පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජයට කිසිදු උවමනාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
මැතිවරණය කල්දැමීමට එම කොමිසමේ සභාපතිවරයා ද හවුල් බවත්, ඔහු කටයුතු කරන්නේද ආණ්ඩුවේ අවශ්‍යතාවය පරිදි බවත්, හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.
මේ අතර වකුගඩු රෝගයට මුවාවී පොහොර සහනාධාරය ද කප්පාදු කළ නිසා ගොවීන් අසරණ වී සිටින බවත්, ලූනූ මිල පහත වැටීම නිසා එම ගොවීන්ද අසරණ වී ඇති බවත්, මන්ත්‍රීවරයා කියා සිටියේය.