පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල ලෙස ස්ථාපනය කරන ලද ආයතනයක් බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කර ඇති වාර්ථා වේ.
රිමාන්ඩ් භාරයේ සිටින සරත් වීරවංශ වෙනුවෙන් ඇප ඉල්ලා සිටි ඔහුගේ නීතිවේදියා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරක්ෂක ලේකම්වරයා විසින් ස්ථාපිත කරන ලද පොලිස් ඒකකයක් නොවන බවට තර්ක කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් පරීක්ෂණ මෙහෙයවීමට අදාළ පොලිස් ඒකකයට නීත්‍යනුකූල බලයක් නොමැති බව අධිකරණයට පෙන්වා දුන්නේය.
එම තත්වය සුවිශේෂ කරුණක් ලෙස සලකමින් සිය සේවාදායකයාට ඇප නියම කරන මෙන් ඔහු උසාවියෙන් ඉල්ලා සිටියේය.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස් ආඥා පනත යටතේ ස්ථාපිත කළ නීත්‍යනුකූල ආයතනයක් බවය.
එම පොලිස් ඒකකයට සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට සහ පරීක්ෂණ මෙහෙයවීමට බලය පවතින බව මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළාය.