පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.
අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුවකට අදාළව පුස්සැල්ලාව පොලීසිය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
30 හැවිරිදි මෙම සැකකරු සිරමැදිරිය තුළ රඳවා සිටියදී රාත්රීයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා විය.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පුස්සැල්ලාව, වහුගපිටිය රෝහලේ තබා ඇති අතර මහේස්ත්රාත් මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.