උදය ගම්මන්පිලගේ තවත් විශාල මූල්‍ය වංචාවක් පිළිබදව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරවු විය . එම හෙළිදරවුව කරනු ලැබුවේ ‘ බ්‍රයන් සෙඩික්’ නම් විදේශීය පුද්ගලයෙකුට අයිති මැටල් රිසයික්ල්ස් කළම්බු නම් සමාගමේ ඇටෝනි බලකරු (දැනට) ලසිත් ප්‍රනාන්දු නම් අයෙකු විසිනි.
ඔහු කියා සිටියේ, 1995 වසරේ සිට එම සමාගමේ ප්‍රධාන තනතුර ක් හෙබවූ උදය ගම්මන්පිල, එම සමාගම පාඩු ලැබීමට සලස්වා අත්හැර දමා තිබියදී, සමාගමට අයිති මූල්‍ය හා නිශ්චල දේපල රුපියල් කෝටි 40 ක් පමණ වංචා කර ඇතී බවයි. එම වංචාවල් වසා ගැනීමට පසුගිය සමයේ දේශපාලන බල අධිකාරියේ රැකවරණය ලැබූ ඔහු, දැනටමත් මාධ්‍ය සාකච්චා පවත්වමින් ඔහුට විරුද්ධ වන බලවේග බියගන්වන බවද, ලසිත් පෙරේරා විසින් තව දුරටත් ප්‍රකාශ කරණ ලදී.
ඔහු වක්‍රාකාරව කියා සිටියේ දැනට ලංකාවේ හැම දේශපාලකයෙකුම හොරෙක් වී ඇති බවත්, ඒ අනුව දේශපාලන බලය හමුවේ උදය ගම්මන්පිලද මහජන මුදල් වංචාකල හොරෙකු බවයි.
මෙහිදී මාධ්‍ය වේදීන් ප්‍රශ්න කර සිටියේ මේ හෙළිදරවුව චම්පික රණවක ඇමති වරයාගේ උවමනාවට කරණ ලද්දක්ද යන්නයි. නමුත් එහිදී ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරණ ලදී.