topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මල් පොහොට්ටුව ගැන ඇමති ඵස් බී කියයි.

Studio_20161121_112837

අලුත් පක්ෂයක් පිහිටුවීමෙන් සිදුවන්නේ ඒ පක්ෂයත්, ඊට බැ‍ඳෙන අයත් විනාශවීම මිස වෙනත් කිසිවක් නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගන්නේ ඔහු හොඳින් ඒ බව දන්නා නිසා බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන ඇමැති එස්. බී. දිසානායක පැවැසීය. අමාත්‍යවරයා  එසේ  කියා සිටියේ  බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි පියවර ගොඩනැඟිල්ලේ පිහිටි සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්

වැඩි දුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා  ”ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ කවුරු ‍හෝ එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඔහුගේ සාමාජිකත්වය අහෝසිවන බවත් මේ තත්වය කිසිදු මන්ත්‍රීවරයෙකු නොදන්නවා නොවේ. ඒ නිසා කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නව පක්ෂය හා එක් නොවනු ඇතැයිද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට හදන කිසිම පක්ෂයකට පැවැත්මක් හෝ සාර්ථක දේශපාලන ගමනක් හෝ යා නොහැකියි. මම මේක කියන්නේ නිකම්ම නොවෙයි. අපේ පක්ෂයේ දේශපාලන ඉතිහාසය විමසා බැලීමෙන් පස්සේයි. මම ඒ බව කෙටියෙන් පැහැදිලි කරන්නම්.

අපේ පක්ෂයේ නායිකාව අපි 1977 දී මහ මැතිවරණයෙන් පරාජයට පත්වුණා. එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට පියවර ගත්තා. මැතිනිය ඇතුළු පිරිස ඒ වෙනුවෙන් උසාවියට ගියා. උසාවියෙන් මැතිනියට වාසිදායක තීරණ ලැබුණා. නමුත්! එදා හයෙන් පහක බලය ලැබූ. ජේ. ආර්. ජනාධිපතිතුමා නීතියේ ඒ තීරණ පවා වෙනස් කිරීමට තර්ක, විතර්ක ඉදිරිපත් කළා. ඊට පස්සේ කොහොම හරි මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කළා.

මේ අන්දමට මැතිනියගේ දේශපාලන ගමන නතර කිරීමට ජේ.ආර්. ජනාධිපතිතුමා කටයුතු කළා. නමුත් ? එතුමිය දේශපාලනයේ නිරත වුණා. මැතිවරණ ගණනාවක් පරාජයට පත් වුණා. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිනියට හිතවත්ව සිටි පිරිස පක්ෂයේ නියෝජ්‍ය නායකයා මෛත්‍රීපාල සේනානායක, හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න, එස්.කේ.කේ. සූරියආරච්චි, අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරු මැතිනියගෙන් ඉල්ලීමක් කළා. ඔබතුමිය ටිකක් පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වෙන්න කියලා. මැතිනිය ඊට එකඟ වුණේ නැහැ. ඒ නිසා මෛත්‍රී – අනුර කල්ලිය පක්ෂය කඩාගෙන ගියා. මොකද? වුණේ! පක්ෂය විනාශ වුණා. එක්සත් ජාතික පක්ෂය දිනුවා.

ඒවාගේම නැවත වතාවක් මේ අය අපේ පක්ෂයට එකතු වුණා. එහෙම එකතු වෙන අය පක්ෂයට ගන්න පෞද්ගලිකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණා. ඒදා මම මැතිනියගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළේ. එදා පක්ෂයෙන් ගිය අය පක්ෂයට ආපසු ගන්න සම්මුඛ පරීක්ෂණ කෙළේ ටී.බී. ඉලංගරත්න, ඉන්ද්‍රපාල අබේවික්‍රම වාගේ අයයි. මම දැක්කා ඒ ඉන්ටවිව්වලදී පක්ෂය කඩාගෙන ගිය ඇය නැවත ආවේ අඬාගෙන. කනගාටුවෙන්, දුකෙන් ඒ අය හිටියේ. ප්‍රධාන පක්ෂයේ ඉන්නකම් හොඳයි. ඉන් ඉවත් වී වෙනම පක්ෂයක් හදාගෙන ගියවිට අනාථ වෙනවා. යන එන මං නැති වෙනවා. ඒකයි තත්ත්වය.

මැතිනියගේ නායකත්වය අයින් කරන්න කියා පස්සේ කාලෙක ටී.බී. ඉලංගරත්න, රත්නසිරි වික්‍රමනායක, විජය කුමාරතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පිරිසක් ක්‍රියා කළා. ඉල්ලීමක් කළා. නමුත් ! මැතිනිය එයින් ඉවත් වීමට කැමැති වුණේ නැහැ. ඒ නිසා ඔවුන් පක්ෂය කඩාගෙන ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කළා. නමුත් ! මොකද? වුණේ. ඒ පක්ෂය වැඩිකල් දිව්වේ නැහැ.

ඉන් පස්සේ නැවැත වතාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිස පක්ෂයට ආවා. අනූ හතරේ අපි ආණ්ඩුවක් හදන්න තරම් ශක්තිමත් වුණා.

ඔය වාගේම හැල හැප්පීම් එක්සත් ජාතික පක්ෂයේත් සිදු වී තිබෙනවා. ඒදා ඇතුළත්මුදලි – ගාමිණී දිසානායක, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර වාගේ දැවැන්තයෝ පක්ෂය කඩාගෙන ගියා. පක්ෂයේ පළුවක් නාය ගියා. ඔවුන් අතුරින් ගාමිණී දිසානායක මහතා නැවත පක්ෂයට ආවා. එතුමාට මන්ත්‍රී ධුරයක් ලබා දෙන්න එදා ජාතික ලැයිස්තුවේ සිටි කිසිවෙක් ඉවත් වුණේ නැහැ. ඇතුලේ ඉන්න කොට එහෙමයි. එළියට ගියහාම එහෙමයි. මේ දේ කවුරුත් තේරුම් ගන්න ඕනෑ.

මැතිවරණයේ පක්ෂ නායකත්වය අයින් කරන්න සටන් කළ අය අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් හිටියා. නමුත්! මැතිනිය ඉවත් කිරීමට ඒ අයට හැකියාවක් ලැබුණේ නැහැ. මැතිනිය මුළු රටේම අපේ පක්ෂයේ ගම් මට්ටමේ ශාඛාවේ සභාපතිවරයා ලේකම්වරයා හොරගොල්ලට කැදෙව්වා. කැඳවලා ටකරන් මඩුවක රැස්වීම තිබ්බා. එහිදී ඒදා මධ්‍යම කාරක සභාවේ බහුතරය ඉවත් කරලා, අලුත් පිරිසක් පත් කර ගත්තා. ඒ දවස්වල ඊට කිව්වේ ‘ටකරන් මඩුවේ’ රැස්වීම කියලායි. එලෙසයි අපේ පක්ෂයේ නායකත්වය තීන්දු තීරණ අරගෙන පක්ෂය ඉදිරියට අරගෙන ආවේ.

අදත් පිරිසක් අලුත් පක්ෂයක් පිහිටුවා එක්සත් ජාතික පක්ෂයට වාසි අත්වන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. මේ පක්ෂයේ අයටත් වෙන්නේ වැඩි කාලයක් නොගොස් අනාථ වෙන්නයි. මේවාගේ පක්ෂ හදපු අයට වුණේ ඒ දේමයි. අපේ පක්ෂයේ අයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත් දිනම අපේ සාමාජිකත්වය අහෝසි වෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව හොඳින් ම දන්නවා. ඒ නිසා තමයි එතුමා පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නේ නැත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ඕනෑම කෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය නැති වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරු හෝ අලුත් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තොත් මන්ත්‍රීධුරය පවා නැති වෙනවා.

ඒ නිසා නව පක්ෂයට පාර්ලිමේන්තුවේ කවුරුත් යන්නේ නැහැ. නමුත්! ආණ්ඩුව පැත්තට නම් පිරිසක් එන්න ඉඩ තියෙනවා.

අපේ පක්ෂයේ හිටපු මහලේකම්තුමා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා. එතුමා අද වාගේ දවසක තමයි පොදු අපේක්ෂකයා ලෙස ඡන්දය ඉල්ලන්න පක්ෂයෙන් ඉවත්වී ගොස් මුලින්ම ප්‍රකාශ කෙළේ. එතුමා එදා අභියෝගාත්මක තීන්දුවක් අරගෙන කටයුතු කළා.

අපි එදා ඡන්දයේදී උදව් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි. අපි පුදුම වුණා මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව ගැන. නමුත්! එදා ගොඩනැ‍ඟෙමින් තිබූ දේශපාලන පීඩනය ගැන අප අතරේත් වෙන වෙනම සාකච්ඡා තිබුණා. ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරු කථා කළා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට ඇතුළත් වුණායි කියා සිතාගන්න බැරිවුණා. එදා රටට හොඳ දෙයක් වුණේ.

අපේ රට පුණ්‍යවන්ත භූමියක්, වාසනාවන්ත රටක්. මේ වාගේ දේවල් සිදුවෙනවා. එදා 2005දී අපේ රටේ ජනාධිපති ධුරයට මහින්ද රාජපක්ෂ මහත්තයා පත්වුණේ රටේ වාසනාවට. එදා එතුමාගේ ජයග්‍රහණයට අපේ පක්ෂයේ නායකත්වයේ ආශිර්වාදය ලැබී තිබුණේ නැහැ. එතුමා දිනුවේ ප්‍රභාකරන් අත දාපු එකෙන්. ප්‍රභාකරන් උතුරේ ජනතාවට කිව්වා ඡන්දය දෙන්න එපා කියලා. ඉන් සිදු‍වුණේ මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 4න් 5න් පරාජයවීමට තිබූ ඉඩ නතරවීමයි.

ප්‍රභාකරන් බැලුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලවා යුද්ධය කරවන්නයි. එසේම කරලා ඉන්දියාවේ, ලෝකයේ රටවලයි ආධාර ලබාගෙන හෙමිහිට කොසෝව වාගේ අපේ රට කඩලා ඊළම ගන්නයි. ඒක වැරදුණා. ප්‍රභාකරන් ඡන්දය දාන්න එපා කියලා කිව්ව එකට එදා ඒ දේ ගැන සමහරු වෙන වෙන කතාත් කිව්වා. තිස් වසරක යුද්ධය නිමාකරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට, ආරක්ෂක හමුදාවලට හැකිවුණා. රට නිදහස් වුණා.

නමුත්! ඊට පස්සේ රටේ සිදුවූ දේ ගැන ප්‍රශ්න ඇතිවුණා. යුද්ධයෙන් පස්සේ ජාතීන් අතර සමගිය, සංවර්ධනය එකමුතුව ඇති කරන්න ගෙන ගිය වැඩපිළිවෙළ, ආර්ථික වැඩපිළිවෙළ ප්‍රශ්නකාරී වුණා.

ඒ අනුවයි රටේ පොදු අපේක්ෂක කථාව මතුවුණේ. එදා එළියට ආවේ අපේ පක්ෂයේ හිටපු මහ ලේකම්තුමායි. එතුමා අද රටේ ජනාධිපති, ඒවාගේම අපේ පක්ෂයේ සභාපති. එතුමාට ඒ සභාපතිකම භාරදුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එදා සිට අප පක්ෂය, පක්ෂයේ තීරණවලට අනුව සේවය කරනවා.

අපේ තීන්දුව ගමේ ජනතාවට තේරුම් ගන්න බැරිවී තිබෙනවා. අපේ පක්ෂයේ ගමේ ඉන්න අය සිතන්නේ මහින්ද රාජපක්ෂ  තිබෙන ආකර්ෂණය නිසා අපට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. නමුත්! එය ප්‍රමාණවත් වන්නේ නැහැ.

අපිට අපෙන් ගිලිහුණු කවදාකවත් අලියාට ඡන්දය ලබා නොදෙන හංසයාට ඡන්දය දුන් පක්ෂ 12ක් දිනා ගන්න ඕන. දෙමළ, මුස්ලිම්, තකෝලික ඡන්ද දිනා ගන්න ඕනෑ‍.

ඒ අනුව අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ හැර වෙනත් වෙනත් පක්ෂ හැදීමෙන් රටටත් ජනතාවටත් පලක් වෙන්නේ නැහැ. ඒ බව ඉතිහාසය කියාදෙන පාඩමක් බව කියන්න ඕන.

Leave A Reply

Your email address will not be published.