topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙබරවාරි මස 03දා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා.

_DSC9145

” විනිවිද පාලනයක්, දූෂණ අවම කරගතහැකි  අවස්ථාවක්, රටේ මුදල් යම් කටයුත්තකට යෙදවූ පසුව ඒවා ක්‍රියාත්මක වුනු ආකාරය පිළිබඳව රටේ ජනතාවට දැනගැනීමට වගේම රටේ ඕනෑම තොරතුරක් ජනතාවට අවශ්‍ය වූ විට එය දැනගැනීමට හැකියාව තොරතුරු දැනගැනීමේ පණත හරහා රටේ සියලු ජනතාවට සමානව ලැබෙනවා. පණත ක්‍රියාත්මක කිරීමේ අභියෝගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැවරී තිබෙනව. ඒ වගේම මේ වන විට තොරතුරු කොමිෂම පත්කරල තිබෙනව. අමාත්‍යංශය පැත්තෙන් අවශ්‍ය කටයුතු මේවන විටත් සම්පාදනය කරල තිබෙනව. ඒ වගේම තොරතුරු ලබාගැනීමේ අවස්ථාව ජනතාවට උදාකර දෙන්නට පෙබරවාරි මස 03දා ගැසට් නිවේදනයක් නිකුත් කරනව. ඊට පසුව මේ පණතට අනුව සෑම පුරවැසියකටම අයිතිය ලැබෙනව තමන්ට අවශ්‍ය තොරතුරක් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ලබාගැනීමට. ” යැයි පැවසුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  විසිනි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුල් සාමාජිකයින් සියලු දෙනා එකව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක , නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන , පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ ඇතුලු පිරිස අතර  විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය  දා සිදුවූහ. කොම්සමෙහි සාමාජිකයින් ගණන 05කි. එහි සභාපතීත්වය මහින්ද ගම්මන්පිල  දරණ අතර සෙසු කමිටු සාමාජිකයින් වන්නේ කීශාලි පිංතෝ ජයවර්ධන, එස්. ජී. පුංචිහේවා, ඒ. ඩබ්. ඒ මලාම්, සිල්වි තිරුචන්ද්‍රන් යන අයය. ඒ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක  මේ අදහස් පලකර සිටි අතර එහිදී ඇමතිවරයා මේසේද කීය.

” විශේෂයෙන් අපේ රජය පත්වෙලා ජනතාවට දුන් පොරොන්දුවක් තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත හදුන්වා දී ඒ මගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරනව කියක එක. අපි පසුගිය වසරේ අගෝස්තු මස 04 දා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල මන්ත්‍රීවරු 225 දෙනාගේම එකගතාවයෙන් ඒකච්ඡන්දයෙන් සම්මත කරගත්ත. ඒ පණත සමමත වන විටම පණතේ සදහන් කරල තිබෙනව පාර්ලිමේන්තුවේ සම්මත වී මාස 06ක් ඇතුලත පණත ක්‍රියාත්මක කල යුතු බව. අප මූලික වශයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් දැනුවත්කිරීම් සිදුකලා. දිස්ත්‍රික්ක ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු පළාත්සභා වල ලේකම්වරුන් අපි දැනුම්වත් කලා. ඒ වගේම මාධ්‍යවේදීන්, විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු පවත්වල ඒ කාර්ය සිදුකලා. තවත් කිහිපයක් ඉදිරි සතිය තුල පත්වනවා.”

” දැන් මේවන විට අමාත්‍යංශ සියල්ලගෙන්ම, ආයතන සියල්ලගෙන්ම පාහේ තොරතුරු නිළධාරීන් තෝරාගෙන නම්කරල තිබෙනව. අපි බලාපොරොත්තු වෙනව ඒ සියලුම දෙනාට මේ පිළිබඳව පුහුණුවක් ලබාදෙන්න. සියලුම තොරතුරු නිළධාරීන් එක් තැනකට ගෙන්වා පණත පිළිබඳව පැහැදිලිකිරීම් සිදුකොට ඔවුනට ඒ පත්වීම පිරිනැමීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පෙබරවාරි මස 03දා යින් පසුව රට පුරා සියලුම රාජ්‍ය ආයතන වල මේ කටයුතු ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ”

” තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත හදුන්වා දීමට හැකිවීම පිළබඳවත් ඒ පණත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට හැකිවීම පිළිබඳවත් මාස හයකින් ඒ පණතින් ජනතාවට තොරතුරු දැනගැනීමට අවශ්‍ය වටපිටාව සකස්කර දී ඒ සදහා පහසුකම් සම්පාදනය කිරීමට හැකිවීම පිළිබදවත් අප සතුටු වෙනව. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳ කොමිෂම මේ සියලු කරුණු සම්පාදනය කරගෙන මෙමගින් සියලු ජනතාවට යතාර්ථයක් බවට මේ පණත පත් කිරීමට, මෙය පොදු ජනතාවට ප්‍රයෝජනවත් තැනක් බවට පත්කිරීමට අදාල සියලු කටයුතු ඉතා උනන්දුවෙන් නිශ්චිත කාලයට අනුව ඉටු කර ඒ ඓතිහාසික අවස්ථාව අප ලඟාකරගෙන තිබෙනව. ”

“මේ පණතේ පැහැදිලිව සඳහන් වෙනවා ජනතාවට ලබාගතහැකි තොරතුරු මොනවද?  ඒ වගේම යම් යම් තොරතුරු තිබෙනව ජාතික ආරක්ෂාවට යම් අයුරකින් තර්ජනයක් වෙනවනම් තොරතුරු ලබාදෙන්න පුලුවන් කමක් නැහැ. ඒ වගේම පෞද්ගලික තොරතුරු, යම් කෙනෙකුගේ වෛද්‍ය වාර්තා වගේ දේවල් වගේ ඒවා ලබාදීමට හැකියාවක් නැහැ. මේ පණත පිළිබඳව දැනුම්වත් කිරීම් අප මූලික වශයෙන් සිදුකලේ රාජ්‍ය නිළධාරීන්ට. ඒ වගේම මාධ්‍යවේදීන්ට. දැන් අපි විවිධ ක්‍රම වලට මෙය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ පණතේ නිසි ප්‍රයෝජනය ලැබීමේ වාසනාව හිමිවන්නේ රටේ ජනතාවටයි. පුරවැසියාටයි මේ පණතේ වාසිය හිමිවන්නේ. පෙබරවාරි 03දා යින් පසුව ටිකෙන් ටික ජනතාව මේකට හුරුවෙයි. මේ පණතින් තමන්ට හිමිවන වාසිය කුමක්ද කියල අවබෝධකර ගනීවි. ඉන් පසු දිගින් දිගටම නිසි ප්‍රයෝජන ලබන්න හැකිවෙනවා

Leave A Reply

Your email address will not be published.