topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැයි දිනයේ අර්ථය හා උරුමය කෙලෙසීමට ඉඩ නොදෙමු.

Studio_20170407_131103

මැයි දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය එහි සැබෑ උරුමකරුවන්ගෙන් බලහත්කාරී ලෙස උදුරාගෙන, තමන්ට අභිමත ආකාරයට එය යොදා ගනිමින්, එහි අර්ථයත් උරුමයත් කෙලෙසා දැමීමට පාලක පැලැන්තිය සහ ඔවුන්ගේ තැරැව්කාර කණ්ඩායම් දරන නිර්ලජ්ජිත උත්සාහය, තරයේ දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිනබවත්, ඔවුන්ගේ එකී උත්සාහයන් පරාජයට පත්කර මැයි දිනයේ සැබෑ උරුමකරුවන් වෙත එය ලබාගැනීම සඳහා, වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාව පෙරමුණගත යුතු බව අවධාරණය  කරන බව
සදහන් කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය  නිවේදනයක්  නිකුත් කරමින් කියා  සිටියි වැඩිදුරටත් එම  නිවේදනයේ  මෙසේ  සදහන් වේ.

”මැයි දිනය  විශේෂයෙන් පීඩක පාලක කණ්ඩායම්වලට හෝ ඔවුන්ගේ තැරැව්කාර කල්ලිවලට එය කිසිසේත්ම අයිති නැතිවා මෙන්ම අයිතිය තහවුරු කරගැනීමට ඉඩදිය යුතුද නැත. නමුත් මේ වන විට මෙම පීඩක කණ්ඩායම් මැයි දිනයේ අර්ථය කෙලෙසමින් කටයුතු කරනු දක්නට ලැබේ. විශේෂයෙන් මෙවර මැයි දිනය සමරන බව පවසමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ ඔවුන් රතු මැයි දිනය කොළ මැයි දිනයක් කරන බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අරමුණ පැහැදිලිය. ඔවුන්ගේ වුවමනාව වන්නේ මැයි දිනයේ සැබෑ අර්ථය කෙලෙසා දැමීමටය. එය එජාපය වැනි පීඩක පාලක කණ්ඩායමකින් බලාපොරොත්තු වියහැකි දෙයකි. එසේම ඒකාබද්ධ විපක්ෂය යැයි පවසමින් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා සඳහන් කරන්නේ  ඕනෑම පැහැයක කොඩියක් රැගෙන මැයි දිනය සැමරීමට තමන් හා එක්වන ලෙසයි. මෙම ප‍්‍රකාශයද සැබෑ ලෙසම මැයි දිනයේ අර්ථයට හා එහි උරුමකරුවන්ට එල්ලකරන ලද ප‍්‍රබල පා පහරකි. මක් නිසාද යත් ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයේ සම්මත පැහැයක් සහ කොඩියක් පවතිද්දී එය නොසලකා තම තමන්ට අභිමත ආකාරයට කොඩි සහ වර්ණ යොදා ගනිමින් මැයි දිනය සැමරීමට යැයි පවසමින් කටයුතු කිරීම ලැජ්ජා සහගත ක‍්‍රියාවක් වුවද මොවුන්ට එවැනි ලැජ්ජාවක් නොමැති බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු. කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් යම් සැමරීමක් සඳහා නිශ්චිත වර්ණයක් හා කොඩියක් පවතිද්දී එය නොසලකා වෙනත් කොඩි සහ වර්ණ යොදාගැනීමට ක‍්‍රියා කිරීම අදාල සැමරීමට කරන නිගාවකි. ලොව පුරා බෞද්ධයෝ වෙසක් දිනය සමරන්නේ බෞද්ධ කොඩි සහ බෞද්ධ කොඩියේ පැහැය යොදාගෙන මිස වෙනත් පැහැයක් හෝ කොඩි යොදාගෙන නොවේ. කවුරුන් හෝ එසේ කරන්නේ නම් වෙසක් දින සැමරුමට කරන අවමානයකි. එසේම කතොලික පල්ලිය පාස්කු උත්සවය සමරන්නේ කළු පැහැය සහ කළු පැහැ කොඩි යොදා ගනිමිනි. එයට වෙනත් වර්ණයක් හෝ කොඩියක් යොදා ගන්නේ නම් එය කතෝලික දහමට කරන අවමානයකි. ඒ අනුව පැහැදිලි වන්නේ මැයි දිනයේ පැහැය සහ කොඩිය වෙනත් වර්ණ යොදාගනිමින් සැමරීමට කටයුතු කරනවා යැයි පැවසීම පැහැදිලිවම වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාවට කරන නිගාවක් මෙන්ම අවමානයක්ද වේ. එබැවින් අපේ රටේ වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාව වටාහගත යුතුව ඇත්තේ පීඩාවෙන් නිදහස්වීම සඳහා පීඩකයන්ට එරෙහිව නැගීසිටීම ප‍්‍රමාද නොකළයුතු බවයි. මක් නිසාද යත් පීඩකයන් සෑම විටම තම වුවමනාව වෙනුවෙන් පීඩිත ජනතාව විවිධාකාරයෙන් රැවටීමට ලක්කොට ඔවුන්ගේ නිදහසේ උරුමය කොල්ලකාගන්නා බැවිනි. එම නිසා මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයේ දී වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාව තමන් පීඩාවට පත්කරන පාලක පැලැන්තියේ සහ ඔවුන්ගේ තැරැව්කාර කල්ලිවලට දායකත්වය ලබා නොදී තම පීඩාවන්ගෙන් නිදහස්වීම සඳහා සැබෑ ලෙසම පීඩිත ජනතාව නියෝජනය කරන මැයි දින සැමරුම් සමග එක්විය යුතුව ඇත. එසේම ඒ ආකාරයෙන් තබන පියවර මැයි දින සැමරුමට පමණක් සීමා නොකොට සැබෑ ලෙසම පීඩාවන්ගෙන් නිදහස ලබන වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාවට බලය ලැබෙන පාලනයක් ස්ථාපිත කරගැනීම සඳහා පෙරටම යායුතු බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු.”

Leave A Reply

Your email address will not be published.