බිම්බෝම්බ පිළිබදව ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොටගෙන ලොව පුරා ක්‍රියාත්මක මාර්ෂල් ලෙගසි ආයතනය විසින් මේ වසරේ බිම් බෝම්බ හඳුනා ගැනීමේ හොඳම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව තෝරාගෙන තිබේ.
යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ ඇල්වින් නමැති බිම් බෝම්බ හඳුනා ගැනීමේ සුනඛයා සහ ඇල්වින්ගේ හසුරුවන්නා වන ලාන්ස් කෝප්රල් ජී.එන්.ඩබ්ලිව්.එන්. නවරත්නයි එලෙස බිම් බෝම්බ හදුනා ගැනීමේ හොඳම ඛණ්ඩය ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
ලබන ඔක්තෝම්බර් 26 වන දා වොෂින්ටනයේ පැවැත්වෙන උත්සවයකදී ඔවුන්ට අදාළ සම්මානය ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කළා.