අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුණු බවට චෝදනා කරමින් ඊයේ (24) රාත්රීයේ අත් අඩංගුවටගත් ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත මුදාහැර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ බව සදහන් වේ.