topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෙන්න පොලිස්පතිතුමාගේ නිළමේ.

Studio_20161205_160355

දුෂණ විරෝධී පෙරමුණේ  අද (5)රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පොලිස්පති පූජිත ජයසුන්දරට බලපෑම් එල්ලවූ  නිලමේ සහ ඔහුට ඇති චෝදනා පිළිබදව කරුණු දක්වන ලදී.එහිදී අදහස් දක්වනු ලැබු දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන්  රුපියල් ලක්ෂ 55ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සදහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවකට විමර්ශන සිදුවන අතර පොලිස්පති පූජිත ජයසුන්දරට බලපෑම් එල්ලවීම තුල යහපාලන රජය එළිපිටම හොරු රකින බව හෙළිවී ඇති බව පවසන ලදී.

එහිදී තෙන්නකෝන්  මෙසේද පැවසී ය.

“ ‘නිලමේ‘ හෙවත් දිශාන් ගුණසේකර 2010 සිට 2015 ජනවාරි 8 දක්වා ලංකා මිනරල් සෑන්ඩ් හි සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයන් හි කටයුතු කලා.  ඔහුට එරෙහිව මේ වන විට සිදුවන විමර්ශන ගණනාවක් සිදු වෙනවා. ලංකා බැංකුව මගින් රුපියල් මිලියන 500 ක ණයක් ලබා ගෙන මිනරල් සෑන්ඩ් සමාගම සදහා කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසා භාණ්ඩ ආනයනය කළා. කවදාවත් අලුත් කර්මාන්ත ශාලාවක් හදලා නෑ. දැන් මෙම භාණ්ඩ දිරායනවා. 2015 ජනවාරි 6 දින මැතිවරණය දින දෙකකට පෙර මෙම ණය මුදල පියවා සභාපතිවරයා ගෙදර යනවා. මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුලින් මිලියන 30 ක්  පසුව තවත් මිලියන 10 ක්. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ යි. හදපු බීච් පාක් එකක් නෑ.  මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ. මේ ගැන  පොලිස් පරීක්ෂණ තියෙනවා.“

“ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ දුෂණ එතැනින් අවසන් නෑ. ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ලබා ගෙන තියෙනවා.  ජනාධිපති කාර්යාලයේ ‘අමිල‘ නම් පුද්ගලයෙකු මාසිකව රුපියල් 140,000 ක චෙක්පත අරගෙන ගිහින් තියෙන්නේ. මේ ව්‍යාජ සේවා ගිවිසුමෙන් රජයට සිදු කොට ඇති පාඩුව රුපියල් පනස් ලක්ෂ අනු හතර දහස් හයසීයයි. (මිලියන 5.5 යි). ලේඛණවල දැක්වෙන්නේ පීඩී 2199 (2012 මාර්තු 29 සිට 2014 දෙසැම්බර් දක්වා), කේබී 5303 (2011.04.26 සිට 2014 ජූලි දක්වා) ලබාගත් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

“ මොහුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නෑ කියලා චෝදනාවක් තිබුණා. මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සදහා යොදවා ඇති බවට සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ  ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුයි. නීතිඥ එස්.කේ. ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. දැන් ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ. ආණ්ඩුව පැහැදිලිවම මහා පරිමාණ හොරු රකින තැනකට ගිහින් තියෙනවා. මේ සිදුවීමෙන් පෙනෙන්නේ ඒ බවයි.  දැන් හොරු රකින්නේ කවුද කියා හොදටම පැහැදිලියි“ යැයි ද තෙන්නකෝන්  වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට පුජ්‍ය උලපනේ සුමංගලහිමි, හා පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ හා චමීර පෙරේරා යන අය ද සහභාගීවුහ.

Leave A Reply

Your email address will not be published.