දඹුල්ල රජමහා විහාරස්ථ උයන්වත්ත පුරාණ විහාරයේ සංඝාවාසය තුළ ගින්නක් හටගෙන තිබේ
දඹුල්ල පොලිසිය ප්රකාශ කලේ ඉන් සංඝාවාසයට දැඩි හානි සිදුව ඇති බවයි.
මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.
දඹුල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකක , පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කළේය.
සංඝාවාසයේ තිබූ සිවුරු, පිරිකර, පොත් ඇතුළු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශ වී තිබේ.
ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැති අතර පොලිසිය ප්රකාශ කළේ විදුලි කාන්දුවක් බවට සැකකරන බවයි.