topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කසළ කළමණාකරණය අත්‍යාවශ්‍ය සේවයක් බවට වහා පත්කළ යුතුයි.

2-2-01

කසළ කළමණාකරණය අත්‍යාවශ්‍ය සේවයක් බවට වහා පත්කළ යුතුයයි  මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පඨලී චම්පික රණවක  සඳහන් කර සිටියි  මීතොටමුල්ල කුණුකන්දේ ඛේදවාචකය සමග සමාජගත වෙමින් පවතින කැළි කසළ බැහැර කිරීම, කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ පසුගිය කාලසීමාව තුළදී මේ සම්බන්ධව සිදු කළා යැයි පැවසෙන තොරතුරු සම්බන්ධයෙන් නිවැරදි කරුණු සමාජගත කිරීමේ අරමුණින් පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය සාකච්ඡාව බත්තරමුල්ල සුහුරුපායේ 18 වන මහලේ පිහිටි අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එහිදී මාධ්‍ය හමුව අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘මීතොටමුල්ල විශාල ඛේදවාචකයක් බවට පත් වී ඇති මොහොතක දේශපාලන පාපන්දුවක් බවට පත් කරගනිමින්, දේශපාලන චරිත ඝාතන හා විවිධ මතවාද පැතිරවීම සඳහා මෙම සිදුවීම උපයෝගී කර ගැනීම ඉතාම කණගාටුවට කරුණක්. මේ පිළිබඳ සත්‍ය තත්වය ජනතාව නිවැරදි ලෙස දැනගත යුතුයි. නාගරික සංවර්ධන අධිකාරියේ තිබෙන සම්බන්ධතාවය සඳහන් කළහොත් වසර 2002 දී මේ ප‍්‍රදේශය හඳුනාගනු ලැබුවා. එම වගුරු බිම විධිමත්ව සංවර්ධනය කරලා ජල සංරක්‍ෂණ ප‍්‍රදේශයක් එක්ක නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් බවට පත් කරන්න රජය තීරණය කරනු ලැබුවා. ඒ අනුව නාගරික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ප‍්‍රකාශට පත් කරලා 2002 වසරේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා දුන්නා. නමුත් කොලොන්නාව නාගරික බල ප‍්‍රදේශයේත්, කොලොන්නාව ප‍්‍රාදේශීය සභාබල ප‍්‍රදේශයෙත් කසළ මෙම ස්ථානය බැහැර කිරීම දිගින් දිගටම සිද්ධ උනා. 2008 වර්ෂයේදී අක්කර 02 ක පමණ ප‍්‍රදේශයක පමණයි කුණු දැමීම සිදු වුණේ. නමුත් අදවන විට අක්කර 21 ක් දක්වා පැතිරිලා.
ඒ අනුව කසළ කළමණාකරණය විධිමත් කිරීම සඳහා මා පරිසර අමාත්‍යවරයාව සිටි කාලයේ පිළිසරු ව්‍යාපාරය හඳුන්වා දෙමින් මිලියන120 ක් වියදම් කරළා  කසල කළමණාකරණ මධ්‍යස්ථානයක් ඉඳිකරනු ලැබුවත් ඒ සඳහාත් විරෝධතා මතු උනා. 2009 වසරේ සිට කොළඹ නගර සභාවේත් කසළ එම ස්ථානයට බැහැර කිරීම ආරම්භ උන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අධිකරණ නියෝගයකට අනුව මාස 06 කට පමණක් තාවකාලිකව කසළ බැහැර කිරීමට අවසර ලබාදීමත් 2009 සිට ටොන් 600 බැගින් කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ කසල ඊට අමතරව කොලොන්නාව නගර සභාව හා ඇතැම් අවස්ථාවල කඩුවෙලනුත් මෙම ස්ථානයට කුණු රැගෙන ආවා. දැන් මෙතන වර්ග මිලියනයක පමණ කසළ තැන්පත් වී තිබෙනවා. එය කුණු කන්දක් සාමාන්‍යයෙන් මීටර් 30 සීමාවට වඩා ඉහළ ගොස් මීටර් 48.5 ක බවට පත් වී, 50%කටත් වඩා වැඩිපුර කසල ප‍්‍රමාණයක් බැහැර කිරීම හේතුවෙන් මේ ව්‍යසනයට අඩිතාලම වැටී තිබෙනවා. මේ අනතුර නාගරික සංවර්ධන අධිකාරිය කලින් හඳුනානොගත්තේ ඇයිදැයි විවිධ පිරිස් ප‍්‍රශ්න කරනවා. මේ අනුව නාගරික සංවර්ධන අධිකාරිය 2015 මැයි 20යොමු කර ඇති ලිපියෙන් කඩිනමින් ඉවත් කළ යුතු නිවාසලාභීන් 100දෙනෙකුගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවක් කොළඹ නගර සභාවට ලබා දුන්නා. එම අවස්ථාවේදී කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් අද මේ ඛේදවාචකය සිදු වී අපට නිවාස 98 ක් දෙන්න සිදුවෙලා තිබෙනවා. ඒ වගේම සැප්තැම්බර් මස 06 වන දිනත් මෙම නිවාස වාහාම ඉවත්කර ගන්නා ලෙස කොළඹ නගර සභාව දැනුම් දුන්නත් එය කෙසේ හෝ යටපත් වී මෙම අවාසාවන්ත සිදුවීම සිදුවුණා.

විධිමත් තාක්ෂණික අධ්‍යනයන්ගෙන් සහ අනුමැතීන්ගෙන් පසුව කරදියාන සහ මුතුරාජවෙල කැළි කසළ බැහැර කිරීමේ සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් පවතී. කොළඹ එකතුවන දෛනික කසළ එකතු කිරීමට සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට අදාල ගිවිසුම් දෙකක් සඳහා පෞද්ගලික ආයතන ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තා විධිමත් තාක්ෂණික අධ්‍යනයකින් පසුව ලබාගත් අනුමැතීන්ට යටත්ව කි‍්‍රයාත්මක කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේදී කටයුතු කළේ ය. මේ වන විට එම සමාගම් තම භූමි භාගයන් වෙන්කර ගනිමින් කසළ කළමණාකරණය සඳහා අවශ්‍ය්‍ය මූලික වැඩපිළිවෙල අවසන් කරමින් ඉදිකිරීම් ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. නාගරික සංවර්ධන අධිකාරිය සතු වපසරීන්ට අදාලව කළ හැකි සෑම කාර්යයක්ම නොපිරිහෙළා ඉටු කිරීමට කටයුතු කර ඇති බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් සිදු වූ ඛේදවාචකය දඩමීමා කරගනිමින් විවිධ පාර්ශවයන් වෙත චෝදනා එල්ල කරමින් ජනතාව මහපාරට ගෙන්වා නොගෙන එම ව්‍යසනයෙන් පීඩාවට පත්වූ ජනතාවට උදව් කිරීමට කටයුතු කරනවා නම් එය විශාල සේවයක් බවත් අතිගරු ජනාධිපතිතුමාගේ හා අග‍්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත නිවාස අහිමි 98 දෙනා වෙනුවෙන් නව නිවාස ලබාදීම අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට දිනයේ සිදුකිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත. අදාල විපතට පත් වූවන් හඳුනාගෙන නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් කොලොන්නාව නාගරික ලේකම් වෙත මේ වන විටත් දැනුම් දී ඇත. නාගරික සංවර්ධන අධිකාරිය සතු සාලමුල්ල මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට කටයුතු කරන අතර අනතුරු දායක කලාපයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් ඉදිරි මාස 06 ඇතුළත ඔවුන් ඉවත් කර එම අයටත් ස්ථිර නිවාස ලබාදීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ ය.

සමහර කියනවා අපි කසළ අරුවක්කාරුවට ගෙනියන්න හිටියේ කියලා. එය පටන් ගන්න කැබිනට් අනුමැතිය ලැබුණේ 2014අගෝස්තු මාසයේයි. එයට මුදල් වෙන් කළේ 2015 අයවැයටයි. එහි විද්‍යාත්මක කසල බහාලූමක් ඇති කිරීමයි එයින් කරන්න හැදුවේ. නැතුව අද හැදුවා හෙට කුණු දාන්න නොවෙයි එය කළේ. එම වැඩපිළිවෙළ පටන් ගැනීම හොඳයි. ස්තුති වන්ත වෙනවා. නමුත් ඒ පිළිබඳ අසත්‍ය ප‍්‍රකාශ කරන්න එපා. අපි ඒ ගැන ඉදිරියට ගෙන ගියා. එහිදී වනජීවි දෙපාර්තමේන්තු කිව්වා පුත්තලමේ කසල බහලූම ඇති කරන්න බැහැ කියා.  පසවු මධ්‍යම පරිසර අධිකාරිය අපිට දැන්නුවා එය කරන්න බැහැ කියා.  මම එයට එකඟ නොවුනත් පරිසර අධ්‍යයන පිළිගත්තා. මොකද මීතොටමුල්ලේ විනාශය බැලූ විට මෙහිදී ඉන් දහසකින් එකක් විතරයි වෙන්නේ. කොළඹ නගරයට හදිසි වුණාට ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුවයි අපිට එය කරන්න සිදු වෙන්නේ යැයි ද පැවසීය.

සමාජයේ කසල ප‍්‍රශ්නය පිළබඳව ඉතා සංවේදී විය යුතුයි. ඒ වගේම මේ කසළ තුළ ඇති කසඩ දේශපාලනය ඉවත් කළ යුතුයි. මේ රටට කසළ කළමණාකරණය සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාගැනීමට ඉඩ නොදුනහොත් ඉදිරියේදී මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දීමට අපට සිදු වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූහ.
මෙම අවස්ථාවට මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ,අතිරේක ලේකම් පී. සුරේෂ්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, කසළ කළමණාකරණ ව්‍යාපෘති තාක්ෂණ කමිටුවේ ප‍්‍රධානී ආචාර්ය මයික් ජයවීර,   ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

 

Leave A Reply

Your email address will not be published.