ඇහැලියගොඩ පොලිස් වසමේ ඇහැලියගොඩ මැදිකැලේ මාර්ගයේ නුගහේන ප්රදේශයේදී මාර්ගය අයිනේ ගමන්කළ පුද්ගලයෙකු මාර්ගයේ ධාවනයවූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරෙන් වයස අවුරුදු 36ක් වූ මැදිකැලේ ජනපදයේ පදිංචි රුවන් මල්ලවආරච්චි යන අය මියගොස් ඇති බව වාර්ථා වේ.
ජිනවංශ රාමනායක – ඇහැලියගොඩ LNC වාර්ථාකරු