topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බිච්මැච් සෙල්ලමේ ගවේෂණාත්මක කතාන්දරය.

Image-2-2

ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟ (Big Match )තහනම් කළ යුතු බව බෝධීරාජ පදනමේ අනුශාසක පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසුහ.උන්වහන්සේ මේ බව සඳහන් කළේ පසුගිය සතියේ කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලයීය සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිලිබඳ අදහස් දැක්වීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීය.

බෞද්ධ නායකත්වය හැටියට තමන් වහන්සේලා මෙම සිදුවීම දකින්නේ බෞද්ධ කමට වූ නිගාවක් ලෙසින් බව සෝභිත හිමියෝ අවධාරණය කළහ.පැහැදිලි ලෙසම මේ මහා විද්‍යාල අදෘශ්‍යමාන කුමන්ත්‍රණයක ගොදුරු බවට පත් වී ඇති බවත් එම කුමන්ත්‍රණය බෞද්ධ කම නැති කරන, බෞද්ධ සදාචාරය විනාශ කරන සදාචාරය නැති කරන කුමන්ත්‍රණයක් බව උන්වහන්සේ ප්‍රකාශ කළේය.

“මත්පැන් හා මත් ද්‍රව්‍ය මුල්කොට ගෙන මෙම තත්ත්වය උදා වී වෙලා තියෙන්නේ.සමස්ත සමජයම වැරදි ආදර්ශයක් දෙන නරක කණ්ඩායම් දෙකක්මේ. ඒ නිසා මේක පැහැදිලි ලෙසම කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණයට දැන් අපේ අහිංසක ආනන්දීයයෝ හා නාලන්දීයයෝ වගේම අනිත් පාසල් වල දරුවොත් ගොදුරු වෙලා. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ.මේ තත්ත්වය පාලනය කිරීමට අදාළ වගකිවයුත්තන් මැලිකම් දක්වන නිසා තමයි මෙවැනි පිළිකා ජාතික දේහය පුරා පැතිරෙන්නේ.ඒ නිසා වහාම ගිය සතියේ අත්දැකීමත් මුල් කොට ගෙන ඉදිරියට එන බිග් මැච් වැඩසටහන් සදාචාරාත්මකව කරන්න බැහැ කියන එක සක්සුදක්සේ පැහැදිලියි.” ඒ අනුව බලධාරීන් මැදිහත් වී මේ බෞද්ධකම විනාශ කරන කුමන්ත්‍රණය පැරදවිය යුතු බව සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

හායි හායි මෙන්න ආපි ගහ මරා ගන්නා පාසල් දරුවන් මරුවන් මෙන් පිස්සු කෙළින කාලයයි,මේ.

පාසල,අධ්‍යාපනය ළමයින්, ක්‍රීඩාව හා මහත්වරුන්ගේ ක්‍රීඩාව වු ක්‍රිකට් ක්‍රීඩාවට ද බරපතල හානියක් සිදුකරන පාසල් ක්‍රිකට් තරඟ සංස්කෘතිය අපේ රටේ තවත් එක් උප සංස්කෘතියක් වශයෙන් දැක්විය හැකිය.

අප ලංකාවේ මේ දවස්වල ප්‍රධාන පාසල් අතර අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ පැවැත්වේ. මේ වන විට බොහෝ නගරවල පාසල් ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිතව ඇත. මහා ක්‍රිකට් තරග ගැන අමුතුවෙන් කිව යුතු නොවන්නේ වසර 100 ට වඩා පැරණි පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වීමට තරම් අපේ රටේ පාසල් ක්‍රිකට් තරඟ ඉතිහාසය දිව යයි. මෙය වසරකට වරක් පාසලේ සිදුකරන සැණකෙළිකි.නැතහොත් මහා මාර්ග සංදර්ශනයකි. නැතහොත් අමු විගඩමක්ද වේ සමහර විට මෙය ෂත්තකින්ම පාසල් දෙකක් අතර පැවැත්වෙන් ක්‍රිකට් තරගයකි.මෙහි අදහස් වැඩසටහන නිවැරදි වවද ක්‍රිකට් වලට මුවා වි මහත්වරුන්ගේ ක්‍රිඩාවට මුවා වී අපේ රටේ සිංහල මහත්වරුන්ගේ පුතාලා සිදු කරන නෝටි වැඩ ගැන දැකීමේ දී ක්‍රිඩාවටද සිදු කරන අවමානයක් දැයි සිතේ.

වර්තමාන සිසුන් හා ආදී සිසුන් සිය පාසලේ මහා ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනවලට පාසලේ ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමට පෙළගැසෙන්නේ ආඩම්බරයෙනි. මෙම අවස්ථාව ආදී සිසුන්ට සිය මිතුරන් සමඟ කාලය ගත කිරීමට ලැබෙන අපූරු සොසුරු අවස්ථාවකි උදාවේ.පාසල් නිල ඇඳුම හෝ වෙනත් ඇඳුමක් සහිතව කමාරයන් මෙන් නගරයේ හැසිරීමට ඇත් අවස්ථාව මෙහිදි සිසු දරුවන්ට උදාවේ. අපේ දරුවන්ගේ භාෂාවේ නම් උපරිම පන් එකක් ගත හැකි කාලයකි.මෙවරද මහා ක්‍රිකට් තරඟ ජනප්‍රිය පාසල්වල නගරවල පැවැත්වේ.

මෙහි දී දැකිය හැකි කරුණක් වන්නේ, පාසල් සිසුන් බොහෝ පිරිසක් සිය ප්‍රථම මද්‍යසාර හා සිගරට් අත්දැකීම ලබාගන්නේ මේ පාසල් අන්තර මහා ක්‍රිකට් තරගවලදී ය. එය ඉතිහාසයේ සිට මේ දක්වාම දැකිය හැකිය.පාසල් දරුවන්ට සිගරට්, අරක්කු හා බියර් භාවිතය සතුටුදායක දෙයක් ලෙස හුවාදැක්වීමට මහා ක්‍රිකට් තරග සංස්කෘතිය බෙහෙවින් ඉවහල් වූ බව නම් කිව යුතුමය. පෙරදවස මෙන් පාසල් සිසුන් හැට් කලේක්ෂන් දමන ආකාරයක් අද දක්නට නැත. එදා හැට් කලෙක්ෂන් දමා එකතු කල මුදල්ද සමහර විට අරක්කු, බියර් හෝ සිගරට් මිලදී ගැනීමට යොදාගන්නා ලදී. අද වන විට මද්‍යසාර හෝ සිගරට් ගැනීමට තියා කෑම බීම සපායා ගැනීමටවත් එසේ කලෙක්ෂන් දැමීම නොකරන පාසල් සිසුන් මහා තරඟ දිනයේදී අදාළ පිට්ටනියේ දී නම් ඒවා භාවිතා කර සිටීම දක්නට ලැබේ.

සමහර සිසුන් සිය දෙමාපියන්ගේ මුදල් වලින් ඒ සියළු අවශ්‍යතා සපුරා ගන්නවා ඇතැයි සිතිය හැකිය. මෙවන් අවස්ථාවන් වලදී කිසිසේත්ම අරක්කු හෝ බියර්, සිගරට් බීමට කිසිදු අවශ්‍යතාවක් නැතිව මහා ක්‍රිකට් තරගයට සහභාගී විමට පැමිණි බොහෝ සිසුන්ට පවා ඒවා බොන්න සිද්ද වෙන වටපිටාවක් දැකිය හැකිය.

අද වන විට මෙම තත්වය තවත් වඩා වර්ධනය වී ඇති බවක් පෙනේනට තිබෙන්නේ ආදී සිසුන්ට වෙන්කර ඇති ප්‍රදේශයේ බියර් හා අරක්කු භාවිතයට පහසුකම් සපයා ඇති නිසයි. තවද මේ වන විට ආදි ශිෂ්‍ය සංගම් හරහා බියර් සමාගම් පාසල් මහා ක්‍රිකට් තරඟ තුළ යම් ස්ථානයක් තහවුරු කරගැනීමට හැකි වන පරිදි කටයුතු කිරීම දක්නට ලැබේ. පාසල් දරුවන්ට පළමු බියර්, අරක්කු මෙන්ම සිගරට් හෝ ගංජා පාඩමද මෙහ දී පාසල් සිසුන් ඉගෙන ගන්නේ මෙහි දීය.

සිගරට් පැකට් වර්ග අසල වෙළෙද සැල්වලද, දැකිය හැකි අතර ඒවා ලබාදෙන්නට වෙලෙන්දොද කටයුතු කරති.කිසියම් පුද්ගලයෙක් විසින් ක්‍රීඩාංගණය තුලට හිතාමතාම සිගරට් ගෙන ඔනෑම අයකුට භාවිතා කිරීමට හැකිවන ලෙස තැබීම සිගරට් කර්මාන්තයේ කූට උපායක් වන්නට හැකිය. ලෝකයේ සිගරට් හෝ මද්‍යසාර වැනි දෑ ඵලදායීව අවම කිරීම උදෙසා අනුගමනය කරන ක්‍රීයාමාර්ග ලෙස සැලකෙන්නේ ඒවායේ මිලගණන් සාමාන්‍ය ජනයාට මිලදී ගැනීමේ හැකියාවෙන් එහා මට්ටමකට ගෙනයාම හා භාවිතයට අපහසු වටපිටාවන් ඇතිකිරීම යන ක්‍රමවේදයි. අද ලංකාවේ රුපියල් තිස් පහ දක්වා සමහර දුම්වැටිවල මිල ඉහළ දමා ඇති අතර විවධ නම්වලින් විවිධ ආකාරයෙන් විවිධ මිල යටතේ දේශීයහා විදේශීය දුම්වැටි දැකිය හැකිය.

මත්දව්‍ය භාවිතයෙන් ගත සිත මත්කරවාගන්නාවු දරුවෝ යක්ෂයෝ මෙන් බලා සිටිති. තරගයේ ජය පරාජය විද ගන්නට මෙහි දි නොහැකිය ඒ නිසා පාසල් ක්‍රිකට් තරඟ අවසන් වන්නේ මහා ගැටුමකිනි.පොලිසිය ක්‍රීඩා පිටියට එන්නටද කදුළු ගෑස් ගෙන එන්නට ද සිදුවන අවස්ථා අප දැක තිබේ.

කිසිදු මාර්ග නිතියක් ගනන් ගන්නේ නැතුව රියදුරු බල පත්‍ර ඇතිව හෝ නැතව අධිවේගයෙන් මර හඬ තලාගෙන කෑකෝ ගහගෙන ගමන් කරන්නේ ප්‍රධාන මාර්ගවලය. එවිට මෙම මාර්ග බදුගෙන ඇත්තේ මේ පාසල් සිසුන්ය.තම ගෙදර වාහනය හෝ තම ඥාතියකුගේ වාහන දෙමාපියන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්නේ ගන්නා පාසල් දරුවෝ තම තමාගේ පාසලේ කොඩිය ප්‍රදර්ශනය කරමින් පාරපුරා යන්නේ අනෙක් රියදුරන්ටද, මගින්ටද හිරිහැර වන ආකාරයෙනි.විවිධ සංගිත භාණ්ඩ ද,විවිධ වෙස් මුහුණු හා කාන්තාවන්ගේ හෝ ගැහැණු ළමුන්ගේ විළාසිතා සහිතව ඇඳුම් වලින් සැරසී ගමන් කරන්නේ තමාට අම්මා කෙනෙක් සහෝදරියක් සිටිනවා ද කියා පවා අමතක කරවන ඉතාම අසෝභන ආකාරයෙනි.

මේ සටහන ලියන මමත් මේ සටහන කියවන වැඩිපිරිසක් බික් මැච් කාලයේ කළ අහිංසක සෙල්ලම් වල තරගය මතකය. නමුත් අපි මේ සියල්ල කළේ යම් සංගමයක් විනයක් හා අපේ පාසලේ ගරුත්වය ඉදිරියෙන් තබාගෙන ය. නමුත් අපේ කාලයේ අද සමහර  පාසල් සිසුන් මරුවෝ මෙන් අපිත් බිග් මැච් සීසන් එකේ කල පිස්සු වැඩ අදටත් අපට මතකය.එදා ඒ අතීතය සුන්දරය මේතරම් විලම්බීතයක් වුයේ නැත. පුංචි කාලෙ නම් ස්කූල් බස් එකේ දාගෙන යන්න ලොකු කොඩියක් ලස්සන වැඩදාපු කොඩියක් දමා ගෙන යයි. දැන් නැන් නම් අපේ මගේ වාහනයේම කොඩියක් දමාගෙන යන්නේ මම ගිය පාසල මේක තමයි කියනාමෙන් මහත් ආඩම්භරයෙනි. අපේ පාසල් දරුවෝ ට්‍රක් ගියා හැට් කලෙක්ශන් දැම්මා,ගෑණු ස්කෝලවලට පැන්නා,සයිකල් පෙරඩ ද,මෙයට අමතරව, ක්‍රිකට් සූනියර් එකේ කාටුන් ද, කවි විරිදු ,ආදි සියලුම  පිස්සු වැඩ ඔක්කොම සිදු කරන්නේය.මෙය සිදු කළයුතු නැන්ද යන්න නොව මේවායේ සීමාවක් තිබෙන්නේ නම් වැදගත්ය.මේවන විට,මහ පාරේ අපේ පාසල් දරුවෝ තොරාගන්නේ, ට්‍රක් හද්ද පරණ ලොරිබාග.ඉස්සහින් මල් වඩමක් ගහලා, කොල අතු ඉති දමලා මහ වනයක් සිදු කරන්නේය. පපරේ සංගිතයෙන් ප්‍රදේශයම දෙවනත් වන්නටද කරන්නටද අපේ පාසල් දරුවෝ වග බලා ගනිති.

මෙහි දී පොලිසියට හෝ ආරක්ෂක අංශවලට කල හැකි දෙයක් නොමැත. ඒ මේ දරුවෝ ලොක්කන්ගේ දරුවෝය. ධනපතියන්ගේ දරුවෝය නීතිය ක්‍රීයාත්මක කළ හොත් පොලිස් නිලධරින්ගේ තරුපටි ගැලවෙන බව අප සමඟ නගරවල සේවයේ නියු පොලිස් නිලධාරිහු පැවසුහ.එය සත්‍යයකි.

මහත්තයට කියන්න ඔය අර ඇමතිගේ පුතා තමයි ගැහැණු ළමයකුගේ ඇදුමෙන් වාහනය උඩ හූ කිය කිය උකුළු මුකුළු දම දමා යන්නේ. අපේ පුතාත් එතනම ඉන්නවා මම මොනවද කරන්නයි පොලිස් සේවයේ නියුතු පොලිස් ලොක්කෙක් ම මට කීවේ මාර්ග නිති රිති කඩමින් බිච්මැච් වාහන සවරයකට මාර්ගයේ තදබදයක් ඇතිවු අවස්ථාවක දී  ය.ඒ කොළඹ අග නගරයේ දී මෙයට දිනකිහිපයකට පෙරය.

අනෙක් හිංසාකාරි මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවද තර්ජනයක්  වන්නාවු කතාන්දරය වන්නේ නගරයේ විදුලි කණුවල උස ගොඩනැගලිවල,මෙන්ම අහස පොළව කදු මුහුද ජලාශ ආදියෙහි නැඟ තම තමන්ගේ පාසල්වල කොඩි ගැට ගසන්නට වීමයි. මෙහි දී සිදුවන අනතුරු වාගේම සමහර පොදු දේවල හා පොදු ස්ථාන අපවිත්‍ර කිරීම හා කඩා බිදි දමා කටයුතු කරන්නට ද මේ පාසල් ළමයින් කටයුතු කරති.එයට විරෝධය දැක්වුව හොත් අමුකුණු හර්පයෙන් සංග්‍රයක් සිදුකරන්නට අපේ රටේ වැදගත් පාසල්වල වැදගත් දෙමාපියන්ගේ සමහර වැදගත් නොවු දරුවන්ගේ සමහර දරුවෝ කටයුතු කරති.

මුදල් සම්මාදමේ යන පාසල් දරුවෝ බලහත්කාරයෙන් ද මුදල් ඉල්ලන අවස්ථාවන් අපට මේ දිනවල රටපුරා පාසල් ක්‍රිඩා තරඟ සංවිධානය කරන නගරවල දී දැකිය හැකි  වුහ.

සීමිත ඕවර් ක්‍රිකට් එක් දින ක්‍රිකට් ලෙසද හඳුන්වන අතර ඉතා සුළු වෙනසකින් පමණක් එය ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් වේ. ටෙස්ට් සහ පළමු පන්තියේ ක්‍රිකට් තරඟ සඳහා දින පහක් පමණ ගත වේ. නමින් සඳහන් වන පරිදිම එක් කණ්ඩායමකට බෝලය පිරිනමනු ලබන්නේ සීමිත පන්දු වාර ගණනකි. කෙටි හෝ දීර්ඝ වශයෙන් එය ක්‍රීඩා කිරීමේදී පන්දු වාර ගණන 20 ත් 50 ත් අතර වේ. වැදගත් එක්දින තරඟ අන්තර්ජාතික සහ ගෘහස්ථ ක්‍රිකට් දින 2 ක් පවත්වයි. දෙවන දින අමතර දිනයක් වන අතර එදින තරඟ වාරය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙනුයේ පළමු දින ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිවුව හොත්ය.

පාසල් අතර සුහද ක්‍රිකට් තරඟ වලින් ඇති වන සුහද වලි සාමාන්‍යයෙන් පාසල් අතර සුහද ක්‍රිකට් තරඟාවලි පවත්වන්නේ පාසල් අතර සුහදත්වය වැඩි දියුණු කිරීම සඳහා වුවත් අද නම් ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ව තිබේ.හැම තරඟයක් අවසානයේම පාසල උදෙසා ගහගැනීමට යාම සාමාන්‍ය සිරිතය.

ඇත්තටම ගහ ගැනීම තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද,ආතල් එකක් ගන්න ගහ ගැනීම, ආවේගය පිට කිරීම,සාධාරණයක් උදෙසා සටන් කිරීම,පාසල් කාලය තුල ඇති වන රණ්ඩු බොහොමයක් බිග් මැච් හෝ ආදර සම්බනධතාවයක් පාදක කරගත්ත ඒවාය.එය පුංචි සිද්ධියකි.

ක්‍රිකට් බිග් මැච් වසන්ත කාලය මේ දිනවල දී මේවා දැකිය හැකිය. බිග් මැච් කාලය ම පිස්සුවකි. ඊට වර්තමාන සිසුන් හෝ ආදි සිසුන් කියා වෙනසක් නැත. එසේ ම කොල්ලන් මෙන් ම කෙල්ලන් ද කියා වෙනසක් නැත. ඊට වයස් භේදයක් ද නැත. එය නම් පුදුම උන්මාදයකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන්නේ කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර තරඟයයි.

අප රටෙහි ඇති විවිධ උප භාෂා සංස්කෘති අනුව මේ බික් මැච්වල ද ඇති වචන කිහිපයකි. පරිප්පුවන් ,ඇරෝ එකක් ඇරෝ ලණුව උඩින් ඇරෝ ය. බෝලරයා වානරයා ය. කීපරයා බෝක්කුවා ය. ලෑල්ලේ ආදි දේය .

පාසල් ආදි ශිෂ්‍යයන් මේ කාලයට නිවාඩු දාගෙන පැරණි ඕල් සෙට්එක හමුවන්නේ මේ කාලයේය. ඒ අයද පාසල් වයසේ සෙස්සෝ ද වැඩිදෙනෙක් සිටින්නේ වලියක් එන තුරුය.නැතිනම් වැලියක් ඇති කරන මානසිකත්වයෙන්ය. මේ නිසා මේ බිග් මැච් සංස්කෘතිය අප විසින් නිවැරදිව හඳුනාගත යුතුය. නැතිනම්  බිග් මැච් ඉතිහාසයකට කඵ පැල්ලම් එල්ල වනු ඇත.

ඒ නිසා බිග් මැච් යහපත් සංස්කෘතියක් බිහි කිරීමට උත්සාහ කරමු. කෙසේ වෙතත් අවුල් වියවුල් මැද අප මේවරද පාසල් බිච්මැච් බලමු. කොළඹ, ගාල්ල මාතර, කුරුණැගල ආදි ප්‍ර දේශවල ඉදිරියේ දී තව තවත් බිච්මැච් ආතල් දකින්නට රට පුරා අපහට වාසනාව දැකිය හැකිය.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ- ගාල්ල

7fbc8104586289a464f54dbc48b8288a_XL    ROYAL THOMAIN 2013  Battle-of-the-Blues-1

Leave A Reply

Your email address will not be published.