වංචා, දූෂණ, බලය, රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස යෙදවීම (PRECIFAC) සඳහා වන බරපතළ ක්‍රියා විමර්ශන ජනාධිපති කොමිසන් සභාව පැමිණිලි 171 ක විමර්ශන කටයුතු සම්පූර්ණ කැර තිබේ.
ඉදිරි සතිය තුළ දී විමර්ශන සම්පූර්ණ කළ සිද්ධි 6 ක තොරතුරු ඇතුළත් කළ වාර්තා හයක් (PRECIFAC) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාර දීමට නියමිතය. වාර්තා තුනක් ඉදිරිපත් කිරීමට සූදානම් අතර තවත් වාර්තා තුනක් අවසන් කරමින් පවතින බව කොමිසමේ පුකාශකයෙක් පැවසිය.
කෙසේ වුවත් ලබන සතියේ දී ජනාධිපතිවරයා වෙත එම වාර්තා හය ඉදිරිපත් කරන තුරු ඒවායේ නම් සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර තවත් නඩු නවයක වාර්තා සම්පූර්ණ කිරීමට ආසන්න බව ද සඳහන් කෙළේය.
මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය, වෙළෙඳ දැන්වීම් සඳහා අයි.ටී.එන්. ආයතනය වෙත මුදල් නොගෙවීම සහ මහියංගණයේ රාජ්‍ය ඉඩම් අවභාවිතය ආදිය ඇතුළත් සම්පූර්ණ කළ විමර්ශන වාර්තා හයක් මේ වන විටත් විමර්ශන කොමිසම ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ. PRECIFAC වෙත පැමිණිලි 357 ක් ලැබී ඇති බවත් පැමිණිලි 36 ක් පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවත් පැමිණිලි 171 ක විමර්ශන සම්පූර්ණ කැර ඇති බවත් ඉතිරි පැමිණිලි 150 කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන ලැබෙන තුරු සිටින බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කෙළේය. PRECIFAC වෙත 2016 මාර්තු මාසය වන විට ලැබුණ සම්පූර්ණ පෙත්සම් සංඛ්‍යාව 1,600 ක් වන නමුත් එයින් 1,265 ක් කොමිසමේ නියේග මත ලැබී ඇති බව ඔහු සඳහන් කළේය. තවත් පෙත්සම් 43ක් විමර්ශන කොමිසමින් එෆ්. සී. අයි. ඩී වැනි වෙනත් විමර්ශන වෙත නිර්දේශ කැර ඇති බව ද ඔහු ප්‍රකාශ කෙළේය.
පැමිණිලි 171 ක විමර්ශන කටයුතු සම්පූර්ණ කර ඇත.
ඉදිරි සතිය තුළ දී විමර්ශන සම්පූර්ණ කළ සිද්ධි 6 ක තොරතුරු ඇතුළත් කළ වාර්තා හයක් (PRECIFAC) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාර දීමට නියමිතය.මෙයින් වාර්තා තුනක් ඉදිරිපත් කිරීමට සූදානම් අතර තවත් වාර්තා තුනක් අවසන් කරමින් පවතින බව කොමිසමේ පුකාශකයෙක් සදහන් කර ඇත.
කෙසේ වුවත් ලබන සතියේ දී ජනාධිපතිවරයා වෙත එම වාර්තා හය ඉදිරිපත් කරන තුරු ඒවායේ නම් සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර තවත් නඩු නවයක වාර්තා සම්පූර්ණ කිරීමට ආසන්න බව ද සඳහන් කෙළේය.
මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය, වෙළෙඳ දැන්වීම් සඳහා අයි.ටී.එන්. ආයතනය වෙත මුදල් නොගෙවීම සහ මහියංගණයේ රාජ්‍ය ඉඩම් අවභාවිතය ආදිය ඇතුළත් සම්පූර්ණ කළ විමර්ශන වාර්තා හයක් මේ වන විටත් විමර්ශන කොමිසම ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ. PRECIFAC වෙත පැමිණිලි 357 ක් ලැබී ඇති බවත් පැමිණිලි 36 ක් පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවත් පැමිණිලි 171 ක විමර්ශන සම්පූර්ණ කැර ඇති බවත් ඉතිරි පැමිණිලි 150 කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන ලැබෙන තුරු සිටින බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කෙළේය. PRECIFAC වෙත 2016 මාර්තු මාසය වන විට ලැබුණ සම්පූර්ණ පෙත්සම් සංඛ්‍යාව 1,600 ක් වන නමුත් එයින් 1,265 ක් කොමිසමේ නියේග මත ලැබී ඇති බව ඔහු සඳහන් කළේය. තවත් පෙත්සම් 43ක් විමර්ශන කොමිසමින් එෆ්. සී. අයි. ඩී වැනි වෙනත් විමර්ශන වෙත නිර්දේශ කැර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.