topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝලීයකරණය අවසන්. ජාතිකවාදී ආරක්‍ෂණවාදය යළිත්.

_H3A4000

පුටින්ගෙන් පටන් ගෙන ට‍්‍රම්ප් දක්වා ගොස් ජර්මනිය, පැරීසිය හරහා  ආසියාව කළඹාගෙන යන නව ජාතිකවාදී රැල්ලක් ඇරඹී තිබෙනවා ගෝලීයකරණය අවසන්. ජාතිකවාදී ආරක්‍ෂණවාදය යළිත්. – ඇමති චම්පික රණවක පවසයි. ඇමතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ සබඳ අපි කඳු නොවෙමු සාහිත්‍ය උත්සවයට සහභාගී වෙමිනි. මෙම සාහිත්‍ය උත්සවය කොළඹ 07, ධර්මවිජය පදනමේදී පසුගියදා අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම සාහිත්‍ය උත්සවය සමගාමීව කිංස්ලි පෙරේරා  විසින් රචිත ආදරේ අකුරු ග‍්‍රන්ථය එළි දැක්වීම ද සිදුවිය. මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ ජාතික හෙළතුරුණු සවිය විසිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘කලාව අපේ ජාතික ඉතිහාසයේ නොමැකෙන විදිහට අපේ ජීවිතත් එක්ක අත්වැල් බැඳගෙන ආපු කි‍්‍රයාවලියක්. ඒකට හේතුව මිනිසා අනෙක් තිරිසන් සතුන්ගෙන් වෙනස් වෙන්නේ ඔහුගේ තිබෙන නිර්මාණශීලිත්යය නිසයි. මිනිසා නිර්මාණය කළ ඉතාම වැදගත් කි‍්‍රයාවලියක් තමයි මේ අකුරු සහ සංඛේත. අකුරු සහ සංකේත මගින් ගොඩනැගිච්ච භාෂාව, ඒ භාෂාව මගින් ගොඩනැගිච්ච සාහිත්‍ය, ඒ සාහිත්‍ය මගින් ගොඩනැගී ඉන් ඔබ්බට ගොස් මිනිස්සු තුළ දත්ත එකතු කරන්න, දත්ත රැස් කරන්න, දත්ත සන්නිවේදනය කරන්න. අන්න ඒ කාර්යයන් එක්ක අපට පේනවා වසර දස දහස් ගණනක මේ මිනිස් ඉතිහාසය තුළ අපි ඒ කලාව සාහිත්‍ය පැත්තෙන් ඒ අකුරු ශාස්ත‍්‍රය පැත්තෙන් විශාල ඉදිරි ගමනක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අද ලෝකයේ භාවිත භාෂා 6000 කට වඩා තිබෙනවා. ඒ භාෂා 6000 න් අඛණ්ඩව, එක රටක එක දිගට කතා කරගෙන ආපු, සාහිත්‍යයක් නිර්මාණය කරපු එකම බස අපේ බස සිංහලයයි. වෙන කිසි බසකට එවැනි ආත්ම අධිෂ්ඨානයෙන් ප‍්‍රකාශයක් කරන්න බැහැ. ඒ නිසා මේ බස රැක ගැනීමේ අනාගත වගකීම අපේ දූදරුවන්ට ලැබෙනවා. මොකද අද රටේ බොහෝ බරපතල හීනමානයක් පැතිරගෙන යනවා මේ ඉංග‍්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා. අපේ දූ දරුවන්ට අපි උගන්වන්න  ඕනේ ඉංග‍්‍රීසියෙන් ඒකට අන්තර් ජාතික පාසලට යනවන්න  ඕනේ. එහෙම නැත්නම් පුද්ගලික විශ්වවිද්‍යාලයට යවන්න  ඕනෙයි කියලා හැගීමක් අපේ ඇත්තන් අතරේ තියෙනවා. නමුත් මේ අපේ බසෙන් මොලයේ කි‍්‍රයාකාරීත්වය හා සංස්කෘතිය ඇති කර ගත්තහම, ඒ තුළින් ලැබෙන ශක්තිය අනාගත දරුවන්ට අති මහත්. ඒ වගේම මේ බස රැක ගැනීම අපේ සියළු දෙනාගේම උරුමයක් බව අපි තරයේ හිතට ගත යුතු දෙයක්. අද ලෝකය නව වෙනසකට ගමන් කරමින් තිබෙනවා. මට මතකයි එදා සෝවියට් දේශය බිඳ වැටෙන අවස්ථාවේ අපි විශ්වවිද්‍යාලවල හිටියේ. ඒ විශ්වවිද්‍යාලවල ඉන්න කොට මේ සෝවියට් දේශය ඇද වැටෙනවාය කියන එක මහා දුකක්. මොකද විශ්වවිද්‍යාලවල හිටපු බොහෝ දෙනෙක් සමාජවාදීන්. ඔවුන්ගේ පරමාදර්ශී රාජ්‍ය සෝවියට් දේශය. ඒ සෝවියට් දේශයට ඇමරිකාව යටත් වෙන එකට තමයි හැමෝම සිහින මව මව සිටියේ. නමුත් ඒ සෝවියට් දේශය අපේ ඇස් ඉදිරිපිට බිම වැටෙනවා, කඩා වැටෙනවා අපි දැක්කා. නැගෙනහිර ජර්මනියේ, බටහිර ජර්මනිය යා කරන තාප්පය තරුණ පිරිස් කඩාගෙන නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනියටත්, බටහිර ජර්මනියේ සිට නැගෙනහිර ජර්මනියටත් යනවා අපි දැක්කා. එතකොට මේ සිදුවීම් එක්ක මහා ප‍්‍රකම්පනයක් ඇති වුණා. ඒ ප‍්‍රකම්පනය දෙගුණ තෙගුණ උනේ 1992 දී පවත්වපු ඒ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන්. ඒ ජනාධිපතිවරණය ජයගත්ත ජ්‍යෙෂ්ඨ බුෂ් ප‍්‍රකාශ කළා. ලෝකයේ දැන් ඉතිහාසය අවසන්. ලෝකය දැන් අලූත් ලෝක කි‍්‍රයාවලියකට, එහෙම නැත්නම් ලෝක නීතියකට නිව් වර්ල්ඞ්  ඕඩර් කියලා කිව්වා. ගමන් කරමින් තිබෙනවා. ඒකේ තියෙන්නේ එක මාවතක් පමණයි. ඒ නිදහස් වෙළඳාමේ ගෝලීයකරණයේ මාවත පමණයි. ගෝලීයකරණය කියන වචනය ආවේ එතනින්. දේශ සීමා බිඳගෙන විදේශීය ප‍්‍රාග්ධනය ඒ වගේම විදේශීය වෙළඳපොළ ගමන් කරන එක දැන් වලක්වන්න කාටවත් බැහැ කියලා ඔහු ප‍්‍රකාශ කළා. එතෙක් කාලයක් විචිකිච්චාවෙන් හිටපු ඉන්දියාව වැනි රටවල් පවා තමන්ගේ දේශ සීමා විවෘත කළා ගෝලීයකරණයට, නිදහස් වෙළඳාමට, දැන් මේ පසුගියදා බි‍්‍රතාන්‍යයේ ජනමත විචාරණයක් තිබ්බා. බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිතුමා පමණක් නෙමෙයි විපක්‍ෂයේ නායකතුමත්, ලේබර් පක්‍ෂයෙ නායකයත් සහයෝගය දුන්නේ බි‍්‍රතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියන ඒ මූල ධර්මයට. නමුත් බි‍්‍රතාන්‍ය තුළ ජයගත්තෙ බි‍්‍රතාන්‍ය යුරෝපයෙන් වෙන් වී ස්වාධීන රටක් විය යුතුයි, නිදහස් වෙළඳාමට තිත තැබිය යුතුයි, ගෝලීයකරණය අපට එපා, නැවතත් ශ්‍රේෂ්ඨ බි‍්‍රතාන්‍යයක් බිහිකරගත යුතුයි කියන මතය තමයි ජය ගත්තේ.

ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධාන මාධ්‍ය 98% ක්ම සහයෝගය දුන්නේ හිලරි ක්ලින්ටන්ට. සමස්ථ ව්‍යාපාරික ප‍්‍රජාවම සහය දුන්නේ ඇයට. උගත්තු බුද්ධිමත්තු කියන හැමකෙනාම සහය දුන්නේ හිලරි ක්ලින්ටන්ට. ඇයගේ දැන්වීම්4.5 ක් වැටෙන කොට තමයි ට‍්‍රම්ප්ගේ එක දැන්වීමක් ඇමරිකාවේ පළවූනේ. හැමෝම හිතුවේ හිලරි දිනලා කියලා. අපිත් බැලූවේ සීඑන්එන් එක අපට කියනවා හිලරි ඉස්සරහින් කියලා. බීබීසී එක අපට කියනවා හිලරි ඉස්සරහින් කියලා. ඉතින් අපිත් හිතුවා මේ හිලරි තමයි ඉස්සරහින් ඉන්නේ කියලා. නමුත් ඇත්ත කතාව හිලරි ක්ලින්ටන් ඡුන්දයෙන් පැරදුනා. එක්සත් ජනපදයේ ජනාධිපතිධූරය ජාතිවාදියෙක් කියන පුද්ගලයෙක් අතට පත් වුණා. ඔහු බොහොම පැහැදිලිව ප‍්‍රකාශ කරලා තියෙනවා මින් ඉදිරියට ඇමරිකාවට භාණ්ඩ යවන්න බැහැ. චීනයට ඔහු 45% ක බද්දක් පනවලා තියෙනවා. මෙක්සිකෝව ඇතුළු ඒ නිදහස් කලාපයට 35%ක් පනවලා තියෙනවා. තාම ලංකාවට පනවපු ගාන කිව්වේ නැහැ. ඒ වගේම ඔහු ප‍්‍රධාන වෙළඳ ගිවිසුම් තුනකින් ඉවත් වෙනවා. යුරෝපය සමග තිබුණු ටී.ඉප් ගිවිසුම, අත්ලාන්තික සාගරයේ තිබිච්ච ගිවිසමයි ඒක. ඒ වගේම පැසිපික් සාගරයේ ගිවිසුමක් තිබුණා ටී.පී.පී කියලා. ජපානය, තායිලන්තය, පිලිපීනය, වියට්නාමය වැනි රටවල් එක්ක. ඒ හැම එකකින් ඔහු ඉවත්වන බව ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු කැනඩාව සහ මෙක්සිකෝව සමග තිබිච්ච වෙළඳ ගිවිසුම්වලිනුත් අයින් වෙන බව කියලා තියෙනවා. එහෙමනම් ඒ ගෝලීයකරණය එක්සත් ජනපදයේ අවසන්. එක්සත් ජනපදය කියන්නේ පොඩි කි‍්‍රයාවලියක් නෙමෙයි එක්සත් ජනපදය ලෝකයේ ප‍්‍රධානම තීරණයන් ගනු ලබන්නේ. එහි ගනු ලබන තීරණ බොහෝ දුරට මුළු ලෝකයටම බලපානවා.

ප‍්‍රංශයේ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙනවා. ප‍්‍රංශයේ අගමැතිතුමා ඊයේ ප‍්‍රකාශ කළා. මගේ පය නැවතත් ප‍්‍රංශයේ අන්ත ජාතිවාදීන් ඒ වගේම ගෝලීයකරණයට එරෙහි යුරෝපා සංගමයේ ප‍්‍රංශය ගලවා ගන්න. ජාතිකවාදී පක්ෂයේ නායිකා මැරිල් උපයෙන්ටර් මේ ප‍්‍රංශය යටත් වෙන්න නියමිතයි කියන එක අගමැතිටම කිව්වා. ඇත්තටම මැරිල් උපයෙන්ටර් මැතිණිය මැතිවරණය ජයගනිද නැද්ද කියන්න බැහැ. නමුත් ප‍්‍රංශ ජනාධිපතිවරණයෙන් ස්ථිරවම, ඒ ජාතිකවාදී රළවේගය ජයගන්නවා. ආරක්‍ෂණවාදයට යනවා. ගෝලීයකරණය අවසන්. ඒ ගැන මැරිල් උපේන් දස දහස් ගණනක් සෙනග ඉන්න ජනරැළියක කිව්වා ඔවුන්ගේ ලෝකය අවසන්. අපේ ලෝකය ගොඩනැගෙමින් තිබෙනවා කියලා මුළු ලෝකයේම ජාතිකවාදීන්ට මම උස් හ`ඩින් කියනවා කියලා මරිල් උපේන්ටර් කිව්වා.

ඉතින් මේ කාරණයත් එක්ක මේකේ රළවේගය ඊළගට යන තැන ජර්මනිය. ජර්මනියට පසුගියදා අපි ගියා. අපි ගියාහම තමයි දැනගත්තේ මම ඒ.එෆ්.සී පක්ෂය කියලා එකක් තියෙනවා කියලා.  ඕල්ටර්නේටිව් පෝල්ට් අයිස්ලන්ඞ් කියලා. ඒකේ නායිකාවත් කාන්තාවක්. ඇත්තමට මේ යුරෝපයේ හැමතැනම මේ ජාතිකවාදී පක්‍ෂවල නායකයෝ  සේරම  නායිකාවෝ ඉන්නේ, කාන්තාවෝ, ඇය පේඩරේ. මම ඇයගේ කතාවක් ඇහුවා රූපවාහිනියේ. විශාල ස්ටුගාර්ඞ් නගරයේ ඔවුන්ගේ පක්‍ෂ සම්මේලනයේ. ඇය මොනවද කිව්වේ, ඇයගේ මුළු කතාවෙම තිබුණේ මේ හලාල් නවත්වන්න  ඕනේ ජර්මනියේ. පිටින් එන සංක‍්‍රමනිකයෝ නවත්වන්න  ඕනේ. පස් පාරක් පල්ලියේ ආගම කියන එක නවත්වන්න  ඕනේ. මූණ වහන එක නවත්වන්න  ඕනේ මුස්ලිම් කාන්තාවන්ගේ. මේක ජර්මන් රට. මේ ජර්මනියේ පිට අයට ඉන්න බැහැ. ඔය වගේ කාරණා ටිකක් තමයි කිව්වේ. ඔය ටික ලංකාවේ කිව්වනම් එහෙම, ජාතිවාදයෙක්, ආගම්වාදියෙක් කියලා ජර්මන් කාර්යාලෙත් අනිවාර්යයෙන්ම නිවේදනයක් නිකුත් කරනවා. නමුත් ඒ රළ වේගය දැන් කිසිසේත්ම ජර්මනියෙත් පාලනය කරන්න බැහැ. කවුරු ජර්මනියේ  ජනාධිපති උනත් මේ රළවේගයට මුහුණ දෙන්න වෙනවා.

ඒ වගේම ජපානය, ජපානයේ පැරණි නිගමනයක් තිබුණා ජපානයට හමුදා හදන්න බැහැ කියලා නමුත් නව අගමැතිතුමා නැවත ජපානය සන්නද්ධ විය යුතුයි කියන මතයෙන්, නැවත ජපානය ශක්තිමත් විය යුතුයි කියන මතයේ ඉන්න කෙනෙක්. අපේ අල්ලපු රටේ අගමැති මෝඩි, එතුමත් එවැනි මතවල ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා අනුක‍්‍රමයෙන් අපි කැමති උනත් අකමැති උනත්, ලෝකය ව්ලැඩිමීර් පුටින්ගෙන් පටන් අරගෙන ට‍්‍රම්ප් දක්වා ගිහිල්ලා, එතනින් ජර්මනිය, පැරීසිය හරහා ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ ආසියාවත් කළඹගෙන යන නව ජාතිකවාදී සුළගක් ඇරඹිලා තියෙනවා. ඒකේ සමහර අන්තවාදීන් අපි පිළිකුල් කල යුතු පැති, පාර්ශවයනුත් තියෙනවා. ඒ වගේම, ජන කණ්ඩායමක් තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ අනන්‍යතාවය පෙන්වන්න උත්සාහ කරනවා නම් අනුන් යට කරන්නේ නැතිව එය අගය කළයුතු පැත්තකුත් තියෙනවා. කවුරු කොහොම කිව්වත් දැන් අපට බොහොම ආඩම්බරයෙන් කියන්න තියෙන්නේ, 90 දශකයේ  අපි මේ ජාතිකවාදී සටන් පාඨය කියන කොට අපට වර්ගවාදීන්, අපි කාලකන්නි යුධවාදීන් ආදි වශයෙන් අපට අවලාද නැගූ අයට අපට කියන්න තියෙන්නේ, දැන් අපේ මතය ජාත්‍යන්තරවත් ජය අරගෙන අවසන් කියන එකයි.

එනිසා මේ ලෝකය අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය, සමාජ ප‍්‍රතිපත්තිය, දැන් මේ අනුව වෙනස්විය යුතු වෙනවා. අපි මෙයින් කිසි සේත්ම අන්‍ය ජනකණ්ඩායමකට වෛර කරන, අන්‍ය ජනකණ්ඩායම් හෙළා, තලා දකින, අන්‍ය ජනකණ්ඩායම්වල සංස්කෘතික ජන අයිතීන් පාගා දමන කි‍්‍රයාවලියක් නෙමෙයි, අපි ඒ සියල්ල කැටි කරගෙන අපේ රටේ අනන්‍යතාවය ගොඩනගාගත යුතු කාලයක් එළඹිලා තියෙනවා. ඒ නිසා ගෝලීයකරණය අවසන්. ජාතික ආර්ථිකයකට අවශ්‍ය කරන නව උපාය මාර්ගයක් රටට අවශ්‍ය කරලා තියෙනවා. ඒ වගේම බටහිර ලෝකයේ නව ජාතිකවාදයක් නැගීගෙන එනවා. ආරක්‍ෂණවාදයක් නැගීගෙන එනවා. එයට සරිලන විදිහට අපි අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය, සමාජ ප‍්‍රතිපත්තිය සකස්කර ගත යුතු වෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී මේ ලෝකයේත්, මේ රටේත් මහා දේශපාලනය, මහා ආඛ්‍යානය ගොඩනැගෙන්නේ අපටයි, අප නියෝජනය කරපු බලවේගයටයි. ඒ සඳහා මේ තරුණ පිරිස් මේ සාහිත්‍ය කි‍්‍රයාවලියෙනුත් මදක් තව ටිකක් ඉදිරියට ගිහිල්ලා ඒ දේශපාලන කි‍්‍රයාවලියට නායකත්වය දිය හැකි පිරිස බවට පත් වේවා කියා ප‍්‍රාර්ථනා කරනවා.

මේ මෑතදී අපේ හිතවත් මිත‍්‍රයෙක් පැහැදිලි කිරීමක් කළා කීර්තිමත් ඡුායාරූප ශිල්පියෙක් ගැන. ඒ ඡුායාරූප ශිල්පියා මෙතන ජේ. ඕ.සී. මූලස්ථානයේ, කාලයක් අපිත් එතන හිටියා මේ තෙල් සංස්ථාවේ මූලස්ථානය තිබ්බේ එතන. එය ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ ප‍්‍රහාරයෙන් විශාල පිරිසක් මිය ගියා. ඒ ප‍්‍රහාරය පිළිබඳ ආරංචිය ලැබිලා ඔහු ඒ අසල තිබිච්ච මාධ්‍ය ආයතනයේ ඉඳන් දුවගෙන ගියා කියලා ඒ බෝම්බය පිපිරෙන තැනට. ඒ බොම්බය පිපිරුණු තැනට දුවගෙන යද්දි ඔහු දැක්කා සම්පූර්ණයෙන් ගින්නෙන් වැහිච්ච පුද්ගලයෙක් පණ බේරා ගැනීම සඳහා තමන් ඉදිරියට දුවගෙන එනවා. එතකොට මේ ඡායාරූප ශිල්පියාට මොකද්ද දැනෙන අත්දැකීම. ඔහුට ජීවිතයටම සම්මාන ලැබෙන ඡායාරූපයක් දැන් ගන්න පුළුවන්. පුද්ගලයෙක් දුවගෙන එනවා ගින්නෙන් සම්පූර්ණයෙන්ම දැවෙමින් ජීවිතය ඉල්ලගෙන තමන් ඉදිරියට. මේක ඡායාරූප ගත කරනවාද මං, නැත්නම් කැමරාව පැත්තක තියලා මේ මිනිහාගේ ජීවිතය බේර ගන්නවාද කියලා උදව්වක් කරනවාද කියලා.

එතකොට ඔහු තෝරා ගත්තේ ඒ දෙවෙනි අවස්ථාවයි. එතකොට ඔහුට ජීවිතයට කැමරා ශිල්පියක් හැටියට ලබාගන්න තිබිච්ච මාහැගි සම්මානයක් ඒ අනුව අහිමි උනා. මොකද ඔහු සංවේදී උනා අර පුද්ගලයාගේ ජීවිතය ගලවා ගැනීම සඳහා ඔහුගේ කැමරා කාචයෙන් අරක සටහන් කරගෙන ඒ කටයුත්ත කරනවාට වඩා. ඔහු ලංකාවේ ප‍්‍රසිද්ධ කැමරා ශිල්පියෙක්. ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි කලා කරුවා ඇතැම් අවස්ථාවලදී අසංවේදී වෙමින් තමන්ගේ නිර්මාණ ඉහළට ඔසවා තබනවා කියලා කියන්නේ. සමහර විට එක ඡායාරූපයකින්, එක පන්හිඳක ලියවෙන කවියකින් බොහෝ විට කෙනෙක්ගේ හදවත් සසල කරවන්න පුළුවන් වෙනවා.

ඇත්තටම මේ පහුගිය කාලේ විශාල සංක‍්‍රමණික ප‍්‍රශ්නයක්, යුරෝපයේ ඇති උනා. එම ප‍්‍රශ්නයට මුල් උනේ එකම එක පුංචි ඡායාරූපයක්. ඒ ඡායාරූපයේ තිබුණේ සිරියාවෙන් පලා ආපු අනාතයින් පිරිසක් මධ්‍යධරණී මුහුදෙදි ඒ ඔවුන්ගේ බෝට්ටුව ගිලිලා  පුංචි දරුවෙක් මිය ගිහිල්ලා, ඒ දරුවාගේ මල සිරුර වෙරළේ පාවෙමින් තිබෙන දර්ශනයක්. මේ ඡායාරූපය පළ උනාට පස්සේ සෑම යුරෝපා රටකම  විශාල ආවේගශීලි උද්ඝෝෂණයක් පැන නැගුණා. මේක දැකපු ඇන්ජලා මර්කල් තීරණය කළා සිරියානුවෝ දශලක්‍ෂයකට තමන්ගේ රටට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. දැන් යුරෝපයේ ඒක දේශපාලන ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් මේ කුඩා දරුවාගේ මළ සිරුර දියමත පාවෙමින් තිබෙන මේ පුංචි ඡායාරූපය ඒ යුරෝපයේ හදවත් සසල කරන්න අතිශයින්ම හේතු භූත උනා.

කලා නිර්මාණයන් නිසා සමහර විට ඉතාම දැඩි චිත්තවේග තියෙන පුද්ගලයින් පවා සසල වෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ලෝක මහා සංග‍්‍රාමය දෙපැත්තේ ඉඳන් මෙහෙයවපු දෙන්නෙක් තමයි වින්ස්ටන් චර්චිල් සහ ඇඩෝප් හිට්ලර්, ඒ දෙදෙනාම විවේක කාලයේදදී කළේ චිත‍්‍ර අඳින එක. මේ දෙදෙනාම අංක එකේ චිත‍්‍ර ශිල්පීන්. මේ දෙදෙනාම යුද්ධය යන අතරේ මහ සටන් ඇතිවෙන අතරෙත් චිත‍්‍ර ඇඳීම තමයි කළේ. දෙදෙනාගේම චිත‍්‍ර තාමත් සුරක්‍ෂිතව තිබෙනවා. විශේෂයෙන්ම චර්චිල් විසින් අඳින චිත‍්‍ර තාමත් සුරක්‍ෂිතව තිබෙනවා. ඉතින් මේ ආකාරයට සමාජයන් වෙනස් කරන්න,සමාජයන් තුළ චලයන් ඇති කරන්න කලාකාරයින්ට මහත් හැකියාවක් තිබුණත්, සාහිත්‍යවේදීන්ට මහත් හැකියාවක් තිබුණත් සමහර රටවල් තමන්ගේ ඒ, සමහරවිට රාජ්‍ය ආරක්‍ෂාව වෙන්න පුළුවන්, සමහරවිට ක‍්‍රීඩාව වෙන්න පුළුවන්, සමහරවිට වෙනත් දෙයක් වෙන්න පුළුවන්, ඒ සම්බන්ධයෙන් උපරිම දායකත්වය කලාවෙන් ලබා දෙනවා අදාල ක්‍ෂෙත‍්‍රයට. ඉතින් අපේ රටේ නම් එවැනි විශාල සම්ප‍්‍රදායක් නැහැ. යනුවෙනි

 

Leave A Reply

Your email address will not be published.