රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් හා මාණ්ඩලික නිලධාරීන්ට දේශපාලනඥයින්ගෙන් සිදුවන බලපෑම් සහ දුක්ගැනවිලි ඇසීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග නමින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියහ.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
රට සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට වගකීමක් ඇති බවත් එම වගකීම ඉටු කරන සෑම රාජ්‍ය සේවකයෙකුම ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළහ.