ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එම්මානුවෙන් මැක්රොන් ජයග්‍රහණය කර තිබේ.
පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ මැක්රොන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 66.06%ක් ලබා ඇති බව විදෙස් පුවත් අනාවරණය කරයි.
ජයග්රහණයෙන් පසුව එරට මාධ්‍ය ඇමතූ මැක්රොන් තමාට ප්‍රංශ ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට අවශ්‍ය බව පෙන්වාදී තිබේ.
ප්‍රංශ ජාතියේ එක්සත්භාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට වගකීමේ සහතිකයක් ලබාදිය හැකි බව පවසා ඇති ඔහු යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරන බව අවධාරණය කර ඇත.
එම්මානුවෙල් මැක්රොන්ගේ ප්‍රතිවාදිනිය වූ මැරීන් ලා පෙන් විසින් ලබාගෙන ඇත්තේ 33.94% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.