topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චරිත දෙකක හැඩතල .

 

 

somawanshaපසුගිය දිනෙක සිය භෞතික ජීවිතයෙන් සමුගත් සෝමවංශ අමරසිංහ සහ අලෙවි මව්ලානා පිළිබඳ මාධ්‍ය ඔස්සේ බොහෝ දේ පළවී තිබිණි. ‘දිණමිණ’ පුවත්පත ද ඒ පිළිබඳ ලිපියක් පළකර තිබූ අතර ‘දිනමිණ’ වැනි ආණ්ඩුවේ පත්තරයකින් බලාපොරොත්තු විය නොහැකි දේ ඒවායේ අඩංගු විය. ඒ නිසාම තව දුරටත් මෙම මරණ දෙක පිළිබඳ අපට ද අදහස් දැක්වීමට සිත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දේශපාලනයෙන් ආණ්ඩුකාරවරයෙක් දක්වා දිගු ගමනක් ගිය අලෙවි මව්ලානා අප නම් කිසි ලෙසකින් හෝ කම්කරු නායකයකු ලෙස නාමකරණය කරන්නේ නැත. ඊට සහේතුක කාරණා ඇත. අලෙවි නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සතු වෘත්තීය සමිතිය යනු එම පක්ෂයේ තවත් එක් ශාඛාවක් පමණි. එකී වෘත්තීය සමිතියට සාමාජිකයින් ඇතත් ඔවුහු මාක්ස්වාදී විග්‍රහයන්ට අයත් කම්කරුවෝ නොවෙති. ඒ උදවිය වැඩ බිම්වල රැකියාව කළත්, ගොවි බිම්වල රැකියාව කළත් ඔවුහු පක්ෂ සාමාජිකයෝ මිසෙක වාම විග්‍රහයන්ට අනුව වූ කම්කරුවෝ නොවෙති. ඔවුහු කිසි විටෙකත් පවත්නා ක්‍රමයට එරෙහිව අරගල දියත් කරන්නෝ නොවෙති. එක් පක්ෂයක් වෙනුවට තවත් පක්ෂයක් බලයට ගෙන ඒමේ සාමාන්‍ය ඡන්ද දායකයන්ගේ ක්‍රියාන්විතය තුළ පමණක් ඔවුහු අනුගත වෙති. එය එසේ නොවන්නේ නම් ‘මැතිණි අපිට කියනව නම් සීනි නැතිව තේ බොන්නම්’ වර්ගයේ සටන් පාඨ මැයි දිනය දා උස් හඬින් ගයමින් තාරපාරේ පෙළපාලි යෑමක් ඔවුහු නොකරති. කම්කරුවෝ නොවන සංවිධානයක නායකයකු කම්කරු නායකයකු ලෙස වර ගන්වා ඔසවා තැබුවේ ශ්‍රී ල. නි. ප. ය මිස අන් කවරෙකුවත් නොවේ. කම්කරුවෝ නොමැති, කම්කරු සටන් නොකරන සිය පක්‍ෂයේ නායකයාට හෝ නායිකාවට අභිමත ලෙස නැටවෙන ශාඛා සංවිධානයක නායකත්වය ගත් මිය ගිය අලෙවි තවත් එක් දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක් මිස අන් කවරෙකුවත් නොවේ. අලෙවි නායකත්වය දෙන ශාඛාවේ උදවියගේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් රජයේ ආයතනවලින් පිං පඩි ගත් ආකාරය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී හෙළි විය. ඊටත් පෙර මහින්ද රාජපක්‍ෂ ජනාධිපති සමයේ දී වැටුප් වර්ධකයන් ඉල්ලා එවකට විපක්‍ෂය සහ සෙසු සංවිධාන කළ සටනට එරෙහිව අලෙවිගේ කම්කරුවෝ ‘අපිට වැඩි පඩි එපා’ කියා ලේක්හවුස් වටරවුමට ගාල් වුණු බව ද අපි දුටුවෙමු. අලෙවි මවුලානා නම් වූ මිනිසා පිළිබඳ අගය කළ යුත්තේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා නායකයෙක් ලෙස මිසෙක කෘතහස්ත කම්කරු නායකයෙක් ලෙස නොවේ. මෙවැනි කම්කරු සංවිධාන එක්සත් ජාතික පක්‍ෂයේද ඇති බවත් ඒවා ද මීට වඩා වෙනස් නැති බවත් අපි දනිමු.

සෝමවංශගේ භූමිකාව

එහෙත් එතරම් සරල ලෙස සෝමවංශ අමරසිංහගේ භූමිකාව ලඝු කළ හැකි නොවේ. 40 වසකට වඩා වැඩි කාලයක් තමන් විශ්වාස කළ දේශපාලනය වෙනුවෙන් අවංකවම, පරිත්‍යාගශීලීව, දිවි දෙවැනි කොට කටයුතු කළ පුද්ගලයකු ලෙස ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඔහු සලකුණු වී තිබේ. සාමාන්‍ය මැද පාන්තික පවුලක, වෘත්තියෙන් ඉහළ යා හැකි රැකියාවක නිරතව සිටි ඔහු මෙරට දේශපාලන ක්ෂේත්‍රයට එක්වන්නේ ස්ව කැමැත්තෙන්මය. තමන්ට වඩා වයසින් අඩු පිරිසකගේ ක්‍රියාදාමයන්ට අනුගතව ‘71 දීත් 87-89 දීත් අවසානයේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය පසුත් සෝමවංශ ක්‍රියා කළ ආකාරය කිරා මැන බැලිය යුතු යැයි අපට සිතේ.

සෝමවංශ අමරසිංහ ජ. වි. පෙ. හා එක්වන විට ලෝකය අමන්දානන්දයට පත් කළ කරුණු දෙකක් ලංකාවෙන් පරිභාහිරව සිදු වී තිබිණි. එකක් වූයේ බැටිස්ටාට එරෙහිව ෆිදෙල් – චේ හවුල් නායකත්වයෙන් යුතුව කියුබාවේ ලද ජයග්‍රහණයයි. දෙවැන්න ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මිලිටරි ආක්‍රමණයට එරෙහිව වියට්නාමය එල්ල කළ සටනයි.

එම ප්‍රහාරයන් දෙකම අයත් වූයේ සැඟව පහර දෙන ගරිල්ලා සටන් ක්‍රමයටයි. නාගරික ගරිල්ලා ප්‍රහාරයන් කියුබාවේ සිදු වූ අතර වියට්නාමය තුළ විවිධ මාදිලියේ සංකීර්ණ, ඇමරිකාව අන්දමන්ද කරවන ජයග්‍රාහි ප්‍රහාරයන් දියත් විය. සටන් දෙකම යම්තාක් දුරකට විමුක්ති අරගල වූ අතර ‘‘ජාතික විමුක්ති ව්‍යාපාර’’ ලෙස සමහරෙකු ඒවා අර්ථ ගැන්වීය. මෙම ජයග්‍රාහී සටන් දෙකම මෙහෙයවනු ලැබුවේ දෙරටේම උගත් ශිෂ්‍ය ප්‍රජාවන් විසිනි.

විප්ලවයේ ගිනි සිළුව වන තරුණ ශිෂ්‍යයෝ සහ රැකියා විරහිත පහළ මැද පාන්තික ගැමි තරුණයෝ ලෝක පරිමාණ වෙනස් ජයග්‍රහණය ශ්‍රී ලංකාවේද ඉටු කළ හැකි යැයි අවංකව විශ්වාසය තැබීය. වයස අවුරුදු 30ක් වත් නොවූ තරුණයකු වූ, රෝහණ විජේවීර එතෙක් නොදැක තිබුණද විජේවීරට වඩා වසර දෙකකින් බාල වුවද සෝමවංශ අමරසිංහ ජ. වි. පෙ. වෙත ආශක්ත වීම කිසි ලෙසකින් හෝ විමතිය දනවන කරුණක් නොවීය. ජ. වි. පෙ. ට එක් වීමට පෙර 1959 දක්වා මහන වීමේ ආශාවක් තිබූ, පාසල අවසන්ව පැමිණි පසු පන්සලට යන සෝමවංශ අමරසිංහ වැන්නෙකුට ජ. වි. පෙ. සහ පන්සල අතර නිසැකවම වෙනසක් නොතිබෙන්නට ඇත.

මෙරට දේශපාලනය

සෝමවංශගේ මරණයෙන් අනතුරුව බොහෝ මාධ්‍ය පැවසුවේ 1967 තරම් ඈතක දී පවා සෝමවංශ, රෝහණ විජේවීර සමඟ ජ. වි. පෙ. ගොඩ නැගූ බවයි. එය මුසාවකි. සෝමවංශ, විජේවීරව දැක තිබුණේ 1971 ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට සිටියදීය. ඉන් අනතුරුව ඔහු මිය යනතුරු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවීය. බොහෝ අය ඉතිරි කරන්නේ ධනය වුවත් සෝමවංශ ධනය ගොඩගසා ගත්තෙකු නොවේ. ඔහු ඉතිරි කරගත් කිසිදු දේපලක් හෝ වස්තුවක් නැත. ඒ අර්ථයෙන් සෝමවංශ අලෙවිට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින්නේය. එහෙත් මෙරට දේශපාලනය සම්බන්ධව සෝමවංශ ක්‍රියා කළ සමස්ත ආකාරය එක්ව ගෙන කිරා මැන බැලූ විට සෝමවංශ අමරසිංහ සිටියේ වාමාංශික දැක්මට අනුව විජේවීරටත් වඩා පසුපසිනි. විමල් වීරවංශලාගේ ජාතිවාදයටත් වඩා ඉදිරියෙනි.

1989 ජ. වි. පෙ. සමූල ඝාතනයෙන් දිවි ගලවාගත් වයසින් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වූ සෝමවංශ මෙරටින් ඉන්දියාවටත් එතැනින් යුරෝපයටත් ගියේ කවුරුවත් කියනා පරිදි ඔහුගේ ඥාති සිරිසේන කුරේගේ සහයෙන් නොවේ. තමන්ට වඩා වයසින් බාල සංවිධායකයන්ට බිඳී කැබිලි වී විසිරී තිබූ පක්ෂය බාර දී ‘‘මල්ලිලා කැමති දෙයක් කරගන්න මම යනවා’’ කියා ඔහු පක්ෂයත් රටත් හැර ගියේ හොර බඩු ජාවාරම් බෝට්ටුවක නැග දකුණු ඉන්දියාවේ වෙරළ වෙතය. එම සම්පූර්ණ ගමන සැලසුම් කළ අය අතර ජ. වි. පෙ. දෙදෙනෙක් විය. කොරියාවේ සිටි රන්සිරිත් ආරක්ෂක අංශවල සිටි කැප්ටන් නිශ්ශංකත් ඒ දෙදෙනාය. නුගේගොඩ විජේරාම හංදියේ සිටින හෝටලය හිමිකරුත්, දෙල්කඳ හංදියෙහි ග්‍රාමසේවකත්, බෝට්ටු හිමිකරුත් ව්‍යාජ ගමන් බලපත්‍රය සාදා දුන් කැප්ටන් නිශ්ශංකගේ ඥාතිවරයාත් බෝට්ටුව ගෙන ගිය මුස්ලිම් ජාතික අන්වර් ඇතුළු කිසිවෙකුත් ජ. වි. පෙ. සාමාජිකයින් නොවූහ. අඩුම තරමින් ඔවුහු ජ. වි. පෙ. හිතවතුන් ද නොවූහ. සියල්ල අතහැර විදේශගත වූ සෝමවංශ ජීවිතය ගලවා ගත් අතර, මෙරට සිටි සමන් පියසිරි ප්‍රනාන්දු, කමල් ගුණතිලක, ලලිත් විජේරත්න ඇතුළු සියල්ලෝම ඝාතනයට ලක් වූහ. පාවාදීම්වලට වඩා දරුණු සංවිධානාත්මක බිඳවැටීම් සහ ආරක්ෂක අංශවල සූක්ෂමතාවයන් ඊට හේතු විය.

විදේශගත වූ සෝමවංශ රැඳී සිටියේ යුරෝපයේය. දියුණු නූතන සංස්කෘතීන් ඇති ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය සෝමවංශගේ නවාතැන් විය. එහෙත් සෝමවංශගේ දේශපාලනය තුළට උරාගත නොහැකි වූයේ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරවූ මෙකී යුරෝපීය දියුණු සංස්කෘතියයි. හැදැරීමට අවකාශය තිබිය දී රෝහණ විජේවීර අභිබවා යාමට අවස්ථාව උපරිමයෙන් තිබූ සෝමවංශ එම අවස්ථාවන් අතහැර තව දුරටත් විජේවීරගේ පසුපසින් යන්නට විය. සියුම් දේශපාලන චෙස් ක්‍රීඩකයකු ලෙස තම ජීවිතයෙන් අඩකට වඩා වයසින් අඩු තරුණ කණ්ඩායමක් හරහා ‘94 දි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ජ. වි. පෙ. ගෙන ඒමට සෝමවංශ සමත් විය. යුරෝපයේ සෝමවංශ ජීවත් වන සමය වන විට බර්ලින් තාප්පය බිඳ දමා සෝවියට සමූහාණ්ඩුව කැබලි වූ දේශපාලන රික්තකයක් ලෝක පරිමාණව පැතිරුණ සමයක සෝමවංශ එතෙරදීම මාක්ස්වාදියෙක් වනවා වෙනුවට පසුගාමී ජාතිකවාදියෙක් විය. ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදී සමාජයක් බිහි කිරීමට හැකි යැයි සිතන නිර්මාක්ස්වාදී ගොහොරුවෙහි ගිලීමට සාමාන්‍යයෙන්ම ආගමික හා ජාතිකවාදී සෝමවංශට ඒ නිසාම සුවපහසු අවස්ථාවක් ඇති විය.

ශ්‍රී ලංකාවට පැමිණි වහාම සෝමවංශ ජ. වි. පෙ. තුළ සිටි ජාතික ගැටලුවට සහ පීඩිත දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට යුදමය නොවන දේශපාලන විසඳුමක් අවශ්‍ය යැයි විශ්වාස කළ අය සූක්ෂම ලෙසත්, තක්කඩි ලෙසත් ඉවත් කළේය. අනතුරුව පාර්ලිමේන්තුවාදී සභාගයන් තුළ ජ. වි. පෙ. සිර කිරීමට සෝමවංශ ක්‍රියා කළේය. දෙමළ ජනයාගේ හිස්මතට ‘‘බර අවිවලින් පහර දී බෙදුම්වාදය පරාජය කිරීමට’’ ධනපති ආණ්ඩුවකට නිර්ලජ්ජිතව සහය දීමට මීට වසර කිහිපයකට පෙර ආරක්ෂක අංශ වෙතින් සැඟව දිවි ගලවාගත් සෝමවංශට හැකි විය.

ජන ඝාතක මිලේච්ඡ යුද අගල් තුළ ජ. වි. පෙ. පමණක් නොව මෙරට පීඩිත ජනයාත් කම්කරු පන්තියත් සිරකර තැබීමට සෝමවංශගේ යුගයෙහි ජ. වි. පෙ. ට හැකියාව ලැබිණි.

අලෙවිට වඩා සෝමවංශ මිලේච්ඡ වන්නේත් නූතන නොවන්නේත් මෙතැනදීය. චීවරධාරීන් සමඟ එකට හිඳිමින් යුරෝපීය සැහැල්ලූ විලාසිතා වෙනුවට දේශප්‍රේමීත්වයේ අමරසේකර මොඩලයේ ඇඳුම් ආයිත්තම් වෙත මාරු වීමට පවා ජ. වි. පෙ. නායකයන්ට හැකි වූයේ සෝමවංශ යුගයේදීය. ජාතික කොඩි බැජ් එකක් විමල් වීරවංශ සමඟ කමිසයේ රඳවාගෙන කඩු, සේසත්, තෝමර සමඟ කැප්පෙටිපොල, ගොංගාලේගොඩ බංඩා ආදීන්ගේ ඡායාරූප රැගෙන දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය හක් ගෙඩි පිඹිමින් බිහි කරන්නට ජ. වි. පෙ. ට ධෛර්යය ලැබුණේ සෝමවංශගේ ආනුභාවයෙන්මය. යාපනයේ මෙන්ම වෙනත් තැන්හි දී දෙමළ ජනයාගේ වීරයකු නොවුණු එපමණටම රාජ්‍ය බලය හිමි සිංහල පාලක සමාජයේ වීරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ අවමගුල් කටයුතු අධ්‍යක්ෂ ධූරය හෙළ උරුමය සමඟ තරග කර දිනා ගැනීමට සෝමවංශගේ ජ. වි. පෙ. ට හැකි විය.

ෙඑතිහාසික වැරැදි

සුවිශාල විනාශයක් පංති භේදයෙන් තොරව ලාංකීය සමාජයට උදා කර දීමෙන් අනතුරුවත් පශ්චාත් යුද සමයේදීවත් සිය අගතිගාමී මෑත අතීතය දෙස විචක්ෂණශීලීව බැලීමේ වාමවාදී ඇසක් සෝමවංශට තිබුණේම නැත. මහින්ද පරාජය කිරීම ඓතිහාසික වැරැද්දක් සේ දකින සෝමවංශ, මහින්ද ජයග්‍රහණය කරවීම වැරුද්දක් ලෙස නොදැක්කේ ඒ නිසාය.

ජ. වි. පෙ. වැනි ව්‍යාපාර බැබළෙන්නේ හුදු පුද්ගල චරිතය හා ගති ලක්ෂණවලින් පමණක් නොවේ. එවන් ව්‍යාපාර ඒවාටම ආවේනික ගති ලක්ෂණ මත චලනය වෙයි. එකී චලනයන් දේශපාලනිකය. එහෙත් සමහර පුද්ගල චර්යා සහ වුවමනා එපාකම් ද එකී චලනයන් තීව්‍ර කිරීමට සමත් වෙයි. ජ. වි. පෙ. තුළ සෝමවංශ සිටිය දී ජ. වි. පෙ. ට අත්වූයේ ද එකී ඉරණමයි.

පශ්චාත් යුද සමයේ දී ක්‍රම ක්‍රමයෙන් යළිත් වතාවක් ජාතීන්ගේ ප්‍රශ්න පිළිබඳ ලාංකීය සමාජයේ කේන්ද්‍රීය ගැටලුව මතුපිටට පැමිණීම ද එවැනිම වූ දේශපාලනික කාරණාවකි.

යුද්ධය විසින් තාවකාලිකව යටපත් කර තිබූ ජාතීන්ගේ ප්‍රශ්නය යළිත් සංවාද තලයේ විසඳුම් නොමැති ගැටලු ඇති කරද් දී ජාතික කොඩිය වෙනුවට රතු කොඩියත් කැප්පෙටිපොලලා වෙනුවට මාක්ස් සහ ලෙනින්ලාගේ ඡායාරූපත් අළු දූවිලි ගසා ජ. වි. පෙ. වේදිකාවට පැමිණෙන්නේ එහෙයිනි. එහෙත් ජ. වි. පෙ. සිය සාමාජිකයා රැගෙන ගිය දුර අනුව ආපසු හැරීමක් නොවීය. ආපසු හැරීම අසීරු විය. ආමග ඉදිරියට ගිය සමහර අය නතර වූයේ මහින්දගේ ඔඩොක්කුවේය. ගැටලුව තිබූ අය විනාශ කළ එල්. ටී. ටී. ඊ.යත් සමඟ ඩයස්පෝරාවේ නතර විය. කඩා බිඳගෙන ගිය තවත් පිරිසක් ක්‍රමයෙන් දියවන සුළුතරයක් බවට පත් විය. ජ. වි. පෙ. ට යළිත් සෝමවංශගේ සේවය අනවශ්‍ය විය. ජ. වි. පෙ. ට සෝමවංශත් සෝමවංශයට ජ. වි. පෙ. ත් නොපෑහෙන්නේ මෙකී සීරු මාරු වූ අවස්ථාවේදීය. ඒ නිසාම ජ. වි. පෙ. ට සෝමවංශ දේශපාලනිකව අනවශ්‍ය විය. ඔහුගේ යුගය අවසන් විය. එය තේරුම් ගත නොහැකි අයට සෝමවංශගේ අභාවයත් අවසන් කටයුතු සංවිධානය වූ ආකාරයත් අවසානයේ අවමගුල් උත්සවයත් නිරීක්ෂණය කළ විට සරල දේශපාලන රටාව වැටහෙනවා ඇත.

නිර්මාක්ස්වාදී ජවිපෙ

සමස්තයක් ලෙස ගත් කළ ජ. වි. පෙ. මුල සිටම ආ මගෙහි ඓතිහාසික ඉදිරියට යාම සිදුකරනු ලැබුවේ සෝමවංශ විසිනි. ආරක්ෂක අංශයන්ගෙන් සැඟව සිටි රෝහණ විජේවීර 1984 දී කළ ප්‍රකාශයක් අනුව තමන් මෙන්ම ආරක්ෂක අංශයන්ගේ පොදු මර්ධනයට මුහුණ දෙන වෙනත් බිම් පෙදෙසක වෙනස් සංස්කෘතික වෙනත් ජාතික පීඩිතයාගේ සහෝදරාත්මක වේදනාව නොදත් ජ. වි. පෙ. ඉන් අනතුරුව වසර කිහිපයක් ඇවෑමෙන් ඒ වේදනාව සෝමවංශ වටහා නොගැනීම පුදුම විය යුතු කරුණක් නොවේ.

එසේ නොවීමට හේතුව වූයේ නිර්මාක්ස්වාදී ජ. වි. පෙ. උපන්නේත් වැඩෙන්නේත් ජාතිවාදී සිංහල බෞද්ධ ගර්භාෂයේ වීමයි.

ප්‍රතිඵලය වූයේ සෝමවංශ අමරසිංහගේ මරණයත් අලෙවි මව්ලානාගේ මරණයත් යන දෙකටම පොලිස් පෙරගමන් රථ ලබා දීමයි. පොලිස් ආචාර දෙදෙනාගේම මෘත කලේබරයන්ට ලැබීමයි. දෙදෙනාටම පක්ෂ විපක්‍ෂ භේදයෙන් තොරව දේශපාලඥයන්ගේ සහභාගීත්වය ලැබීමයි. මේ අවසන් අවස්ථාවේ දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කරන කරුණක් විය. අලෙවි ඉස්ලාම් ආගමික වතාවත් අනුව මුස්ලිම් ජාතිකයන්ගේ සොහොන් බිමක තැන්පත් විය.

ඒ අවසන් හුස්ම හෙළා පැය 24ක් යෑමට මත්තෙනි.

සෝමවංශ අමරසිංහ අවසන් හුස්ම හෙළා දින කිහිපයකට පසු බෞද්ධ සම්ප්‍රදායානුකූලව අවමගුල් වතාවත් කර චිතකයක දවාලිණි. මීට වඩා වෙනසක් මේ අවසන් කටයුතුවල දී සිදු නොවීය. අලෙවිගේත් සෝමවංශගේත් ඉතිරි සියලු අවසන් කටයුතු සමානය.

අප යළි යළිත් සොයා බැලිය යුත්තේ අවසන් ගමන් යෑමට පෙර දෙදෙනාගේ කටයුතුවල සමාන සහ අසමානතාවයන්ය. එය වැදගත් වන්නේ මෙරට බිහි වන වාමාංශික ව්‍යාපාරයකටයි.

සිසිර යාපා

උපුටා ගැනීම -දිනමිණ  පුවත්පතිණි

Leave A Reply

Your email address will not be published.