නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම්පත ලබන නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනය පේදුරුතුඩුවේදී පැවති උත්සවයකට එක්වෙමිණි..
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යාපනයේ සංචාරයක නිරතවූයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය අළලා පැවැත්වෙන ජංගම කන්සියුලර් සේවයට සමගාමීවය.
ඉන්දියාවේ පී.ටී.අයි ප්රවෘත්ති සේවයට අදහස් පළ කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය සෙවීමේ කොමිසමට අදාළ පනත් කෙටුම්පතද ලබන ඔක්තෝබරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවය.