topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාක්ෂිකයො මැදැයි ආණ්ඩුවක් ගත්තා අපිට වෙච්ච දෙයක් නෑනේ කියලා අහනවා.

IMG_2572

අපේ පාක්ෂිකයො මැදැයි ආණ්ඩුවක් ගත්තා අපිට වෙච්ච දෙයක් නෑනේ කියලා අහනවා. මම ඒ අයට කියනවා ඕක අහන්න කරුණාකරලා 2020 දි. එතකම් ඉවසීමෙන් ඉන්න. තවම අවුරුදු දෙකයි ගියේ. අපේ ලොකුම අරමුණ මේ රටේ දුප්පත්කම නැති කරන්න. මේ රටේ හැමදෙනාගේම අතේ මුදල් ගැවසෙන තත්වයක් ඇතිකරන්නයි අපිට ඕනි යනුවෙන් යයි ඇමතිනී තලතා අතුකෝරාල  ප්‍රකාශ කරයි. අමාත්‍යවරිය මේ අදහස්  ප්‍රකාශ කළේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ රත්නපුර ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය,”  අද රටේ අධිකරණය ස්වාධීන වෙලා තියෙනවා. විනිසුරුවරුන්ට කතාකරලා දෙන්න ඕනි තීරණය මොකද්ද කියලා කිව්ව යුගයක් තිබුණේ. ඉතිහාසයේ පළමුවරට අගවිනිසුරුවරයෙක් ගෙදර යවපු යුගයක් තිබුණේ. මහින්ද රාජපක්‍ෂ අවුරුදු දෙකක් කලින් ජනාධිපතිවරණය තිබ්බේ ලෝකයේ හැම රටකින්ම සම්බාධක පැනවෙනකොට රට ඉස්සරහට ගෙනියන්න මුදල් නැතුව හිරවෙනකොට තමයි ඡුන්දේ තිබ්බේ.” යනුවෙන් සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, ”දකුණු පළාතේ හම්බන්තොට කර්මාන්ත ශාලා ආරම්භ වෙනවා. නැව් එන්නේ නැති වරායවල් හැදුවේ කවුද කියලා අහනකොට, අහස්යානා එන්නේ නැති ගුවන්තොටුපොලවල් හැදුවේ ඇයි කියලා අහනකොට අපේ අගමැතිතුමා ඒ දේවල්වලට අද විසඳුම්දීලා තියෙනවා. අද අපිට කියනවා හම්බන්තොට චීනයට ලියලා දෙන්න යනවා කියලා. මොන රටට දීලා හරි මුන් විනාශ කරපු රට, මුන් නාස්ති කරපු රට ගොඩ අරගෙන අපේ මිනිස්සුන්ට නිදහසේ ජීවත්වෙන්න වටපිටාවක් හදන එක අපේ රජයේ වගකීමයි.
නොයෙක් විදිහෙ මඩ ගහනවා. 2020 වෙනකොට රනිල් වික‍්‍රමසිංහ ආයෙත් අගමැති වෙන එක නතර කරනවලූ. මුළු ආසියාවම විතරක් නෙවෙයි මුලූ ලෝකෙම දන්නවා රනිල් වික‍්‍රමසිංහ කියන්නේ හොරෙක් දුෂිතයෙක් නෙවෙයි කියලා. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන, කටපුරා නායකයා කියන්න පුළුවන් නායකයෙක් අපිට ඉන්නේ.
2015 ජනවාරි 8 වෙනිදා මේ ආණ්ඩුව අපි ගන්නකොට අපි කිව්වා දේශපාලන හේතුමත තීන්දු තීරණ ගන්න මේ පත්වෙන නායකයා සූදානම් නෑ කියලා. අපි පත්කරපු නායකයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කෙනෙක්. අපි එතුමගෙන් බලාපොරොත්තුවුණේ යහපාලන රජය තුළ මේ රටේ කිසිම කෙනෙක්ට අසාධාරණයක් නෙවෙන විදිහට වැඩකරගෙන යන්න. වෙළඳසැල් තියෙන අයට, ති‍්‍රවීලර් තියෙන අයට, විදෙස් රැුකියා කරන අයට සමෘද්ධිය ලැබුණා. ඒත් ඉන්න හිටින්න තැනක් නැති එදා වේල හොයාගන්න නැති යු.එන්.පි කාරයට සමෘද්ධිය ලැබුණේ නෑ විතරක් නෙවෙයි, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට යෑමත් තහනම් වුණා. ගමට ආපු රජයේ නිළධාරීන් එදා දේශපාලනය කළේ. පොලිසියට ගිහින් අපේ මිනිහෙක්ට පැමිණිල්ලක් කරන්න බැරි වුණා. අනිත් පැත්තෙන් ඇමතිගේ කෝල් එක ආපු ගමන් පැමිණිල්ල විභාග කිරීම නැවතුණා. මේ දේවල් ගැන තමයි අද සතුටු වෙන්න පුළුවන්. පක්‍ෂ භේදයකින් නැතුව රටේ කාට වුනත් අද නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. පහුගිය ආණ්ඩු කාලේ වගේ සමෘද්ධිලාභීන් එහෙට මෙහෙට ඇදලා, අතේ යමක් කමක් තියෙන අය ඒ තත්වයන්ගෙන් පහලට ඇදලා දාන්න මේ රජය සූදානම් නෑ. අපි හැමතිස්සෙම බලන්නේ කාටවත් අතපාන්නේ නැතිව, කොන්ද කෙලින් තියාගෙන මේ රටේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ඇතිකරන්න.” ලෙස සඳහන් කළාය.
මෙම අවස්ථාවට, ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර, මහාචාර්ය ආශු මාරසිංහ සබරගමු පළාත් සභා මන්ති‍්‍රවරුන් වන ඉෆ්ලාර් යෙහියා, සමිත ආටිගල, කේ.එල්.රත්නායක, සිරිපාල කිරිඇල්ල, නිමල් විජේනායක, කලවාන එජාප ප‍්‍රධාන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක  එක්වී සිටියහ.

IMG_2544  IMG_2572

Leave A Reply

Your email address will not be published.