යාපනය පලාලි පාරේ පදිංචි කුලේන්ද්‍රන් රාජා දේශීය වශයෙන් දන්ත ශල්‍ය උපකරණ නිපදවන අයෙකි .
ඔහුගේ නවතම නිර්මාණය වන දන්ත ශල්‍ය පුටු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න වෙත හදුන්වාදීම යාපනය තෙලිප්පලේ පිළිකා රෝහලේ දී පසුගියදා සිදු කෙරිනි.
Tissomed Technologies නම් ආයතනයේ හිමිකරුවන කුලේන්ද්‍රන් රාජා දේශියව නිෂ්පාදනය කරන ලද මෙම දන්ත පුටුව අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට එම උපකරණ මිලදී ගැනීමට ඇති හැකියාව පිළිබද සොයා බලන මෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලදි.
මෙම දන්ත පුටුව නිෂ්පාදනය කිරීමට වැය කළ මුදල රුපියල් ලක්ෂ 5.5 කි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර එක්ව සිටියහ.