මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තිබු තිබූ වැඩවර්ජනය ලබන 10 වැනිදා තෙක් අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි.
ඉල්ලීම් හයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අදාළ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
ඉල්ලීම් සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.සී.ආරියරත්න සමග කළ සාකච්ඡාවකින් පසු සංගමයේ විධායක සභාව රැස්වී එම තීරණය ගත් බව එහි සභාපති එන්.යූ.කේ.ජයවර්ධන පවසා සිටියේ.