topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් 25 අතරට.

2

ලෝකයේ හොඳම වරායන් 25 අතරට පැමිණීමට කොළඹ වරාය සමත් වේ. ඒ ජාත්‍යන්තර ඇල්ෆාලයිනර් (Alphaliner) 2017 වර්ග කිරීමට අනුව වේ. එම වර්ගීකරණයට අනුව 2016 වර්ෂයේදී ලෝකයේ හොඳම වරායන් අතරින් කොළඹ වරායට 23වැනි ස්ථානය හිමිව තිබේ. 2015 වර්ෂයට සාපේක්ෂව එය ස්ථාන තුනකින් ඉදිරියට පැමිණීමකි. එනම් 2015 වර්ෂයේදී කොළඹ වරායට හිමිව තිබුණේ 26වැනි ස්ථානයයි.  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  පවසන්නේ කොළඹ වරාය පරිශ්‍රයේ ව්‍යාපාර සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම මෙම ජයග්‍ර‍හණයට හේතු වූ බවයි.

“ශ්‍රී ලංකා වරාය අධිකාරියට අමතරව පෞද්ගලික අංශත් කොළඹ වරායෙහි ව්‍යාපාරවල නියැලී සිටිනවා. මීට පෙර එම පාර්ශ්ව වෙන් වෙන්ව කටයුතු කිරීම මූලික ලක්ෂණ වුණා. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ කොළඹ වරායට පොදු ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වාදීමට අපට හැකිවුණා. ඒ වගේම කොළඹ වරාය පරිශ්‍ර‍ය තුළ ව්‍යාපාර කිරීමට සුදුසු පරිසරයක් අපි නිර්මාණය කළා. ඒ අනුව තම තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් සමස්තයක් ලෙස කොළඹ වරායේ සංවර්ධනය උදෙසා සියලුම පාර්ශ්ව යොමුකිරීමට අපට හැකි වී තිබෙනවා. ඊට අමතරව කොළඹ  වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිද මේ වන විට ක්‍රියාත්මක වනවා.  එම ව්‍යාපෘතිවල අනිවාර්යය ප්‍ර‍තිඵලයක් ලෙස සහ අනෙකුත් සාධනීය හේතු මත ඉදිරි වසර කිහිපයේදී කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් 20 අතරට පැමිණෙනු ඇතැයිද මම විශ්වාස කරනවා…..” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

ලොව බහළු මෙහෙයුම් සිදුකරන සියලුම වරායන් ඇල්ෆාලයින්ර් වර්ගීකරණයට ඇතුළත් වේ. 2014 වර්ෂයේදී 27ස්ථානයේද 2015 වසරේදී 26 වැනි ස්ථානයේද කොළඹ වරාය පසුවිය. 2015 වසරේදී කොළඹ වරාය මෙහෙයවූ  සමස්ත බහළු ධාරිතාව මිලියන 5.2 කි. 2016 වසරේදී එම බහළු මෙහෙයුම මිලියන 5.7 ක් දක්වා වැඩි වී ඇත. ඒ බහළු මෙහෙයුම් වර්ධන වේගය සියයට 10.6 ක් ලෙස සටහන් කරමිනි. කොළඹ වරායෙහි ප්‍රවේශ මාර්ග ගැඹුර, පර්යන්ත අද්දර ගැඹුර හා වරාය තටාකය පුළුල්වීම, පර්යන්ත මෙහෙයුම් ධාරිතාවය පුළුල් වීම යනාදී සාධක මත අති විශාල නෞකා සහ සුවිශාල නෞකා මෙහෙයවීමේ හැකියාව කොළඹ වරාය සතු වීමද එම වර්ධනයට සාධනීය ලෙස බලපා ඇත.

Leave A Reply

Your email address will not be published.