පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මි ස්විට්සර්ලන්තයෙ ද පුරවැසිබාවය ලබාගෙන සිටින මන්ත්‍රීවරියක් වෙනවා.
මේ හේතුවෙන් මන්ත්‍රී ධුරය දැරීම පිළිබදව පවතින ගැටළුව උත්සන්න වෙමිනුයි පවතින්නේ.
ඊට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසි තත්ත්වය ඉවත් කර ගැනීමට ස්විට්සර්ලන්තයෙන් ඉල්ලා සිටියද පුරවැසිබව ඉවත් කළ බවක් එරටින් සනාථ කර නොමැති බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණයට දැනුම් දී තිබීමයි.
ජේ.සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණය වෙත සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති පරිදි ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරක් දැරිය නොහැකි බවයි.
ඇය එම තනතුරේ කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී ඔහු මේ බව අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ මෙම රිට් පෙත්සම කැඳවනු ලැබුවා.