topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජීවත්වීමේ අයිතිය පැහැර ගැනීම හෙවත් ඉඩම් කොල්ලය.

Studio_20161011_185027

දශක තුනක් පමණ දික්ගැසුණු යුද්ධය අවසන් වී අවුරුදු 7 ක් ගිය තැන නැවත ආරක්ෂක අංශ විසින් එකී යුධ මානසිකත්වය පෙරට දමා ආයුධ සහ රාජ්‍ය බලය දඩමීමා කරගෙන ඉඩම් බලහත් කාරයෙන් අත්පත් කරගැනීමේ කාර්යයෙහි නිරත වී සිටි. මෙසේ සංවර්ධනය මුවාවෙන් කරගෙන යන්නා වූ ඊනියා ව්‍යාපෘතියට ජනතාවගේ භුක්තිය පැහැර ගැනීම සදහා පසුගිය ආණ්ඩුව සහ වර්තමාන ආණ්ඩුව යන දෙකම ක්‍රියා කර ඇත්තේ එක සේය.පෙර සේම බොහෝ ඉඩම් කොල්ලයන් සිදු කිරීම සදහා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය  යොදවාගෙන ඇත්තේ දේශපාලන අධිකාරියේ වුවමනාවන් සදහාය මේ බව හෙළිදරව් වුයේ පසුගිය දිනක කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පැවති භුක්තිය පැහැර ගැනීම හෙවත් ජාතික වශයෙන් කරණ ඉඩම් කොල්ලයට විරුද්ධව පැවති සම්මන්ත්‍රණයකදීය.

සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනේ ඉඩම් අයිතිය සදහා වන ජනතා සන්ධානය විසිනි. එහිදී ප්‍රසිද්ධ පරිසර වේදීන්ද අදහස් දැක්වූ අතර, එකී භුක්තිය අහිමි වූ පුද්ගලයන් රාශියක් ප්‍රදේශ ගණනාවක් නියෝජනය කරමින් අදහස් දක්වන ලදී.

සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ පරිසරවේදී සජීව චාමිකර .

“උතුරේ වලිකාමම් වලත් කල්පිටිය, දඹුල්ල, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, සාම්පුර්, හම්බන්තොට, ආරුගම්බේ, මන්නාරම පල්ලිමුනෙයි, කුරුණෑගල ඉරුදෙනියාව, බස්නාහිර සහ නැගෙනහිර පානම යන බොහෝ ප්‍රදේශවල යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය යොදවා මේ  ඉඩම් අත්පත් කර ගැනීමේ නිරත වෙලා ඉන්නවා. මේ ගැන රජය සහ ඇමතිවරුන් කියන්නේ සංවර්ධනය සදහා ඉඩම් අත්පත් කරගන්නවා කියලා. ඒත් මේ ඉඩම් ජනතාව භුක්ති විදපු ගොවිබිම් සහ ධීවරබිම්. විශේෂයෙන් පානම ප්‍රදේශයේ ඉඩම් කොල්ලයට විරුද්ධව ගොනුකළ නඩු නිසා ඒ ප්‍රදේශවල ජනතාවට නැවත ඉඩම් ලබාදෙනලෙස උසාවි නියෝගයක්ද දීල තියෙනවා. 2011 පෙබරවාරි 11 දින කැබිනට් තීන්දුවක් දුන්න නැවත මේ ඉඩම් ජනතාවට දෙන්න කියලා. ඒත් නාවික හමුදාවේ බලපෑම් කිරීමත්, ලාහුගල ප්‍රාදේශිය ලේකම්ගේ සහ අම්පාර දිස්ත්‍රීක් ලේකම්ගේ දේශපාලන  උවමනාවන්ට යටවීමේ හේතු නිසාත් තවම මේ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැ. අඩුම ගානේ රටේ නීතියට අවනත වෙන්නේ නැ. ඒ කුමණ බලයක් නිසාද?. රටේ ජනතාවගේ බදු මුදල්වලින් වැටුප් ලබන නාවික හමුදාව මෙසේ ක්‍රියා කරන්නේ සහ ඔවුන් ලවා ජනතාව පෙළන්නේ කුමණ පරමාර්තයකින්ද?.”

මෙහිදී අදහස් දැක්වූ යාපනයේ  වලිකාමම් ඉඩම් අහිමි වුවන්ගේ සංවිධානයේ රත්නවේල් “දැන්යුද්ධය ඉවරවෙලා අවුරුදු ගාණක් ගිහිල්ලා  ඒ භීතිය  දැන් ඉවරයි ,ඒත්  හමුදාව යුද්ධය තියෙන කාලේ අල්ල ගත්ත ඉඩම්වලින්  තාම යන්නේ නැහැ අපි දැන් අවුරුදු 25ක් විතර අනාථයි.වලිකාමම් සහ කන්කසන්තුරේ  සංචාරක ව්‍යාපාරයට සුදානම් කරනවා,වගා බිම අපේ ඒවා අපට දෙන්නේ නැහැ  අපි තවම කුඩාරම් වල.  එක්  කුඩාරමක පවුල් තුනක් ඉන්නවා.තවමත් හමුදාව යොදවලා වගා කරනවා අපි කුලීවැඩ කරනවා.මේවට උත්තර නැද්ද . බඩගින්න,ලෙඩ රෝග .සියදිවි නසා ගැනීම් අපිව වෙලා ගෙන 2015 ජනවාරි 8න් පස්සේත්  තත්වය එසේමයි”

මෙහිදී ජාතික ධීවර  සහයෝගිතා  ව්‍යාපාරයේ  හර්මන් කුමාර සහ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තන රාජපක්ෂ යන අයද, ඉඩම් අහිමි වූ සහ කොල්ල කෑමට ලක්වූ ගොවි සංවිධාන සහ ධීවර සංවිධාන ගණනාවක නියෝජිතයන් ගණනාවක් මෙහිදී අදහස් දැක්වූ අතර  එම අරගලය ජාතික වශයෙන් ඒකාබද්දව කරගෙන යාමට ඔවුන් සංවිධානය වෙමින් තිබෙන බවද සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කරණ ලදී.

LNC විශේෂාංග ලේඛක දොන් ජයකොඩි

Leave A Reply

Your email address will not be published.