇමරිකාවේ, යුරෝපයේ තිබෙන ටයර් නිෂ්පාදනය වෙන්නේ මේ පුංචි මාතෘ භූමියේ. ඉතින් ඒ වෙනස ඇති කළා. 1980 ගණන්වල ඒ තීරණය ගත්තා. අද මම සතුටුයි කියන්න ඒ රබර් නිෂදනය කරන රටවල් රබර් කර්මාන්ත අපේ රටට එනවා. අපි ගිය සතියෙත් අපේ රනිල් වික්‍රමසිහ නායකතුමත් එකක් විශාල රබර් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මුල්ගල් තිබ්බා. ඉතින් මේ වෙනස කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපේ නිෂ්පාදනය අපි අමතක නොකළ යුතුයි. මේ රබර් ප්‍රමාණය අපේ මාතෘ භූමියෙන්, අපේ දේශයෙන් ලබා ගැනීමට අපි උත්සාහ කරන්න අවශ්‍යයි. එමනිසා 2002 අපි මේ ස්ටාර් ප්‍රොජෙක්ට් එකේ පළමු අදියරේ මම නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් හිටියේ, මට තාමත් මතකයි පරණවිතාන මැතිතුමත් එක්ක කාර්යාලයේ ඉන්නකොට අපි සාකච්ඡා කළා මොණරාගල දිස්ත්‍රික්කයට මේ ව්‍යාපෘතිය හරහා රබර් වගාකිරීම ගෙනියන්න. අද මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 50,000 ක් අපි සාර්ථකව ඒ රබර් වගාව කරනවා. පවුල් කීයක් ජීවත් වෙනවාද? අපි එහෙනම් අම්පාරෙත් බලාපොරොත්තු වෙන්නේ ඒකයි.

රබර් ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම රබර් අමු කිරිවල තිබෙන මිල වෙළඳපොළේ අඩු වෙනවා වැඩි වෙනවා. හැමදාම ඒක වෙනවා. පහළ ගියාම ඒකේ නිෂ්පාදනය අඩු වෙනවා. වැඩි වුණාම සියලුදෙනාම රබර් කිරි ලබා ගන්නවා. එමනිසා දැන් මිල හොඳ තත්වයකට ක්‍රම ක්‍රමයෙන් එනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මිල අඩුගානේ තව මාස 6 කට 7 කට අවුරුද්දකටවත් තියෙයි කියලා. එමනිසා මිල හොඳින් තියනකොට අනිවාර්යෙන්ම ඒ වගාකරුවන්ට, අපගේ ගොවි මහතුන්ට හොඳ ආර්ථිකයක් ලැබෙනවා. එමනිසා අපි මේ කරන දේ තමුන්නාන්සේලා දීර්ඝ කාලීනව බලන්න ඕනේ. මේකේ ඵලදායකත්වය, මේකේ සාර්ථකභාවය හෙට අනිද්දා මනින්න බැහැ. තමුන්නාන්සේලා අපිත් එක්ක මේ ක්ෂේත්‍රයේ ඉදගෙන අපිත් එක්ක බද් වෙලා මේක සාර්ථක කරන්න ඕනේ. මම ඒ ඉල්ලීම තමුන්නාන්සේලාගෙන් කරනවා. මොකද ඇත්ත වශයෙන්ම මේ අම්පාර දිස්ත්‍රික්කයේ අපගේ දයා ගමගේ මැතිතුමාගේ නායකත්වයෙන් මට විශ්වාසයි අපිට ඒ අවශ්‍ය ඉඩම් ටික ලැබෙයි කියලා. ඉඩම් ටික ලබා දුන්නොත් මම තමුන්නාන්සේලාට ප්‍රතිඥාවක් දෙනවා අපේ රබර් දෙපාර්තමේන්තුවත් මගේ අමාත්‍යාංශයත් එකතුවෙලා ඒ අවශ්‍ය රබර් පැළ ටික ලබාදීලා තමුන්නාන්සේලාගේ ඒ ජීවන තත්ත්වය මීට වඩා ඉහළ නංවන්න මා කටයුතු කරනවා කියලා. මොකද ඒක කළ යුතුයි. ඒක කරන්න පුළුවන්. අපගේ අම්පාර ජනතාව හොඳ ශක්තිමත් ජනතාවක්. ඔවුන්ව තවත් ශක්තිමත් කිරීමට මාගේ පියා දිංවගත ගරු ගාමිණි දිසානාක මගේ අප්පච්චි ඒ දවස්වල කටයුතු කළා. එහෙමනම් පුතා හැටියට මමත් ඒ වැඩ කොටස කළ යුතුයි කියන විශ්වාසයේ මම ඉන්නවා.

දේශපාලනය කියන්නෙ තමුන්නාන්සේලාගෙ කැමැත්ත. තමුන්නාන්සේලාගෙ රුචි අරුචිකම් මත තමයි දේශපාලනය කරන්නෙ. තමුන්නාන්සේලාට හදවතක් තියෙනවා පපුවක් තියෙනවා මනසක් තියෙනවා. මේවට තට්ටු කරලා තමුන්නාන්සේලා තේරුම් ගන්න තීරණ ගන්න. එමනිසා අපිත් එක්ක එකතු වෙන්න. ඔය පටු දේශපානය අවශ්‍ය නෑ. තමුන්නාන්සේලාගේ දේශපාලනය අලියට වේවා, පොදුන එක්සත් පෙරමුණට වේවා, පොහොට්ටුවට වේවා මම දන්නේ නැහැ. ඒක ඒ මැතිවරණ කාලෙට කරන්න. නමුත් මේ අපි කරන ඉතාමත් පිරිසිදු, පවිත්‍ර ක්‍රියාවට තමුන්නාන්සේලා එකතු වෙන්න කියලා මා ඉල්ලීමක් කරනවා.

අපි අද දින අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය අනුස්මරණය කර අවස්ථාවේ අපි විශේෂයෙන්ම මතක් කරනවා, විශාල සටක් දීලා තමයි අපි ඒ වෙනස ඇති කළේ. මේ රටේ දූෂණයට, පවුල් වාදයට, හොරකමට, නාස්තියට තිතක් තියන්න තමයි අපි සටන දියත් කළේ. ඒ සටනේ දී විශාල සෙන්පතියෙක් වුණා අපගේ දයා ගමගේ මැතිතුමා. මම හරිම ආදරේ කරන චරියක් තමයි එතුමා. මොකද ඉතාමත් පොඩි තැනක ඉදලා පටන්ගෙන තමයි අද එතුමා ඇමතිකම් දරන්නේ. එතුමා ඉතාමත්ම සාර්ථක දේශීය නිෂ්පාදයෙක්. එතුමා භූමි පුත්‍රයෙක්. එතුමා අපගේ පොළවෙන් ඉපදුන පුත්‍රයෙක්. පිටරට සම්බන්ධකම් එතුමට නෑ. එතුමා සියලු අධ්‍යාපනය ලැබුවේ ලංකාවෙන්. එහෙමනම් එතුමාගේ ශක්තිය, එතුමාගේ මොළය, එතුමාගේ තිබෙන සහජ හැකියාව එතුමා ජනතා සේවයට ලබා දෙනවා.

අද ඇමරිකාවෙ වෙළඳ ව්‍යාපාරිකයෙක් ලෝක නායකයෙක් ජනාධිපතිවරයෙක්  වෙලා තියෙනවා. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්.ලංකාවෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්න පුළුවන් දයා ගමගේ  මහත්තයට. මං දන්නෙ නෑ. අපි එහෙ ප්‍රාර්ථනා කරනවා. එතුමා අම්පාරෙ පුත්‍රයෙක්. එතුමා දේශපාලන තලයේ මේ යන මඟ ගැන මම ඉතාමත් සතුටු වෙනවා.

විශේෂයෙන් මාගේ අමාත්‍යාංශය හරහා තේ කර්මාන්තය හරහා ඒ වගේම රබර්, පොල් කර්මාන්ත හරහා දියත් කිරීමට ඉතාමත් ඉහළ විදේශ විනිමයක් ලබා ගැනීමට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා විශේෂයෙන්ම තේ ක්ෂේත්‍රයේ තිබුණ නාස්තිය දූෂණය නැති කිරීමට මා කටයුතු කරලා තිබෙනවා. මම දන්නවා ඒ තේ මණ්ඩලයේ යම් කිසි දූෂණ සිදු වුණා. නමුත් අපි දැන් ගොඩක් දුරට ඒවා නැති කරලා තිබෙන්නෙ. එම නිසා අපිට කතා කරන්න පුළුවන්

විශේෂයෙන්ම අපගේ රබර් දෙපාර්තමේන්තුවේ සභාපතිතුමා මෙම පරිශ්‍රමයට විශාල වෙහෙසක් දැරුවා. එතුමාට හද පතුලෙන්ම මම ස්තූති කරන්න කැමතියි එතුමා ඇතුළු එම රබර් දෙපාර්තමේන්තුවේ සේවය කරන අපගේ මහත්ම මහත්මීන්ට. මේ රටේ තිබෙන පැරණිම දෙපාර්තමේන්තුව තමයි රබර් දෙපාර්තමේන්තුව. සුද්දාගේ කා‍ලේ ඉදලා 1934 ඉදලා තියෙන දෙපාර්තමේන්තුයක්. එමනිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ රබර් දෙපාර්තමේන්තුව හරහා මේ ප්‍රදේශයේ ජනතාවට මීට වඩා සේවයක් කරන්න. ඉතින් මට විශ්වාසයක් තියෙනවා මේ රබර් ක්ෂේත්‍රය හරහා මේ අම්පාරේ ජනතාවට තමුන්නාන්සේලාට අපිට දීර්ඝකාලීන සැලසුම් ඔස්සේ මීට වඩා විශාල සේවයක් කරන්න පුළුවන් කියලා.

විශේෂයෙන්ම අපගේ දයා ගමගේ මැතිතුමාට අද දින මෙතනට පැමිණීම සම්බන්ධව මම එතුමට දුරකතනයෙන් කිවුවේ, ඇමතිතුමා මම එනවා, එතකොට එතුමාම කිවුවා මමත් එනවා කියලා. එහෙමයි අපි දෙපළ අද එකට මෙතනට ආවේ. ඉතින් එතුමාට විශාල කැපවීමත්, පදනමක් තියෙනවා මෙම වැඩ කටයුත්ත සාර්ථකව කරගන්න අපිට සහයෝගය ලබා දෙන්න. මම හිතන්නේ ඒක එතුමා අනිවාර්යෙන්ම කරයි. ඒ වගේම මේ අම්පාරේ ඉන්න දයාබර අපගේ අම්මලා, තාත්තලාට සහෝදර සහෝදරියන්ට මාගේ සුභ ප්‍රාර්ථනා කරමින් රබර් ක්ෂේත්‍රය හරහා තමුන්නාන්සේලාට සුභ අනාගතයකට මම සුභ පතනවා.

මේ අවස්ථාව සහා අමාත්‍ය දයා ගමගේ , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්, රබර් පරියේෂණ ආයනතයේ සභාපති, තුරු සවියේ සභාපති, අමාත්‍යාංශ උපදේශක පරණවිතාන  ඇතුළු  පිරිසක් සහභාගී වී සිටියහ.

DSC_4189  DSC_3644

     

Leave A Reply

Your email address will not be published.