මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව සහ අධ්‍යාපන ක්ෂේත්රයේ තවත් ගැටළු කිහිපයකට විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් අලුත් අවුරුදු උදාවේ ප්‍රධාන චාරිත්‍ර යෙදී ඇති 14 (හෙට) කොළඹදී උද්ඝෝෂණයක් සිදු කරන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි ඒ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මේ බව කියා සිටියේ ය.
විශ්ව විද්‍යාල සිසුන් මේ වනවිටත් ස්ථාන හයකදී අට්ටාල ඉදිකර ගෙන සත්යග්රහයන්හි යෙදී සිටින බවත් එම සත්යග්රහයන්ද 14 වැනිදාත් අඛණ්ඩව සිදු කෙරන බව ද ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසුවේ ය.