ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ භේද කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. මෙම කුමන්ත්‍රණය පිටුපස පසුගිය ආණ්ඩු කාලයේ යහමින් මුදල් ඉපැයූ පිරිසක් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග වැඩි දුරටත් පෙන්වා දෙයි .ඔහු අවධාරණය කළේ ජනපති – අගමැති කෙටවීමට වෙබ් අඩවි කිහිපයක්ද සංවිධානාත්මක ලෙස කටයුතු කරන බවයි.ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා වැඩමුවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා
”ජනවාරි 8වැනිදා විප්ලවයට සිය දාකයත්වය දුන් ජනහිතකාමී නායකයින් කිහිප දෙනෙක් වේ. ඔවුන්ගේ අරමුණ වන්නේ ජනපති – අගමැති සුසංයෝගය රටේ දියුණුව උදෙසා තවදුරටත් ආරක්ෂා කිරීමයි. එහෙත් වෙබ් අඩවි කිහිපයක් එවැනි දේශපාලනඥයින් ඉලක්ක කර අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටී. එම වෙබ් අඩවිවල මූලික උත්සාහය වී ඇත්තේ එම දේශපාලනඥයින්ගේ චරිත ඝාතනය කිරීම වේ. ජනපති අගමැති සුසංයෝගය ආරක්ෂා කිරීම දුර්වල කිරීම එහි වක්‍ර අරමුණයි. කෙසේනමුත් එවැන්නකට කිසිදු විටක ඉඩ නොදෙන බවය .”