topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගල් අගුරු මාෆියාව එතරම් ප්‍ර‍බලය.

DSC_0341

දූෂණ විරෝධී පෙරමුණ  මාධ්‍ය  හමුවක්  පවත්වමින් විදුලි බල අමත්‍යංශයේ  ගල් අගුරු  මාෆියාව පිලිබදව කරුණු අනාවරණය  කරයි .ඔවුන් එම මාධ්‍ය හමුවේදී දැක්වූ සවිස්තරාත්මකව කරුණු අපි වාර්ථා කර සිටිමු .

විදුලිබල අමාත්‍යාංශයේ ගල් අගුරු මාෆියාව 

අභියාචනා කමිටුවේ තීරණයට පයින් ගැහුවේ ලේකම් ද? අමාත්‍යවරයා ද? අමාත්‍යවරයා පිළිතුරු දිය යුතුය!

වත්මන් රජය යටතේ සිදු කළ දුෂිතම ගනුදෙණුව ‘ගල් අගුරු ටෙන්ඩරය‘ යි.  විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ඊයේ සිදු කල ප්‍ර‍කාශය අතිශයින් නොමග යවන සුළුය.  රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදුව තිබිය දී සහ දිගින් දිගටම සිදුවන පරිසරයක අමාත්‍යවරයා ‘ජාතික අභිලාශය‘ නොව දුෂිත නිළධාරීන්ගේ පැත්ත ගෙන ඇත.

 අමාත්‍යවරයා සිය ප්‍ර‍කාශය මගින් පාර්ලිමේන්තුවට පැවසූවේ ‘ජාතියේ ඉදිරි ගමනට අව්‍ය වන තීන්දු තීරණ ගන්නා මිනිසුන් සොයාගැනීමට දුෂ්කර වනු ඇති‘ බවයි. 

මෙය විහිළුවකි.  රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් මගින් චෝදනාවට ලක් වූ පුද්ගලයින්, විගණන විමසුමකට උත්තර නොදී, එම කරුණු පැහැර හැරි පුද්ගලයින්, එයින් ඇති දැවැන්ත මුල්‍ය පාඩුවක් රටට සිදු කළ පුද්ගලයින් ‘ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය වන තීන්දු ගන්නා මිනිසුන් වේද?‘  නැත. 

ජාතියේ ඉදිරිගමනට තීන්දු ගෙන ඇත්තේ විගණකාධිපති හා ශ්‍රේෂ්ඨාධිකරණය යි.  අද එයට පයින් ගසමින් දුෂිතයින් හා අමාත්‍යවරයා එකට එක්ව සිටී.

ප්‍ර‍සම්පාදන අභියාචනා කමිටුවේ නිර්දේශය කුමක්ද?

ප්‍ර‍සම්පාදන අභියාචනා මණ්ඩලය රැස්වන්නේ 2015 අගෝස්තු 5 වන දින යි.

 එහි තීරණය වන්නේ ‘the SCAPC to award the tender to M/s Swiss Singapore Overseas Enterprises Pvt. Ltd., Singapore, is incorrect. (page. 15) මෙම අභියාචනා කමිටුව පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.  අභියාචනා කමිටුව සිය වාර්තාව මගින් දක්වන්නේ ‘‘It appears that an attempt has been made to influence the price evaluation procedure in relation to the price adjustments.  

ප්‍ර‍සම්පාදන කමිටුවේ නිර්දේශය වන්නේ

PAB does not endorse the recommendation made by TEC/SCAPC to award the contract for the supply fo Coal to Lakvijaya Power Plant, Puttalam to M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd, at the Price stated in the SCAPC report dated 03.07.2015, based on the re-evaluation of the price proposals. 

 මෙම නිර්දේශය ලැබීමෙන් ටික දිනකට පසුව, එනම් 2015 අගෝස්තු 13 දින එදා සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක මහතා අදාළ ටෙන්ඩරය අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබුණි.

එම ඉල්ලීම නොතකා මැතිවරණය දක්වා ඉතා සුක්ෂම ලෙස මෙම දුෂිත ටෙන්ඩරය යට ගසනු ලැබූවේ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ මහතා විසිනි.

රංජිත් සියඹලාපිටිය මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට පත් වීමෙන් දින කිහිපයකට පසුව බටගොඩ මහතා මේ දුෂිත ටෙන්ඩරයට සියඹලාපිටිය මහතා ගේ අත්සන ලබා ගනී.  එයට කැබිනට් අනුමැතිය ලැබෙන්නේ  2015.09.22 දිනයි. ඉන් පසුව 2015 ඔක්තෝබර් 2 දින නැවත අමාත්‍යවරයා ‘ Note to the Cabinet” පත්‍රිකාවක් ඉදිරිපත් කරයි.

මාර්තු 2 විගණන විමසුමට අනුව ලංකාවට සිදු විය හැකි යැයි අස්තමේන්තු කළ පාඩුව ඩොලර් මිලියන 1.8 කි.  එයට පෙර 2016 ජනවාරි මස ද මේ පිළිබද විගණන විමසුමක් සිදු විය.  එම අවස්ථාවේ දී මෙම ගණුදෙනුව නවතා දමා, නිවැරදිවීමට අවස්ථාවක් තිබුණි.

 මේ සියලු කරනු පසෙක තිබිය දී, විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශයේ මේ ගණුදෙනුව සිදු කළ පුද්ගලයින් විසින්ම මේ වන විට මෙම වංචාව වසා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් සිදු කරමින් සිටී. 

ඒ අනුව, ලංකා රජයට සිදුවී ඇති පාඩුව මෙසේය.

  1. නියමිත ටෙන්ඩර් පටිපාටිය සංශෝධනය කරමින් [NEWC දර්ශකය වෙනුවට API 4 දර්ශකය භාවිතාකරමින් ගල් අගුරුවල ප්‍රමාණය (Size)  පිළිබද ප්‍රමිතීන් නොසලකා හරිමින් සහ මිල වෙනස් කිරීමෙන්] ස්විස් සිංගප්පූරු සමාගමෙන් 2015-2016 වාරය සදහා මිලදීගත් ගල් අගුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,064,724 කි.
  2. ස්විස් සිංගප්පූරු සමාගමෙන් මිලදීගත් මෙට්‍රික් ටොන් 1,064,724  ප්‍රමාණය සදහා ගෙවූ මුදල  (FOBT/ සියළුම දර්ශක සහ ප්‍රමිති සංශෝධනයන්ගෙන් පසුව) ඇමෙරිකානු ඩොලර් 57,932,356.96 කි.

 iii.          ඉහත ටෙන්ඩරය සදහා ඉදිරිපත් වු ලංසුකරුවන් අතරින් අවම ලංසුව ලෙස තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කල නෝබල් රිසෝසස් සමාගමෙන් ඉහත කී මෙට්‍රික් ටොන් 1,064,724  ක ගල් අගුරු ප්‍රමාණයම එම ප්‍රමිතියටම (FOBT/ සියළුම දර්ශක සහ ප්‍රමිති සංශෝධනයන්ගෙන් පසුව)   අදාල ටෙන්ඩර් කොන්දේසිවලට අනුකූලව මිලදී ගත්තේනම් ලංවිම විසින් ගෙවීමට තිබූ මුදල ඇමෙරිකානු ඩොලර් 49,632,134.70 කි. (ඩොලර් කෝටි 50 කි)

  1. ඉහත ගණනය කිරීම්වලට අනුව ස්විස් සිංගප්පූරු සමාගමෙන් මිලදී ගත් ගල් අගුරු සදහා  වැඩිපුර ගෙවීමෙන් සිදුවී ඇති පාඩුව ඇමෙරිකානු ඩොලර් 8,300,222.26 කි. (අසූ තුන් ලක්ෂයකට වැඩි මුදලක්)
  2. ලෝක වෙලදපොළේ ගල් අගුරු මිල පහත බසිමින් තිබියදී විවෘත තරගකාරී වෙලදපොලෙන් ලබානොගෙන ස්විස් සිංගප්පූරු සමාගමෙන්    2015-2016 වාරය සදහා වැඩිමිලට ගල් අගුරු මිලදී ගැනීමෙන් සිදුවූ පාඩුව ඇමෙරිකානු ඩොලර් 4,941,043.48 (ලක්ෂ 50 කට ආසන්න මුදලක්) කි.

 ගරු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ කියවනු ලබන්නේ මේ දුෂිත ගණුදෙනුවේ නිර්මාතෘ සුරේන් බටගොඩ විසින් ලියා දෙන දේ හැර අන් කිසිවක් නොවේ.  ඔහු විසින්ම මේ වන විට ලියමින් සිටින ‘පෙරේරා වාර්තාව‘ මගින් ගල් අගුරු සමාගම වසා දැමීමට නැතිනම් එහි කාර්ය මණ්ඩලය ගෙදර යැවීමට යෝජනා කළොත් අප පුදුම නොවෙමු.  විදුලිබල අමාත්‍යාංශයේ ගල් අගුරු මාෆියාව එතරම් ප්‍ර‍බලය. 

දූෂණ විරෝධී පෙරමුණ

Leave A Reply

Your email address will not be published.