topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

” පහරට නමක් ” දුන් ඔටුනු නොපලන් කුමාරයෙකුගේ නික්ම යාම..!

Studio_20160910_124224

 1976 වසරේ ඔක්තෝම්බර් 16 වන දින මෙලොව එළිය දකින තුවාන් මොහමඩ් ඩිල්ෂාන් උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වූ අතර ඔහුගේ පියා මැලේ ජාතිකයෙක් විය. මව බුද්දාගම ඇදහුවද ඩිළ්ෂාන් උපන්නේ ඉස්ලාම් ආගමිකයෙකු ලෙසයි. පියාගේ ගමන් මග යමින් කුඩා කළ සිටම පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ දිල්ෂාන් මූලික අධ්‍යාපනය ලබන්නේ යාපනය මහා විද්‍යාලයෙනි. නමුත් ඉන්පසුව කලුතර මහා විද්‍යාලයට ඇතුලු වීමත් සමගින්, දිල්ශාන්ගේ පාසල් ක්‍රිකට් දිවිය ඇරඹෙන අතර දිල්ෂාන්ගේ එම හැකියාව අදුරාගනු ලබන්නේ එවකට කලුතර මහා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවෙකු වූ සුනිල් සලුවඩුවන මහතා විසිනි. උපතින් ඉස්ලාම් ආගමිකයෙකු වී දිල්ශන් වයස අවුරුදු 16 දී බෞද්ධාගමිකයෙකු බවට පත් වේ. ඔහුගේ සහෝදරයාත්, සහෝදරියත් බෞද්ධාගමික වු බැවින් , දිල්ශාන්ද වයස අවුරුදු 16 දී බෞද්ධාගමිකයෙකු වූ බව සදහන් කරයි.

පාසල් කාලයේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ නොමද ආශාවත්, කැපවීමත් හේතුවෙන් වයස අවුරුදු 13 න් පහල සහ 19 පහල කණ්ඩායම නියෝජනය කිරීමට පවා දිල්ශාන් දක්ෂයෙකු විය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේන් ජාත්‍යන්තර තලයට පා සටහන් තබනා දිල්ෂාන් ඔහුගේ 1999 වසරේ නොවැම්බර් 18 වන දින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තම ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගයට සහභාවි වීමේ අවස්තාව හිමි කර ගන්නා ලදි. මංගල ටෙස්ට් තරගයේදී එතරම් දක්ෂතා පෙන්වීමට නොහැකි වුවද , දිල්ෂාන් ලකුණු 9 ක් ලබා ගනිමින් සිය ක්‍රිකට් දිවිය අරඹන්නට පටන් ගන්නා ලදී. කඩුල්ලට මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන් මුල්ම තරගයෙන් එතරම් දක්ෂතා අතරට ඒමට නොහැකි වුව ද , සිම්බාබ්වේට එරෙහිව දෙවනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන දිල්ෂාන් එහිදී නොදැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත් වෙයි. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දිල්ෂාන්ගේ හොදම ඉණිම ලෙස සටහන් වනුයේ ඔහු විසින් 2012 වසරේදී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේදී ලබාගත් අගනා ලකුණු 193 යි. මෙය ඔහුගේ හොදම ඉණිම ලෙස සටහන් වීම විශේෂත්වයකි. ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගන්නා විට තරග 87 කදී, ලකුණු 5492 ක් ලබාගෙන සිටි අතර එයට ශතක 16 ක් සහ අර්ධ ශතක 23 ක් ඇතුලත් වුනි. පිතිකරණයට පමණක් නොව , පන්දු යැවීමටත් , පන්දු රැකීමටත් දක්ෂයකු වූ මොහු ටෙස්ට් කඩුලු 39 ක් බිද හෙලා ඇත.

1999 වර්ෂයේ දෙසැම්බර් 11 වන දින සිම්බාබ්වේට එරෙහිව එක්දින වරම් හිමි කරගන්නා දිල්ෂාන් මංගල තරගයේදී රැස් කර ගනු ලබන්නේ ලකුණු 31 ක් පමණි. විවිධ බාධක මැඩ ගනිමින් ඉදිරියට පැමිණෙන මොහු මංගල එක්දින ශතකය නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කරනු ලබන්නේ 2006 වර්ෂයේදීය. එහිදි නොදැවී ලකුණු 117 ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කරන අතර එහිදී එම තරගයේදීම සනත් ජයසූරිය විසින් අගනා ලකුණු 157 කින් තම ඉණිම ගොඩ නගනු ලැබේ. පසුගියදා අවසන් වූ ශ්‍රිලංකා ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියෙන් ක්‍රිකට් පිටියට සමු දෙන විට දිල්ෂාන් එක්දින තරග 330 කදී , ලකුණු 10, 290 ක් ලබාගෙන සිටි අතර ලකුණු 10 000 සීමාව පසු කළ ලංකාවේ සිව්වැනියා ලෙසටත් , ලෝකයේ 11 වෙනියා ලෙසටත් වාර්තා පොතට ඇතුළත් වෙන ලදි. 39.27 වේගයක් රදවා ගනිමින් තම එක්දින පිටියේ ශතක 22 කුත් අර්ධ ශතක 47කුත් ලබා ගනිමින් තම ක්‍රිකට් පිටිය බබලවන්නට විය. එක්දින ක්‍රිකට් පිටියේ දිල්ෂාන්ගේ හොදම ඉණිම ලෙස සටහන් වනුයේ ඔහු විසින් බංග්ලාදේශය එරෙහිව ලබාගත් ඒ අගනා ලකුණු 161 බව ඔබ මෙන් ම මාද දන්නා කරුණකි. ඉන්ඩදියාව හමුවේ ලබා ගත් ලකුණු 160 දී, පන්දු 38 ක් තුළදී, අර්ධ ශතකය ලබා ගන්නා අතර , පන්දු 73 කදී තම ශතකය සම්පුර්‍ර්ණ කරගන්නා මොහු පන්දු 115 තුළදී ලකුණු 150 සීමාව පසු කරන්නට විය. එහිදී ඉන්දියාව ලබා ගනු ලැනු ලකුණු 414ට පිළිතුරු ඉණිම ශ්‍රීලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 411 පමණි. ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වුවද දිල්ෂාන් සෑම ස්තානයකදිම තමන්ගේ උපරිමය කළ ක්‍රීඩකයෙක් බව පෙනේ. එපමණක් නොව, පන්දුවෙන්ද දක්ෂතා පෙන්වු දිල්ෂාන් එක්දින කඩුලු 106 ක් සහ උඩපන්දු 123 කටද තම දායකත්වය සපයා ඇත.

ටෙස්ට් ක්‍රීඩාවේ මෙන් ම එක්දින ක්‍රීඩාවේ පමණක් නොව විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේද , පෙරළියක් ඇති කරවූ ක්‍රීඩකයෙකු ලෙස දිල්ෂාන් හැදින්විය හැක. ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත වූ සමයක, වසර 17 ක් පුරාවට කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් ලෙසින් තම සේවය ඉහළ අයුරින්ම කළ ක්‍රීඩකයෙකු ලෙස දිල්ෂාන් හැදින්විය හැක. ක්‍රිකට් ක්‍රීඩාවේ කොතරම් වාර්තා තැබුවද , කොතරම් දක්ෂතා දැක්වුවද , ක්‍රීඩකයෙකුගේ නමින් ක්‍රිකට් පහරක් ක්‍රිකට් පොතට ඇතුළත් කර ගැනීම ඉතා අසීරූ මෙන්ම කළ නොහැකි දෙයකි. නමුත් තමන්ගේ නාමය ලෝ තලයට ගෙන යමින්, “Dilscoop ” පහරේ නියමුවානන් බවට පත් වීමට දිල්ෂාන්ට හැකියාව ලැබිණ. මේ හේතුවෙන් අපි ලාංකිකයන් වශයෙන් දිල්ෂාන් වෙනුවෙන් අපේ ස්තූතිය පුද කර සිටිමු.

ප්‍රවේගකාරි විස්සයි විස්ස ක්‍රිකට් පිටිය ආක්‍රමණය කරමින් තරග 79 කදී ලකුණු 1888 ලබා සිටින දිල්ෂාන් , ඔහුගේ එම ලකුණු අතරට ශතකයක් සහ අර්ධ ශතක 13 ක් තම නම ඉදිරියේ ලියා ගන්නටද සමත් විය.

තම පන්දුවෙන්ම මෙන් ම පිත්තෙන් ද , ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ දිල්ෂාන් වසර 17 ක ඒ ක්‍රිකට් දිවියට සමු දීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගෙන ගියද ඔබ කළ ඒ අමරණීය සේවයට ක්‍රිකට් රසිකයන් වශයෙන් අප සුබ පතන්නෙමු ! ඉදිරි අනාගතට සුබ පැතුම් දිල්ෂාන් .!

සමිර ගොඩපිටිය

Leave A Reply

Your email address will not be published.