ඉදිරියේදී පැවැත්වෙන වෘත්තීය සමිති වැඩවර්ජන සහ උත්ගෝෂණ නිසා මහජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලියට බාධා ඇති වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට රජය සුදානම්වන බව වාර්ථාවේ.
ඒ සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගැනීම සඳහා බලතල සහිත ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.