topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දලා කරපු පව් තමයි අපිට මේ ගෙවන්න සිද්ද වෙලා තියෙන්නේ.

Studio_20170420_171211-01

එක එක්කෙනා කියන කියන විදියට අමාත්‍යධුරවලින් අස්වීමට තමන් පඹයෙක් නොවන බව  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. තමන්ගේ සහෝදරයා රෙජී රණතුංග ඇමැතිතුමාගේ පුතෙක් නම් වරාය විකුණනවට විරුද්ධව කෙළින්ම එළියට බැහැලා ගේමක් අදි යයි තමන් සිතුවා යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග  කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. අර්ජුන රණතුංග අමාත්‍යවරයා එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේද පැවසීය.

 

“එතුමා මගේ සහෝදරයා බව ඇත්ත. නමුත් එතුමා පොදු විපක්ෂයේද මොකක්ද එකක ඉන්නේ. ඒ අය දේශපාලනයනේ කරන්නේ. නමුත් අද වරාය අමාත්‍යවරයා ලෙස මමත් මගේ කණ්ඩායමත්, අපිට මුලින් පෙන්වපු ගිවිසුම කොතරම් දුරට වෙනස් කර තිබෙනවද, රටක් ලෙස වරාය ආරක්ෂා කරන්න අපි මොනතරම් ඉදිරිපත් වෙලා ඉන්නවද කියන එක ගැන තාත්තා හිටියා නම් සතුටට පත් වෙයි.

අපේ තාත්තා ගොඩක් වෙලාවට කළේ රටේ සම්පත් ආරක්ෂා කළ එක. මගෙත් මූලික අරමුණ වන්නේ රටේ සම්පත් ආරක්ෂා කිරීම. අද මම අමාත්‍යවරයා ලෙස හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ක්‍රියාදාමයෙන් අයින් වුණා නම් අපිට පෙන්නපු මුල්ම ගිවිසුම මේ වනකොටත් අත්සන් කරලා අවසන්. නමුත් ආණ්ඩුව හදපු කෙනෙක් ලෙස මම බලන්නේ අපිට පුළුවන් තරම් වාසිදායක වන ගිවිසුමක් හදන්න. මම, වරාය අධිකාරියේ සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය උත්සාහ ගන්නේ මේ වරාය අධිකාරිය ආරක්ෂා කර ගන්න. ඒ වැඩපිළිවෙළ අද ගොඩක් දුරට සාර්ථක වෙලා තිබෙනවා. අද හුඟක් දේවල් වෙනස් වෙලා තියනවා. මම ඉදිරියේදී පෙන්වන්නම් මුලින් අත්සන් කරන්න හදපු ගිවිසුමයි ඉදිරියේදී අපි අත්සන් කරන ගිවිසුමයි අතරේ කොයි වගේ වෙනසක් තියනවද කියලා. එතකොට ඔය කතා කරන අයට එළියට බහින්න බැරිවෙයි. මම ඒකයි කියන්නේ මේ රටේ හොඳ දේවල් වෙනකොට, රටේ ප‍්‍රශ්න බේරන්න හදනකොට දේශපාලනයෙන් ලාභ වාසි ලබා ගන්න එපා කියලා. අපි උත්සාහ ගන්නේ රට හදා ගන්න. එහෙම  නැතුව තමන්ගේ බඩ වියත රැක ගන්න නෙමෙයි. හම්බ කරගන්න නෙමෙයි. මම කරන වැඩේ හරියට කරනවා. මට ජනාධිපතිතුමා කිව්වොත් මේකෙන් යන්න කියලා මම යනවා. එහෙම නැතුව එක එක්කෙනා කියන කියන විදියට අස්වෙන්න මම පඹයෙක් නෙමෙයි. මම මේ කරලා තියන දේවල් ඔය කතාකරන එක්කෙනෙක්වත් කරලා නෑ. ඒ ගොල්ලෝ හිටියා නම් මෙලහකටත් ගිවිසුම අත්සන් කරලා ගිහිල්ලත් ඉවරයි.

 අද අපි මේ කරගහන්නේ මහින්ද මහත්තයලා කරපු පව්. මොකද මහින්ද මහත්මයා කළේ චීන සමාගමත් එක්ක ගිවිසුම් අත්සන් කරලා මේවා දෙන්න හදපු එක. මටත් තිබුණා මෙයින් ඉවත් වෙලා චීන සමාගමට අත්සනක් ගහලා රුපියල් ලක්ෂ පනස් දහසක්, අසූ දාහක් විතර අරගෙන ගෙදරට යන්න. එය තමයි ගොඩක්දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. පසුගිය කාලේ අමාත්‍යවරුන් කළේ ඒක. ඒ ගහපු ගිවිසුම්වල ප්‍ර‍තිඵල තමයි අපි මේ ගෙවන්නේ. නමුත් අපි මේ වෙනකොට බොහෝ දේවල් වෙනස් කරගෙන යනවා. අපි ලාභ ලබාගන්න පුළුවන් අන්දමේ වරාය අධිකාරියක් හදලා තිබෙනවා. අපි ප්‍ර‍තිපත්තියක් හැටියට කියලා තියෙන්නේ තවත් වරාය අධිකාරියක් එන්න බැහැ කියලා. මේ වගේ කාරණා සියල්ලක් අපි කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා තියෙනවා. අපේ ඉල්ලීම් එක්ක ජනාධිපතිතුමත් ඝෘජුවම ඉන්නවා.

අද අමාත්‍යවරුන් ලෙස අපි සියලුම දෙනාට පුළුවන් වෙලා තියෙනවා ආණ්ඩුවක් වරදක් කරනවා නම් ඒ වරදට විරුද්ධ වෙන්න. මහින්ද මහත්මයාගේ කාලේ ඔය කතා කරන එක ඇමතිවරයෙක්වත්, මහ ඇමතිවරයෙක්වත් හිටියද කතා කරන්න ? නැහැ. පූස් පැටව් ටික වගේ දෙන දේ කාලා ගෙදර ගිය කට්ටියක්. නමුත් අද අපිට ස්ථාවර ආණ්ඩුවත් තියෙනවා. අපි රට හදනවා. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඒ ගැන අවශ්‍යතාවක් තියෙනවා. අපි මේ රට භාරගත්තේ එක එක්කෙනාට විකුණන්න නෙවෙයි. අපි ආයෝජකයෙක් ගේනවා නම් ඒ ආයෝජකයාව ගෙන එන්නේ අපිට වැඩි වාසි ලබාගන්න. ඒකේ ප්‍ර‍තිපත්තියක් හැටියට මම ඉන්නවා.

කවදාවත් මහින්ද මහත්තයා අපේ තාත්තා ගැන බැලුවේ නැහැ. තමුන්නාන්සේලාට මතක ඇති මගේ තාත්තා මියගියේ මන්ත්‍රී වරයෙක් හැටියට. නමුත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. පාර්ලිමේන්තුවට ආවේ ගම්පහට වැඩක් කරන්න ඕන කියලා. නමුත් ඇමතිකමක් දුන්නේ නැහැ. ඒවා ගොඩක් අයට අමතකයි. මොකද ඒකාලේ සමහර අය ඇමතිකම් අරගෙන හිටියා. මම මහින්ද මහත්තයාගෙන් ඉස්සල්ලාම එළියට ආවේ මේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධ නිසා. මම රෙජී රණතුංග මහත්තයාගේ පුතෙක්ද කියන එක අම්මා හොඳට දන්නවා. අපේ අම්මා කවුද කියන එකත් අපි දන්නවා. අපි සහෝදරයෝ 6දෙනෙක් ඉන්නවා. අපි සහෝදරයෝ 6 දෙනා දේශපාලනය එක එක විදියට කරනවා. නමුත් මම දේශපාලනය කරන්නේ පක්ෂ බදාගෙන නෙමෙයි. මම දේශපාලනය කරන්නේ රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මට ගෙදර යන එක හරි ලේසියි. ඒගොල්ලන්ටත් ඕන මාව ගෙදර යවලා මේ ගිවිසුම අත්සන් කරලා ඉස්සරහ කාලේකට මහින්ද රාජපක්ෂ මහත්තයාටත් මේකේ කොටසක් දෙන්න. ඔය සින්දුවලට මම රැවටෙන්නේ නෑ. කෑ ගහගෙන ඉස්සරහට ඇවිල්ලා මේකට මම විරුද්ධයි කියලා ගෙදර ගිය එක කාලයක් මටත් තිබුණා. ඒ වගේ අද ගියා නම් මේ ගිවිසුම් ඔක්කොම අත්සන් කරලා ගෙඩි පිටින් දීලා. නමුත් අද මම ඒවා වෙනස් කරගෙන තියෙනවා. මම තාම මගේ සටන අතහැරලා නැහැ. තවත් කරන්න අවශ්‍ය වෙනස්කම් තියෙනවා. මට ජනාධිපතිතුමා ඒකට විශාල සහයෝගයක් ලබාදෙනවා.

අද වෙනකම් මට කවුරුත් ඇගිල්ල දික් කරලා නැහැ එක එක චෝදනා තිබුණයි කියලා. නමුත් ඒ වගේ චෝදනා ලබපු අයත් ඉන්නවා. ඉතිං ඒවා ගැන මම කනගාටු වෙනවා. අද අපේ අමාත්‍යය මණ්ඩලයේ ඉන්න කවුරුහරි හොරකම් කරනවා නම් මම දන්නවා ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම ඒ සියලුමදෙනාට දඩුවම් කරනවා. අපිත් ඉල්ලනවා දඞුවම් කරන්න කියලා. තමුන්නාන්සේලා කල්පනා කරන්න පසුගියකාලේ හොරකම් කරපු එක් කෙනකුටවත් අද දඞුවම් දීලා නැහැ. මම ඒකට විරුද්ධ කෙනෙක්. පසුගියකාලේ වරාය අධිකාරියේ හොරකම් කරපු අය සේරම ඉන්නේ මේ චීන සමාගම් එක්ක. ඕවට ආණ්ඩුවේ ඇමතිවරුත් සම්බන්ධ වෙලා ඉන්නවා. අපිත් කැක්කුමකින් කථා කරන්නේ  අපි ආවේ මේවා හදන්න. හැබැයි හදනකොට පහුගිය ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරපු  මිනිස්සු ටික අපේ ඇමතිවරු අල්ලන් ඉන්නවා. පසුගියකාලේ හොරකම් කරපු අය බේරිලා ඉන්නවා. මේ ගැන මමත් දැඩි කනස්සල්ලකින් ඉන්නේ. නමුත් අපි ආණ්ඩුව ඉදිරියට ගෙනියනවා. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි එකට තියාගෙන මේ ආණ්ඩුව ගෙනි යනවා. ඔය එක එක්කෙනා කියන විදියට මේවා වට්ටන්න බෑ…. ” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.