topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාගොඩ පොලිසිය අත්අඩංගුවටගත් ගාමිණි මැරුවාද,මැරුණාද

07

ගාල්ල නාගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත්  කාරියවසම් ගමගේ  ගාමිණි ප්‍රියශාන්ත (37) පොලිස් පහර දීමකින් මරණයට පත්වුයේ ද, නැතහොත් ගාල්ල බන්ධනාගාරයේ දී බන්ධනාගාර නිලධාරින් විසින් පහර දී මරා දැමුවේද, නොවසේ නම්,යම් රෝගි තත්වයක් මත මරණයට පත්වුවාද, නැතහොත් ස්භාවික  තත්වයක් යටතේ මිය ගියේද යන්න රට හමුවේ ඇති ප්‍රශ්ණයකි.අභිරහසකි.පොලිස් අත්අඩංගුවට ගැනිමෙන් මරණයට පත්වු පළමු වැනියා හෝ අවසාන තැනැත්තා ද ගාමිණි ද නොවේ. මේ කතාන්දරය ලංකා ඉතිහාසයේ මෑතකාලිනව සිදු වු තවත් එක් පොලිස් පහර දීමක් නිසා මරණයට පත් වුයේ යැයි කියන තවත් එක්  කතාන්දර අතර ඇති  අලුත්ම කතාන්දරයයි.

වැරැද්ද සිදු කළේ  කවුරුන් ද, අහිංසකයෙක් මැරුවාද, මෙය සත්තකින්ම ස්භාවික මරණයක්ද යන්න විවෘත වු කරුණක් බැව් අසනා කියනා පෙන්වාදෙන හා අදාළ වගකිව යුත්තෝ රාජ්‍ය ආයතන මෙන්ම මියගිය ගාමිණිගේ  ඥාතින් කියනා කාරණා සම්බන්ධයෙන් ඇත්තක්ද නැත්තක්ද ඔව් ද  නෑ  ද කියන්නට අපට නොහැකිය .

නමුත් සියල්ලම සිදු වී අවසානය. ඒ ගාමිණි ප්‍රියන්තගේ ජීවිතය කෙසේ හෝ  මරණයෙන් අවසන් වී තිබේ. වැරැද්දක් වුයේ නම් පක්ෂ,පාට නිලතල හෝ පුද්ගලයන් හෝ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හෝ වේවා මේ මරණයට වගකීම භාර ගත යුතුව ඇත. මරණය යම් ඝාතනයක් නම් ඒ වැරදි සිදු කළ අයළුවන්ට නිතීයෙන් දඩුවම් ලැබිය යුතුය යන්න මිනිස් සමාජයේ මතයයි.අපි එය මේවන විට මේ මරණය හෝ ඝාතනය සම්බන්ධයෙන් විවිධ අංශවලින් සිදු කරණු ලබන තින්දු තිරණ වලින් පසුව තිරණය කරන්නට සිදුවේ.එය කාලය විසින් විසදුම් සොයණු ඇත.

නමුත්,යම් සෙයකින් මෙය ඝාතනයක් නම් අප අදහන දහම අනුව,පරලොව දී නොව මේ ආත්මයේ දීම වැරදිකරුවන්ට දඩුවම්  ලබාදෙනු ඇතිය යන්න සමාජයේ  ජනතා මතයයි. නමුත් අප රහසේ මේ කතාන්දරය පිළිබදව සොයන්නට අදාළ සිද්ධිය නොව සිද්ධින් ජාලය ම සිදු වු ආකාරය සොයන්නට   ගාමිණි ප්‍රියශාන්ත (37)  ජීවත් වු ගමට ගියේ මේ ගැන ඇත්ත කතාන්දරය සොයන්නටය.

කාරියවසම් ගමගේ ගාමිණි ප්‍රියශාන්ත වාඩු වැලිවිටිය උතුරු, මඩකඩහේන ගම්මානයේ  තම  මව පියා සමග ජීවත්  වු අවිවාහක අයෙකි.

ගාල්ල නාගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව කියන ගාමිණි නිශාන්ත (37) ගාල්ල බන්ධනාගාර ගත් කිරිමෙන් පසුව, අසනිප වී රෝහල් ගතකිරිමෙන්  පසුව,  කරාපිටිය ශික්ෂණ රෝහලේදි මිය ගොස් තිබිණි. පොලිස් පහරදීම හේතුවෙන් ඔහු මිය ගිය බවට ඔහුගේ ඥාතීහු චෝදනා කළේ ඉන් අනතුරුවයි.

වරෙන්තුවක් ඇති බව කියමින් සිවිල් ඇඳුමෙන් සැරසුනු දෙදෙනකු කහදුවේ ගාමිණි නැමති අයට  පහර දෙමින් රැගෙන ගිය බව ඇල්පිටිය කහදූව ප්‍රදේශවාසීහු අප සමග පැවසුහ.

මෙයට විරෝධය ප්‍රකාශ කරමින් ප්‍ර දේශ වාසිහු විරෝධතාවයක්ද දැක්වුහ.

08-

මේකට වරෙන්තුවක් තියනවා.කසිප්පු වරෙන්තුවක් ……යැයි  කියමින්  ‍ගම්මු බලා සිටිය දීම වදකයට රැගෙන යන වරදකරුවෙක් ලෙස නාගොඩ පොලිසිය ගාමිණිට පහර දෙමින් රැගෙන ගිය බව අප සමග ගම්වාසිහු පැවසුහ.

බීමත් නඩුවක් සම්බන්ධයෙන් උසාවිය මග හැරූ වරෙන්තුවකට ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් පහරදීමක් නිසා මේ මරණය සිදුවූයැයි කියන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බව, නාගොඩ පොලිස් ස්ථානාධිපති සුමේධ විමල ගුණරත්න  පවසයි.

ඔහු සිරෝසීස් රෝගයෙන් පෙලෙන අයෙක් බවට පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව ද ඔහු සඳහන් කරයි.

මේකා ට වරෙන්තුවක් තියනවා. උසාවිය මග හැර සිටියේ . මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ද බීමතින් තමයි හිටියේ. අප ඒ බව තහවුරු කරගත්තේ මෙම පුද්ගලයා වෛද්‍යවරයෙකුට  ඉදිරිපත් කිරිමෙන් පසුවයි. වෛද්‍යවාර්තාවකින් පසුවයි අපි මේ පුද්ගලයා ගරු අධිකරණයට ඉදිරිපත් කළේ.එහිදී බද්දේගම අදිකරණය 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.ඉන් පසුව තමයි  රිමාඩ් එකේ දි තමයි අසනිප වෙලා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිහිල්ලා තියෙන්නේ.

මිය ගිය හෝ ඝාතනය කළ බැව් කියන ගාමිණි ප්‍රියශාන්ත (37) නම් අයගේ තොරතුරු මෙසේය.

ගාමිණි නාගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් බව කියන්නේ පසුගිය එනම් 2017.02.09 වන දාය. ඒ පසුගිය පොහොය දිනට පෙර දිනයේය.නා‍ගොඩ පොලිසිය,අත්අඩංගුවට ගත් ගාමිණි  10 දින බද්දේගම අධිකරණයට  ඉදිරිපත් කළේය.ඒ අනුව හෙතෙම බන්ධනාගාර ගත කෙරිණි. ඒ ගාල්ල බන්ධනාගාරයේය.

ඒ අනුව පසුගිය 11 වන දින ගාල්ල බන්ධනාගාරයේ දී ගාමිණිට අසනීප වීම නිසා ගාල්ල බන්ධනාගාර නිලධාරිහු හෙතෙම ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කළේය.

බන්ධනාගරයේ දී මගේ ඇගපත රිදෙනවා. කියමින් කෑ ගැසු ගාමිණි මට ඉවසන්න බෑ මට හරි අමාරුයි කියමින් විලාප දුන්නේය. ඒ අතර හෙතෙම සිය සිර මැදැරියේම දෙතුන් වතාවක් වමනය කළ බවක්ද ගාල්ල බන්ධනාගාර නිලධාරිහු අප සමග පැවසුහ. මේ ආකාරයට වමනය කළේ රුධිරය සමගින්ද, යන්න අප ඇසු ප්‍රශ්ණයට පිළිතුරක් ලබාදෙන්නට අප සමග කරුණු පැවසු ගාල්ල බන්ධනාගාර සමහර නිලධාරිහු නිරුත්තර වුහ.

කෙසේ නමුත්,ගාමිණි රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටින්ට ඇත යන්න ගාමිණිගේ ඥාතිහු පවසති. ගාමිණිගේ අම්මා 63 වන වියේ පසුවන්නීය. ඇය නමින් වීරතුංග ආරියවති නම් වුවාය.

ගාල්ල බන්ධනාගාරයෙන් නොවෙයි පොලිසියෙන් ගහලා තමයි මගේ පුතා මැරුනේ යැයි වයසක මාතාවක් වු ගාමිණිගේ අම්මා කීවේ කරාපිටිය රෝහල් පරිශ්‍රයම දෙවනත් කරමිණි. පුතාට ගහලා තමයි මේ මරලා තියෙන්නේ මුන්ගේ ගැලවිල්ලට බේරිල්ලට තමයි රෝහල් ගත කරලා තියෙන්නේ මව කියන්නීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්ගේ නින්දුව තවම ලබා දී නොමැත.එය ඉදිරියේ දී ලබාදෙනු ඇත. ගාල්‍ලේ කරාපිටිය රෝහලේ ජේ. ඇම්.ඕ නැතහොත් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දිල්හානි අමරිසිංහ මහත්මිය  කියන්නේ,මියගිය හෝ මරණයට පත් කළ හෝ ඝාතනය කළ පුද්ගලයාගේ සිරුර පරික්ෂා කර සිරුරේ කොටස් රස පරක්ෂක වෙත යවා තීන්දුවක් ලබා දුන් පසුව මරණයට හේතුව ප්‍රකාශ කරන බවයි.ඒ අනුව විවෘත තින්දුවක් ඇය ලබා දී තිබිණි.

ගාමිණි ඉකුත් 09  වන දින නාගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන,පසුගිය 10 වන දින බද්දේගම අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.ඒ අනුව ගාල්ල බද්දේගම අධිකරණයේ වැඩ බලන දිසා විනිසුරු ශ්‍රියා යසරත්න මහත්මිය වෙතයි. එතුමිය විසින්, ගාමිණි  පසුගිය   පෙබරවාරි 15 දින දක්වා ගාල්ල  රක්ෂිත බන්ධනාගාර කත කරන ලෙස නියෝග කළාය.

08

ගාමිණිගේ මව වීරතුංග ආරියවති  තවදුරටත් මෙසේ කීවාය.

මේ දරුවා වැඩ කරලා තමයි ආවේ පසුගිය 09 වෙනිදා දහවල් පුතා වැඩට ගිහිල්ලා තමයි ගෙදර ආවේ මට කන්න දෙන්න හාල් පොල් කරවල  බඩුත් අරගෙන. තමයි ගෙදර ආවේ.මෙන්න කුළි වැඩ කරලා ගත්තු සල්ලි වලින් ගෙදරට ගෙනාපු බඩුවල තුණ්ඩුව බිල, දරුව කසිප්පු විකුණුවේ නෑ.මගේ පුතා කසිප්පු බොන්නේ නෑ කියන්නේ නෑ බොන එක හැබෑව.නමුත් කසිප්පු විකුණුවේ නෑ.

නාගොඩ පොලිසියෙන් ආවා. මගේ පුතාට ගහ ගහා  සලයට ගෙනත් පෝටිපෝ එක ලගට ගෙනාවා.ගෙන්ලා කෙලින් කරලා තිබ්බා. පුතා නිදියගෙන තමයි එතකොටත් හිටියේ නිදාගෙන. එතකොටත් නිදි මතේ තමයි හිටියේ  ඊට පස්සේ පොලිස් රාළ හාමිලා පයින් ගැහුවා.ඊට පස්සේ දරුවා වැටුනා.ඊට පස්සේ රාල හාමිලා කීවා දැක්කද මේකා බීලා කෙලින් ඉන්නත් බෑ. වැටෙනවා කියලා. මම කීව්වා මම දැක්කා තමයි රාල හාමි පයින් ගැහුවා කියලා මම දක්කා කියලා ගාමිණිගේ මව තම පුතුට නාගොඩ පොලිස් නිලධාරින් විසින් පයින් ගහපු ආකාරය අනුකරණය කර පෙන් වුවාය.

ඇය මේසේද කීවාය.

මම කිව්වා කමක් නෑ. ගැහුවට කියලා මම දරුවා පොලිසියෙන් ගෙනියන්න ඇරියා.11 වෙනිදා උදේ කෝල් එක හබ්බ උනේ උ දේ 07ට විතර .මගේ දරුවා මැරිලාද දන්නේ නෑ.එතෙක් මෙතෙක් නාගොඩ පොලිසියෙන් ඇවිත් ඇහුවේ නෑ .උබලට මොකද උනේ කියලා.පොලිසියට මේ නඩුව විතරද තියෙන්නේ දරුවාට තියෙන්නේ කසිප්පු බීපු නඩුව තමයි තියෙන්නේ.එහෙමෙයි කියලා දරුවාට මෙහෙම ගහන්න ඕනද,පුතාගේ නම කාරියවසම් ගමගේ ගාමිණි ප්‍රිය ශාන්ත 36 යි වයස මහත්තයෝ…..නෑ.නෑ 37 යි මගේ හිතේ.

මියගිය ගාමිණිගේ පියා කාරියවසම් ගමගේ පේමචන්ද්‍ර මහතා ( 67 )

මට රස්සාවක් කරන්න හයියක් ශක්තියක් නෑ. මමයි දරුවන්ගේ අම්මයි රක්ෂා කළේ මේ දරුවා තමයි. අපිට කන්න දුන්නේ මේයා තමයි අපි දැන් අසරණයි. අපිට උපකාර කළ අපට සැලකු මේ දරුවා මරලා. බොනවා තමයි හදිස්සියෙන් නමුත් ගමටවත් කාටවත් කරදරයක් නෑ.හදසියෙන් බිව්වත් කෑගැහිල්ලක් නෑ හෙමිහිට ගෙරට ඇවිත් ශබ්ධ නැතුව නිදිය ගන්නවා. ගම වටේම කසිප්පු ප්‍ර දේශයේම මේ ජාවාරම සිදු කරනවා. පොලිසිය මේ අයගේ මේ තිප් පොලවල් වලට යන්නේ නෑ. බීලා එන අය තමයි අල්ලන්නේ. අපිට කන්න දුන්නු මේ දරුවා අපට නැතිඋනා අපි දැන් අසරණයි අපිට සලකන්න කන්න දෙන්න අපිව ආරක්ෂා කරන්න හිටිය අපේ ගාඹිණි පුතා මරලා දමලා යැයි කියමින් හෙතෙම හඩා වැලපෙන්නට විය.

මියගිය බැව් කියන  කාරියවසම් ගමගේ ගාමිණි ප්‍රියශාන්ත 36 සහෝදරියක මෙසේ පැවසුවාය.

අපේ අයියා බොන එක තමයි කරපු නරක වැඩේ.මෙයට අමතරව කිසිදු දිනක පනඩෝල් පෙත්තක්වත් බිව්වේ නෑ.අයියාට කිසිදු අසනිපයක් තිබුනේ නෑ.මම කසාද බැදලා මෙහෙ නොවෙයි ඉන්නේ. ගෙදර වෙන දේවල් සොයන්න වැඩිවේලාවක් නෑ.අම්මා අසනිපයෙන් ඉන්නේ අම්මාගේ කකුල් යටිපතුල් පැලිලා අම්මාට සලකන්නේ එයයි.තාත්තාට සලකන්නේ අයියා තමයි.  අපි නොවෙයි.අපිට දෙමාපියන්ට වැඩියෙන් සලකන්න වත්කමක් නෑ .අපට ආර්ථික ප්‍රශ්ණ තියනවා .

ඉතිං…..අපි දන්නේ නෑ අයියා අත්අඩංගුවට ගත්තා ද නැන්ද කියලා. 11 වෙනිදා තමයි මේ සිද්ධිය දන්නේ. එතකම් අපි නම් දැන්නේ නෑ.බන්ධනාගාරයෙන් කතා කරලා කියන විටයි දන්නේ දැන ගත්තේ.

බන්ධනාගාරයේ මගේ අයියා  කොනෙක් ඉන්නවා එයා ගාමිණි අයියා ලගට ගිහින් තියනවා. එවිට ගාමිණි අයියා කියලා තියනවා මට නාගොඩ පොලිසියෙන් ගැහුවා. මගේ යටිබඩ රිදෙනවා කියලා……..අයියාගේ මිනිය 12 තමයි ගෙදරට ගෙන ආවේ. පසුගිය 13 වන දින තමයි අවසන් කටයුතු කළේ.

අයියාගේ මරණය සම්බන්ධයෙන් අප ඉල්ලා සිටින්නේ අපට සාධාරණයක් වෙන්න කියලා. නිතීය අපටත් සාධාරණයක් කරයි කියලා අපි හිතනවා. අපේ අයියා නැති උන එක අපට මහා පාඩුවක්. අම්මා තාත්තාට මහා පාඩුවක්. දැන් ඉතිං අපි මොකද කරන්නේ.  අයියා තමයි මේ අම්මා තාත්තා රැක බලා ගත්තේ. දැන් ඉතං අපට තමයි මේ අම්මා තාත්තා රැක බල ගන්න වෙන්නේ.අපිටත් ආසයි දෙමාපියන්ට සලකන්න අපිත් දුකේ ඉන්නේ . දන් ඉතිං දෙමාපියන් රැකගන්නත් වෙන්නේ අපිටම තමයි.නැහැය කියලා බැරිය කියලා බෑ නේ දෙමාපියන් රැකගන්න අපට සිදුවෙනවා.

ගාමිණි මැරුවාද ,මරුණාද  කියා සිදු කරන ඉදිරයේ දී  පරික්ෂණවලින් ඉදිරියේ දී තහවුරු වනු ඇත.එය කෙසේ වෙතත්, ගාමිණිගේ දෙමාපියන් අද අසරණය. ගාමිණි  කා බිපු අයෙක් වුව ද, විවාහ නොවි තම අම්මා තාත්තා ට සලකන්නට ගත් වෙහෙස අගය කළ යුතුය. දෙමාපියන්ට සැලකීමේ මහාගුණයෙන් සිටි ගාමිණි සමුගෙනය.ගාමිණිගේ  මව්පිය සෙනෙහස  නිමාව ට නිමිගොස්ය.දැන් ගාමිණිගේ දෙමාපියන් අසරණය.

ගාමිණිගේ මාරයා ආවේ නාගොඩ පොලිසීයේ පොලිස් වෙස්ගෙන ද, නැතහොත් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාර  වෙස්ගෙන ද නැතහොත් සෑම මිනිසෙක්ම පිටපස එන මාරයාමද යන්න අදටත් අභිරහිසකි. මේ මරණය හෝ ඝාතනයේ සත්‍යතාවයේ රහස  කාලයේ වැලිතලාවෙන්  වැසිනොගොස් නුදුරු දිනයකම සත්‍ය පසක් වනු ඇත.

දෙමාපියන්ට සලකන ගාමිණි වැනි දරුවන් අදට මෙන්ම හෙටටත් රටට උවමනා ය.සූදුවට සුරාවට පෙම් කරන්නන්ට අවසානයේ සිදුවන්නේ කොතරම් යහපත් දේ සිදු කළද දුකය.

විනාශයයි.

පොලීසියට හෝ බන්ධනාගාරය සිදුකළ යුත්තේ වැරදි වැඩ කරන පුද්ගලයන් තරාතිරම නොබලා නිතියේ රැහැනට අල්ලා නිතිය ක්‍රියාත්මක කර නිතීමය දණ්ඩනයකට යටත් කිරිමයි. එහෙත් අපේ කතාන්දරයේ මිය ගිය හෝ ඝාතනය ට ලක් වු බැව් කියන  ගාමිණිගේ ඥාතින් පවසන පරිදි මරා දමන්නටනම් නොවන්නේය.

සටහන හා ඡායාරූප  සුනෙත් ගාල්ලගේ- ගාල්ල

150224183807_police_sri_lanka_police_512x288_getty_nocredit

 

 

 

 

Leave A Reply

Your email address will not be published.