topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එජාප, ශී‍්‍රලනිප පක්‍ෂ පාක්‍ෂිකයින්ට බොන්න දීලා, පාරේ බජව් දාලා මැයි දිනයට අපහාස කරනවා.-ජ.වි.පෙන් මැයි රැළිදෙකක්.

04-v

එජාප, ශී‍්‍රලනිප පක්‍ෂ පාක්‍ෂිකයින්ට බොන්න දීලා, පාරේ බජව් දාලා මැයි දිනයට අපහාස කරනවා යයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  පැවසුවේය.ඔහු මෙසේ කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති  මාධ්‍ය හමුවක්  අමතමිනි.මෙහෙදී  වැඩි  දුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා

“මෙවර මැයි දිනය වැඩකරන ජනතාවටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඉතා වැදගත් මැයි දිනයක්. මේ වනවිට ආණ්ඩුවත් සමාජයත් ආර්ථික, සංස්කෘතික, සමාජයීය බරපතළ අර්බුදයක් හමුවේ තිබෙන අවස්ථාවක්. ඒ නිසාම ජනතාවටත් රටටත් වෙනසක් අවශ්‍ය මොහොතක්. පාලනයේ කිසියම් වෙනසක් ඕන අවස්ථාවක්. ඒ වෙනුවෙන් ජනතා බලවේග බලමුළු ගැන්වීමේ අරමුණින් තමයි මෙවර ජනතා විමුක්ති පෙරමුණ මැයි රැුලිය සංවිධානය කොට තිබෙන්නේ. මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් මැයි දින රැලි දෙකක් සංවිධානය කරනවා. එකක් සුපුරුදු පරිදි කොළඹදී පවත්වන අතර උතුරේ ජනතාව සම්බන්ධ කර ගනිමින් යාපනයේදී මැයි දින රැලියක් පවත්වනවා. කොළඹදී පවත්වන මැයි රැලිය ‘‘ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය” යන තේමාවෙන් යුතුව බී.ආර්.සී. පිටියේදී පවත්වනවා. පෙළපාලිය දෙහිවල එස්. ද .එස්. ජයසිංහ කී‍්‍රඩාංගණයෙන් දහවල් 12.00ට පමණ ආරම්භ කරනවා. අපේ‍්‍රල් 30වැනිදා යාපනයේ මුට‍්‍රවේලි පිටියේදී මැයි රැලියක් පවත්වන අතර එහි තේමාව ”ජාතික සමගිය වෙනුවෙන් සමාජවාදය” යන්නයි. පෙළපාලිය යාපනය දුම්රියපොළ අසලින් ආරම්භ කරන අතර ගොවි සංවිධන, ධීවර සංවිධාන විශ්විද්‍යාල ආචාර්යවරුන් කලාකරුවන් ඇතුළු සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් එය පවත්වනු ලබනවා.
අද ප‍්‍රධාන ගැටලූවක් බවට පත්වෙලා තිබෙන්නේ, ජාත්‍යන්තර කම්කරු දිනයේ අරමුණු විකෘති කරලා ඇතැම් දේශපාලන පක්‍ෂ තමන්ගේ දේශපාලන අරමුණුවලට, ඡන්ද ව්‍යාපෘතිවලට යොදාගෙන තිබීමයි. එම පක්‍ෂ විසින් සිදුකරන්නේ මැයි දිනය විකෘතියක් බවට පත්කිරීමයි. එය වැඩ කරන ජනතාවට කරන අපහාසයක්. වැඩකරන ජනතාව පීඩාවට පත්කරන පක්‍ෂම මැයි දිනය බජව් දාන දිනයක් බවට පත්කරගෙන. එජාපය, ශී‍්‍රලනිපය, මැයි දිනය දවසේ තමන්ගේ පාක්‍ෂිකයින්ට බොන්න දීලා, පාර දිගේ බජව් දාන දිනයක් බවට මැයි දිනය පත්කරගෙන. එජාපය කොළ පාට ඇඳගෙන, ශී‍්‍රලනිපය නිල් පාට ඇඳගෙන පාර දිගේ නටමින් ඇමතිවරුන්ගේත්, ආසන සංවිධායකයින්ගේ නම් ගහ ගත්ත ටීෂර්ට් ඇඳලා, තොප්පි දාලා මැයි දිනය විකෘති කරනවා. මැයි දිනයේ වැඩකරන ජනතාවගේ සංකේත ප‍්‍රදර්ශනය කළ යුතුයි. වැඩ කරන ජනතාව නියෝජනය කරපු නායකයින් නියෝජනය විය යුතුයි. අපි පීඩිත ජනතාවගෙන් ඉල්ලනවා, මැයි දිනයේ අර්ථය විකෘති කරන්න, එයට අපහාස කරන්න දායක වෙන්න එපා කියලා.
මැයි දිනය කියන්නේ තවත් එක් දිනයක් නොවේ. පෙම්වතුන්ගේ දිනය පක්‍ෂ භේදයකින් තොරව සමරන්න පුළුවන්. මව්වරුන්ගේ දිනය පක්‍ෂ භේදයකින් තොරව සමරන්න පුළුවන්. නමුත් මැයි දිනය හැමෝටම අයිති නැහැ. එහි අයිතිය තිබෙන්නේ වැඩකරන ජනතාවටත් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන පක්‍ෂවලටත් සංවිධානවලටත් පමණයි. මේ මැයි දිනය නිර්මාණය වුණේ 1880 ගණන්වල ධනේශ්වර ක‍්‍රමයේ වර්ධනයත් සමග කම්කරුවන් සූරාකෑමට එරෙහිව පැන නැගුණු විරෝධතා, උද්ඝෝෂණ නිසයි. ෆැක්ටරිවල පැය 12,14 වැඩ කරන්න ඔවුන්ට සිදුවුණා. ජීවිතය ගත කරන්න කාලයක් ඉතුරු වුණේ නැහැ. ඊට එරෙහිව කම්කරුවන් පාරට බැහැලා උද්ඝෝෂණය කරලා පැය අටේ වැඩ දිනය දිනාගන්න සටන් කළා. 1886 මැයි පළවැනිදා 40,000ක් පමණ කම්කරුවන් පාරට බැහැලා පෙළපාලි ගියා. පොලීසිය ඒ කම්කරුවන්ට පහර දුන්නා. කම්කරුවන් 9කට ආසන්න පිරිසක් මැරුවා. තවත් පිරිසක් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා දාලා නඩු කියලා එල්ලලා මැරුවා. පැය 8 වැඩ දිනය වෙනුවෙන් ලේ හලපු කම්කරු නායකයන් සිහි කරන්න තමයි මැයි පළවෙනිදා දිනය සමරන්නේ. මැයි දිනයේ පාට රතු පාටයි. 1886 මැයි පළවැනිදා කම්කරුවන් පාරට බැස්සේ සාමයේ සංකේතය වුණු සුදු කොඩිය සමඟයි. පොලීසිය කම්කරුවන්ට වෙඩි තියලා කම්කරුවන්ගේ ලේවලින් සුදු කොඩි රතුපාට වුණා. මැයි දිනයේ පාට වැඩ කරන ජනතාවගේ රුධිරයේ පාටයි. ඒක රනිල්ලා කොළ පාට කරනවා. මහින්දලා, මෛතී‍්‍රලා නිල්පාට කරන්න හදනවා.
සමහරු කියනවා මැයි දිනය දේශපාලන පක්‍ෂවලට අයිති නැහැ කියලා. ඒක සම්පූර්ණ ඇත්තක් නෙවෙයි. මැයි දිනය සමරන්න ධනපති පක්‍ෂවලට අයිතියක් නැහැ. නමුත් වමේ ව්‍යාපාරවලට අයිතියක් තිබෙනවා. ලෝකයේ කොමියුනිස්ට් පක්‍ෂ තමයි මැයි දිනය නම් කරන්න පෙරමුණ ගත්තේ. 1889දී ලොව පුරා කොමියුනිස්ට් පක්‍ෂවල දෙවන ජාත්‍යන්තරය තමයි තීන්දුවක් ගත්තේ. 1890 සිටයි මැයි දිනය සමරන්නේ. ඒ නිසා ඒක කොහෙත්ම ධනපති පංතියට අයිති දිනයක් නොවෙයි.
අද යූ.එන්.පී.එක මැයි දිනය සමරන්න කතා කරනවා. ශී‍්‍රලනිපය දෙකට බෙදිලා තැන් දෙකක මැයි දිනය සමරන්න කතා කරනවා. කොළපාට ඇඳගෙන එන්න කියනවා. නිල් පාට ඇඳගෙන එන්න කියනවා. වැඩ කරන ජනතාවගේ අයිතිය උදුරාගන්න පක්‍ෂම මැයි දිනය සමරන්න කතා කරනවා. මෑත කාලයේදී රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප කප්පාදු කපන්න අහෝසි කරන්න උත්සාහ කරන ආණ්ඩුව කොහොමද මැයි දිනය සමරන්නේ. මේ රටේ හැට ලක්‍ෂයක් පමණ නියෝජනය කරන පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ඊ.පී.එෆ් අරමුදලින් සූදු කෙළපු පහුගිය ආණ්ඩුවත් බැඳුම්කර හොරකමට යොදාගත්ත වර්තමාන ආණ්ඩුවත් කම්කරු දිනය සමරන්නේ කොහොමද? වතුකරයේ ජනතාව තමන්ගේ දෛනික වැටුප රු. 1,000/-ක් කරන්න සටන් කරන විට ඒ ගැන කිසිදු අවධානයක් යොමු නොකරන ආණ්ඩුව කම්කරු දිනය ගැන කතා කරන්නේ කොහොමද? වැඩකරන ජනතාව තමන්ගේ අයිතිීන් ඉල්ලලා උද්ඝෝෂණය කරනකොට ඒවාට පහර දීලා, මර්දනය කරනවා. සේවකයින් ආයතනවලින් එළියට දානවා. එහෙම ආණ්ඩුවකට මැයි දිනය සමරන්න ලැජ්ජ නැද්ද? යූ.ඇන්.පී.ය, ශී‍්‍රලනිපය මැයි දිනය සමරනවා කියන්නේ ලැජ්ජ නැති වැඩක්.
පහුගිය කාලයේ මේ ආණ්ඩුවේ කටයුතු නිසා ජනතාවගේ උද්ඝෝෂණ වැඩි වුණා. උද්ඝෝෂණ කරන හේතුවලට විසඳුම් දෙනවා වෙනුවට ආණ්ඩුව උද්ඝෝෂණ මර්දනය කරන්න නීති හදන්න උත්සාහ කරනවා. උද්ඝෝෂණය කරන්න දිනයක් දීලා ස්ථාන කිහිපයක් නම් කරන්න හදනවා. මෙම උද්ඝෝෂණවලට මුහුණ දෙන්න අපහසු නිසයි ආණ්ඩුව උද්ඝෝෂණ වළක්වන්න උපක‍්‍රම තෝරන්නේ. වැඩ කරන ජනතාවට උද්ඝෝෂණය කිරීමේ අයිතිය අහිමි කරන ආණ්ඩුව මැයි දිනය සමරන්න උත්සාහ කිරීම කණගාටුවට කරුණක්. මැයිදිනය කියන්නේ අරක්කු බීල පාරේ බජව් දාන දිනයක් නෙවෙයි. ඒ පක්‍ෂවලින් මැයි දිනය බේරාගන්න ඕනෑ. මැයි දිනයේ අරමුණු විකෘති කරන් දරන උත්සාහය පරාජයට පත්කරන්න ඕනෑ.
මේ මැයි දිනය ජනතා විමුක්ති පෙරමුණටත් මේ රටේ ජනතාවටත් විශේෂයි. මේ වෙලාවේ රට තුළ සමාජ ආර්ථික, දේශපාලන අර්බුදයක් තිබෙනවා. මේ ආණ්ඩුවට කිසිදු ජන කණ්ඩායමක අයිතීන් සුරක්‍ෂිත කරන්න බැරිවෙලා තිබෙනවා. රටට ආදායම් ලැබෙන නිෂ්පාදන මාර්ග කඩා වැටිලා. ඉස්කෝලේ යන කාලේ උගන්වපු විදිහට තේ පොල් රබර්වලින් ආදායම ලැබෙන්නේ නැහැ. ආදායම අඩු වෙලා රටේ වියදම් වැඩිවෙලා තිබෙනවා. පරම්පරා ගාණකදී ගෙවන්න බැරි තරමට ණය අරගෙන තිබෙනවා. මීතොටමුල්ලේ කුණු කන්දට වඩා ණය කන්ද ලොකුයි. මීතොටමුල්ේල් කුණු කන්ද කඩා වැටුණේ, මීතොටමුල්ලේ ජනතාව මතයි. ණය කන්ද තිබෙන්නේ කෝටි දෙකක් ජනතාවගේ හිස මතයි. මීතොටමුල්ල කුණු කන්ද ගොඩගහපු අයමයි ණය කන්දත් ගොඩගහලා තිබෙන්නේ. කුණු කන්දටත් ණය කන්දටත් වගකියන්න වෙලා තිබෙන්නේ මේ රටේ ජනතාවටයි. මේ ණය කන්දෙන් බේරෙන්න ආණ්ඩුව කරන්න යන්නේ හම්බන්තොට වරාය විකුණන එකයි. ඉඩම් අක්කර 15,000ක් විදෙස් සමාගම්වලට දෙන එකයි. ඉතා වටිනා ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට විකුණන එකයි. මිනිරන් පතල් ටික විකුණන එකයි. මේ බංකොලොත් ආර්ථිකයට තවදුරටත් මේ විදියට ඉදිරියට යන්න බැහැ.
අපේ රටට විකල්ප ආර්ථික ක‍්‍රමයක් හදන්න ඕන. ඒ වෙනුවෙන් අලූත් ආණ්ඩුවක් බිහිකරන්න ඕනැ. මේ ආණ්ඩුව අපේ රටේ මුදල් නාස්ති කරනවා. ඇමතිවරුන්ගේ වාහනවලට, ගොඩනැගිලිවලට උත්සවලට නාස්ති කරනවා. ඒ නිසා මේ ක‍්‍රමයට වඩා රටට හොඳ ආර්ථික ක‍්‍රමයක් හදන්න ඕන. ඒ නිසා තමයි අපි අපේ තේමාව තෝරා ගත්තේ. ආර්ථික සංවර්ධනයක් නැති රටට ආර්ථික සංවර්ධනයක් හදන්න ඕන. සමාජ සාධාරණත්වයක් නැති අපේ රටට සමාජ සාධාරණත්වය ගේන්න ඕන. ඒ වගේම ජාතික සමගිය හදන්න ඕන. ඒ වෙනුවෙන් බලවේග සූදානම් කරන්න ඕන. ජන බලයක් ගොඩනගන්න ඕන.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දිනය කියන්නේ බීලා නටන පාරේ බජව් දාන ආසන සංවිධායකයින්ගේ ෆොටෝ ගහගෙන යන මැයි දිනයක් නෙවෙයි. අපේ රටේ මැයි දින රැුලි අතර අලංකාරම විනයගරුකම සංවිධානත්මකම මැයි දිනය සමරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මෙවර අපි ඒ අයුරින්ම දැවැන්ත මැයි දින රැුලියක් පවත්වනවා. මෙතෙක් මැයි දිනයකට සහභාගි නොවූ දැවැන්ත ජනතාවක් සමග අපි මැයි දිනය සමරනවා. වෘත්තීය සමිති ක්‍ෂේත‍්‍රය නියෝජනය කරමින් රාජ්‍ය, පෞද්ගලික සහ වතු වෘත්තීය සමිතිද අපේ රටේ ගොවි ජනතාව නියෝජනය කරන විශාලතම ගොවිජන සංවිධානයද, ධීවර ජනතාව, තරුණ ව්‍යාපාර, කාන්තා සහ ශිෂ්‍යයන් යන සියලූ බලවේග එකතු කරගෙන මැයි රැුලිය පවත්වනවා. ඒ වගේම මෙවර ජාත්‍යන්තර කොමියුනිස්ට් සංවිධානවලට නියෝජිතයින් වැඩි පිරිසක් ජවිපෙ මැයි රැුලියට එකතු වෙනවා. කියුබාවේ කොමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින්, ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂවල නියෝජිතයින්, එක්සත් රාජධානියේ කොමියුනිස්ට් ව්‍යාපාරවල නියෝජිතයින් සහ යුරෝපා රටවල් ගණනාවක වමේ ව්‍යාපාරවල නියෝජිතයින් මෙවර මැයි දිනයට සහභාගි වෙනවා. ඒ වගේම මෙවර මැයි පෙළපාළියේ වෙනස් හැඩයකින් පවත්වන්න අපි කටයුතු සූදානම් කරලා තිබෙනවා.
අපි විවෘත ආරාධනාවක් කරනවා පීඩිත ජනතාවට, තරුණයන්ට, කාන්තාවන්ට, ශිෂ්‍යයන්ට, කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට අසාධාරණයට එරෙහිව සටන් කරන සියලූ දෙනාට දෙහිවලට, බී. ආර්.සී. පිටියට එන්න කියලා. මේ රට වෙනස් කරන බලවේගය සමග එකතු වෙන්න කියලා ඔවුන්ට ආරාධනා කරනවා.
වෙනදා වගේම මැයි දිනය ළං වෙනකොට ආණ්ඩුවේ පක්‍ෂ වෙන වෙන සංවාද හදන්න උත්සාහ කරනවා. මැයි දිනයේ අරමුණ පැත්තකට දාලා තමන්ගේ බලය තහවරු කර ගැනීම වෙනුවෙන් ජනතාවගේ අවධානය තමන් වෙතට යොමුකරගන්න හදනවා. ඒ නිසා මැයි දිනයේ ඇත්ත අරමුණු වෙත ජනතාවගේ අවධානය යොමුකළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ලංකාවේත් ලෝකයේත් සෙසු රටවල වැඩ කරන ජනතාව සමඟ එක්වී මැයි දිනය සමරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
මේ ආණ්ඩුවට ජනතාවගේ ගැටලූ විසඳන්න බැහැ. ඒ නිසා ජනතාව උද්ඝෝෂණය කරන ඒකට මුහුණ දෙන්න බැරිනිසා උද්ඝෝෂණ මර්දනය කරන තමයි නීති හදලා, උද්ඝෝෂණය කරන්න දිනයක් තැනක් වෙන් කරලා මුල්ලකට තල්ලූ කරන්න හදන්නේ. එක්සත් ජාතික පක්‍ෂය අර්බුදයට ගියාම ඒකෙන් ගැලවෙන්න සරත් ෆොන්සේකා වගේ අයත් යොදා ගන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා, අතීසාරයට අමුඩ ගහන්න එන්න එපා කියලා. උද්ඝෝෂණ නවත්වන්න උත්සාහ කළොත් එකෙන් සිදුවෙන්නේ උද්ඝෝෂණ අයිතිය නැති කළා කියලා තවත් උද්ඝෝෂණයක් ඇතිවෙන එක විතරයි. ආණ්්ඩුවේ මර්දනය හමුවේ උද්ඝෝෂණ අකුළන්න ජනතාවත් ජනතා විමුක්ති පෙරමුණවත් සූදානම් නැහැ. 1977 එජාපය බලයට ආපු වෙලාවේ ජනතාව උද්ඝෝෂණය කරන තැන්වලට තමන්ගේ පාක්‍ෂිකයින් නගර සභා සේවකයින් වගේ අන්දලා පාරේ වැඩ කරන විදිහට ආයුද දීලා උද්ඝෝෂකයින්ට පහර දෙන්න සැලැස්වුවා. ඒ ජාතියේ දේවල් කරන්න මේ ආණ්ඩුවට අයිතියකුත් නැහැ. ශක්තියකුත් නැහැ. මේ ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක්. ඒ වගේම මේ ආණ්ඩුව තමන්ගේ ජනවරම සිහිපත්කරගත යුතුයි. මේ ආණ්ඩුව ආවේ යහ පාලනය හදන්නයි. ඒ ආණ්ඩුව මේ විදිහට ජනතාව මර්දනය කරන්න ආවොත් ජනතාව පහුගිය ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවටත් පාඩමක් උගන්වාවි.
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටෙන්න කලින් තමයි අපි මැයි දින පෙළපාලිය පටන් ගත්ත පිට්ටනියත් රැලිය පවත්වපු පිට්ටනියත් සුද්ද කළේ. තිස්ස ප‍්‍රාදේශීය සභාව පාලනය කරපු කාලේ කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ගොවියන්ට අඩු මිලට කාබනික පොහොර දුන්නා. ඒ වගේ ව්‍යාපෘති රටටම හොඳයි. නමුත් ඒ වැඬේ කරන්න රටේ බලය අපිට දෙන්න ඕන. වෙන අය ආණ්ඩුවේ ඉද්දී අපිට කුණු ඉවත් කරන්න බැහැ. මොකද, අපිට ඉවත් කරන්න වෙන්නේ ආණ්ඩුවේ කුණු. විපතක් වෙලා තිබෙන කසළ සම්පතක් බවට පත්කරගන්න පුළුවන්. මේ ප‍්‍රශ්නය වෙනුවෙන් අපිත් මැදිහත් වෙන්න ඕන තමයි. නමුත් ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැතිව ඒක කරන්න බැහැ. ආණ්ඩුව කරන්නේ එක තැනක කුණු තව තැනකට දාලා ප‍්‍රශ්නයෙන් ගැලවෙන්නයි. ජනතාව කැමැති වුණත් අකැමති වුණත් යථාර්ථය මේක තමයි. නමුත් ජනතාව තීරණය කරන්න ඕනෑ කුණුත් එක්ක ජීවත් වෙනවද, නැත්නම් කුණුයි කුණුවෙච්චි ආණ්ඩුවයි ඉවත් කරනවාද කියලා ”  යයි පැවසීය.
මෙම  අවස්ථාවට  පාර්ලිමේන්තු  මන්ත්‍රී  විජිත හේරත්ද  එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.