රනිල් කටවහගෙන ඉන්න කිව්වාම කට වහන් අකුලගෙන ඉන්න, එජප යේ පසු පෙළින් කැරලි ගහනවා කියන එකම රටට විහිලුවක්. මේ හදන්නේ කැබිනට් සංශෝධනයට පෙර ජනපති මෛත්‍රී ව බය කරගන්න. ජනපති මෛත්‍රීට දැන් තේරෙනවා ඇති කර ගනිපු මෝඩකම. මේ එජපයේ පසු පෙල ගහනවා කියන කැරැල්ල රනිල් ගේම නාට්‍ය යේ ම පිටපතක් බව දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් පැවසුහ.
පසුගිය දින මාධ්‍ය හමුවේ විශේෂ ප්‍ර කාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක් වු උන් වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළේය.
”යා දෙක නොරථ රථ ආණ්ඩුවක් මේක. මේක ගැලපෙන්නේ නෑ. අපි දන්නවානේ එජපයේ පසු පෙල ගැන දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න එජපයේ පසු පෙළ අද කතා කරනවා කැරලි ගහන්න. මොන විහිලු ද මේ. එදා වගේම මේ අය අද කරන්නෙත් රනිල් කියන එක. රනිල් වයින් කරාම මේ පසුපෙල අය කෑගහනවා, කැරකෙනවා, උඩ පනිනවා. මේක තමයි නාට්‍යය.
අපිට මේ කැබිනට් සංශෝධනය කරත් එකයි නැතත් එකයි. අපි මේ ආණ්ඩුව පෙරලන්න කටයුතු කරනවා. අපිට මේ ජනාධිපතිවරයා ගැන දුකයි. එතුමා අන්ඩුවෙන් ගියේ දුෂණය, භීෂණය, කුඩු වැඩියි කියලා. අද කොහොම ද? අහෝ මෛත්‍රී නොදුටු මොක්පුර.
අද රට කෙලොම්බියාව වගේ. පවුල පිටින් එලියට බහින්න බෑ. වෙඩි තියනවා. කුඩු මුදලාලි ලා පොලිසියට වෙඩි තියනවා. තැන තැන මිනිස්සු මරණවා. රටේ ආරක්ෂාව බින්දුවට බැහැලා. එදා හිටපු අගමැතිතුමාට කිව්වේ කුඩු ගැන. අද තත්වය දුෂණය, භීෂණය ඉහවහා ගිහිල්ලා. දැන් ජනාධිපතිවරයා හිතනවා නම් ඔහු ඒවාට විරුද්ධයි කියලා. එදා ගත්තා වගේ තීන්දුවක් ගන්න දැන් හොදටම කාරණා තියනවා. දැන් ඒ තීන්දුව ගත යුතුයි. එහෙම නැතිව මේ රනිල්ගේ එජප පසු පෙළ නාට්‍ය වලට රැවටුනොත් මෙදා සැරෙත් ඉවරයි”. යනුවෙන් පැවැසුහ.
සුනෙත් ගාල්ලගේ- ගාල්ල