ත්‍රීකුණාමලය, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල කිසිඳු හමුදා කඳවුරු අඩු කිරීමක් සිදුව නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නැගෙනහිර ප්‍රදේශයෙන් හමුදා කඳවුරු ඉවත් කර ඇති බවට පුවත් පතක් පළ කර තිබූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවය.
රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් මනා සහ ක්‍රමවත් ක්‍රියාන්විත සැලැස්මකට අනුව එම බල ප්‍රදේශවල කඳවුරු ස්ථාන ගත කොට ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් සහ බලපෑම් ඇති නොවන අයුරින් ස්ථාපිත කඳවුරුවලින් යොදවනු ලැබු ස්ථානීය ,මුරයන් නව ආරක්ෂිත සැලසුමකට අනුව ක්‍රියාත්මක වන බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.
වගකීමකින් තොරව පළ වන අසත්‍ය පුවත් වාර්තාවලින් නොමග නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.