වසීම් තාජුදින් ඝාතන කුමන්ත්‍රණයට කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානී ආනන්ද සමරසේකර හවුල් වී තිබේදැයි පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
තමන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් පනවන මෙන් ඉල්ලා වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදීයි.
වසීම් තාජුදින්ගේ අස්ථි කොටස් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය තමන් අත් අඩංගුවට ගැනීමට සුදානම් වන බව පවසන වෛද්‍ය ආනන්ද සමරසේකර ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි කියා සිටියි.
වැඩි දුරටත් කරුණු දැක්වු රජයේ නීතිවේදියා කියා සිටියේ
එම අස්ථි කොටස් ඇතුළු ඇතැම් ද්‍රව්‍ය වෛද්‍ය ආනන්ද සමරසේකර විශ්‍රාම යන අවස්ථාවේදී ඔහු විසින් ලොරියකින් රැගෙන ගොස් ඇති බවට සාක්ෂි ලැබී ඇතැයිද
නඩු භාණ්ඩ වශයෙන් සැළකෙන මෙම අස්ථි කොටස් පොදු දේපළ ඝනයට අයත්වන බැවින් පොදු දේපළ පනත යටතේ මෙම අපේක්ෂිත ඇප ඉල්ලීමට විරුද්ධ වන බවත ය. රජයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම්කාර ආනන්ද සමරසේකර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුට අපේෂිත ඇපයක් නියම කරන්නේ ද නැත්ද යන තීන්දුව ලබන 09 වෙනිදා ප්‍රකාශ කරන බව නිවේදනය කළේය.