topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද පාරාදයි.මාධ්‍යවේදීන් නිදොස්කොට නිදහස්.

20170208_112934

2009 වසරේදී ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා එල්ල කොට ත‍්‍රස්තවාදයට වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදීන් තිදෙනා අද මොරවක මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

2009 වසරේ සැප්තැම්බර් මස 02 වැනිදා මෙලෙස ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද්දේ ලංකා පුවත්පතේ සේවය කරන ලද දයා නෙත්තසිංහ, ශාලික විමලසේන සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මාධ්‍යවේදීන් තිදෙනාය. දින හතක කාලයක් විශේෂ රැඳවුම් නියෝග යටතේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ගෙන සිටි ඔවුන් සැප්තැම්බර් 08 වැනිදා ඇප මත නිදහස් කරනු ලැබුවේ චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි නොවූ බැවිනි.

මෙම මාධ්‍යවේදීන් තිදෙනා එදින මාතර දිස්ත‍්‍රික්කයේ, දෙනියාය, බෙවරලිය, නාථගල වත්තට ගියේ ‘මඟ නැගුම’ ව්‍යාපෘතියේ වාහන, යන්ත්‍රෝපකරණ සහ සේවකයන් යොදා ගනිමින් පෞද්ගලික ඉඩමක ඉදි කිරීමක් සිදු කරන බවට ලද තොරතුරක් ගවේෂණය කිරීමටය. එම ස්ථානයට ගොස් තොරතුරු ලබා ගනිමින් සහ ඡායාරූප ලබා ගනිමින් සිටියදී මෙම මාධ්‍යවේදීන් තිදෙනා දෙනියාය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අනාවරණය වූයේ මෙම ඉඩම තුසිත රණවක නමැති පුද්ගලයකු සතු බවත් ඔහු  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැගනිය වන ගන්ධිනි  රාපක්ෂගේ සැමියා වන බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයාගේ පූර්ණ අනුදැනුම යටතේ රාජ්‍ය දේපළ අවභාවිත වෙමින් තිබූ බව පැහැදිලි විය.

කෙසේ වෙතත් ජනාධිපති ඝාතන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදීන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුළුවීමේ චෝදනා එල්ල කරමිනි. අධිකරණයේදී නඩුව සමථ මණ්ඩලයට යොමු කිරීමට විනිසුරුවරයා යෝජනා කළ නමුත් මාධ්‍යවේදීන් ඊට එකඟ නොවීය. කෙසේ වෙතත් තුසිත රණවකට සහ ආණ්ඩුවේ පාර්ශ්වයට මෙම ඉඩමේ නියම හිමිකම අධිකරණය හමුවේ සනාථ කිරීමටද නොහැකි විය.

නඩුව වසර කිහිපයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබූ අතර අද එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මොරවක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු ජනක සමරසිංහ පැවසුවේ මාධ්‍යවේදීන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවයි.

Leave A Reply

Your email address will not be published.