ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට දින(25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ජනාධිපති නිල නිවසේදීයි.
LNC කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම සාකච්ඡාව සඳහා වන ආරාධනය සිදු කළ බවයි.
මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්තී‍්‍රවරුන්ටද ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් රැසකට මෙම සාකච්ඡාව සඳහා මෙතෙක් ආරාධනා ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර සඳහන් කළා.
ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අතර හෙට (25) පැවැත්වෙන සාකච්ඡාවේදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සිදුකරන පා ගමන පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.