topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශිෂ්‍ය මර්ධනය නවතනු. ජවිපෙ පාර්ලිමේන්තුවේදී හඬ නගයි.

Studio_20160907_132052

ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවර නියෝග 23/2  යටතේ මේ වන විට විශ්වවිද්‍යාල තුළ වර්ධනය වෙමින් යන මර්දනකාරී තත්වය සම්බන්ධයෙන් ශිෂ්‍යයින් තුළ පැනනැගී ඇති ගැටලූකාරී තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය  යොමු කරවන ලදී.  ජනතා විමුක්ති පෙරමුණේ නායක,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් මෙම ප්‍රශ්නය  යොමු කරන ලදී .

”මේ වන විට විශ්වවිද්‍යාල තුළ වර්ධනය වෙමින් යන මර්දනකාරී තත්වය සම්බන්ධයෙන් ශිෂ්‍යයින් තුළ පැනනැගී ඇති ගැටලූකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
පසුගිය කාලය පුරා ලංකාවේ විශ්විද්‍යාල ගණනාවක වර්ධනය වෙමින් ආ ශිෂ්‍ය මර්දනකාරී පරිසරය මේ වන විට උත්සන්න තත්වයකට පැමිණ ඇතැයි සරසවි සිසුන් විසින් චෝදනා කරමින් සිටිනවා. පසුගිය 31වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව ඒකාබද්ධව පවත්වන ලද උද්ඝෝෂණ පෙළපාලියට පොලීසිය විසින් කඳුළුගෑස් හා ජල ප‍්‍රහාර යොදා කරන ලද පහරදීමෙන් සිසුන් සිව්දෙනෙකුට රෝහල් ගතවී ප‍්‍රතිකාර ලැබීමට සිදුවීම මෙම තත්වයේම තවත් දිගුවක් ලෙස සැලකිය හැකියි. එහිදී මෙම එක් ශිෂ්‍යයෙකුට ශල්‍යකර්මයක් පවා සිදුකර තිබුණා.
වත්මන් විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ ශිෂ්‍යයින් මුහුණදී සිටින කණගාටුදායක මර්දනීය තත්වය මෙසේ විස්තර කළ හැකිියි. පංති තහනම් කිරීම්:- සබරගමුව 26, කොළඹ 04, කැළණිය 24, මොරටුව 25, රජරට 04, පේරාදෙණිය 29, එච්.එන්.ඞී.ඊ 30 ආදී වශයෙන් සිසුන් 117 දෙනෙකු පංති තහනම් කිරීම්වලට ලක්වී තිබෙනවා. නඩු පැවරීම් හා සිරගතකිරීම්:- සබරගමුව 28, කැළණිය 24, රුහුණ 05 ආදී වශයෙන් සිදුවීම් 57ක් වාර්තා වී තිබෙනවා.
මීට අමතරව සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් බියවැද්දීමේ බියගුළු මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වෙනවා. නිදසුනක් ලෙස සබරගමුව සරසවියේ නිවසට ගොස් තර්ජනය කිරීම් 01ක්ද නිවසට ගොස් තොරතුරු ලබාගැනීම් 02ක්, ශිෂ්‍ය සංගමයේ නිලධාරී මණ්ඩලයට දුරකථන මගින් තර්ජනය කිරීම් 10ක්ද කැළණිය සරසවියේ පළමු වසර සහ දෙවන වසර සිසුන්ගේ නිවෙස්වලට කතාකර දෙමව්පියන් බියවැද්දීම ඇතුළු තවත් සිදුවීම් 02ක්ද සියලූ සිසුන්ගේ නිවෙස්වලට ලිපි යැවීම්ද මොරටුව සරසවියේ අනතුරු ඇඟවීම් 9ක්ද රජරට සරසවියේ පොලීසියට කැඳවීම් 01ක්ද පොලීසිය නිවෙස්වලට ගොස් බියවැද්දීම් 02ක්ද පේරාදෙණිය සරසවියේ සිසු ක‍්‍රියාකාරීන්ගේ නිවාසවලට, දෙමව්පියන්ගේ රැුකියා ස්ථානවලට බුද්ධි අංශ සාමාජිකයින් පැමිණීම හා දුරකථනයෙන් තර්ජනය කිරීම් 40කට වැඩි ප‍්‍රමාණයක්ද සිදුව තිබෙනවා.
එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨ 03කට වැඩි ගණනක ශිෂ්‍ය සංගම් පිහිටුවා ඇතත් මහා ශිෂ්‍ය සංගමය නීත්‍යානුකූලව පිහිටුවීමට විද්‍යාලයීය පරිපාලනය ඉඩදී නැහැ. පරිපාලනය විසින් නීත්‍යානුකූල ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය සංගමය සමග ගනුදෙනු කිරීම ප‍්‍රතික්ෂේප කර 2016.08.22 දින එය තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය, සම සෞඛ්‍ය, විද්‍යා යන පීඨවල ශිෂ්‍ය සංගම්වල ජ්‍යේෂ්ඨ භාණ්ඩාගාරිකවරුන් ඉල්ලා අස්වීම තුළ එම ශිෂ්‍ය සංගම් අකර්මණ්‍ය වී තිබෙනවා.
විශ්වවිද්‍යාල අභ්‍යන්තර ක‍්‍රියාවලිය මෙසේ වන අතර පසුගිය වසරේ මාර්තු 31 දින සිට ශිෂ්‍ය උද්ඝෝෂණ සඳහා පොලීසිය යොදවා කරන ලද පහරදීම් සිදුවීම් 07ක් වාර්තා වුණා. එම සිදුවීම් පිළිවෙලින් මෙසේයි. 2015 මාර්තු 31 ගාස්තු අඩුකරන ලෙස විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් කොළඹදී සිදුකරන ලද උද්ඝෝෂණයට පහර දීම, 2015 අපේ‍්‍රල් බඳවා ගැනීමේ කප්පාදුවට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ උද්ඝෝෂණයට පහරදීම, 2015 ඔක්තෝබර් 29 උපාධි සමානතාවය ඉල්ලා එච්.එන්.ඞී.ඒ. සිසුන් කොළඹදී සිදුකරන ලද උද්ඝෝෂණයට පහරදීම (ශිෂ්‍යයින් 05ක් අත්අඩංගුවට ගන්නා ලද අතර 08 දෙනෙකු රෝහල් ගත කෙරුණා*, 2016 නොවැම්බර් මාසයේ එච්.එන්.ඞී.ඒ. සිසුන්ට පහරදීමට හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්විවිද්‍යාල බල මණ්ඩලය විසින් විසින් සිදුකරන ලද උද්ඝෝෂණයට පහරදීම, 2016 අපේ‍්‍රල් 28 මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් පවත්වන ලද උස්ඝෝෂණ පාගමනට පහරදීම (සිසුන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීම*, 2016 ජුනි 23 මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් පවත්වන ලද උස්ඝෝෂණ පාගමනට පහරදීම (සිසුන් 07ක් රෝහල් ගත කරන ලදී*, ආසන්නතම සිදුවීම වූ 2016 අගෝස්තු 31 මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්විවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව ඒකාබද්ධව පවත්වන ලද උස්ඝෝෂණ පාගමනට පහරදීම දැක්විය හැකියි.
මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
01. විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පරිසරය වෙනුවට මර්දනකාරී පරිසරයක් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින්නේ ඇයි?
02. ආණ්ඩුවේ මැතිවරණ ප‍්‍රකාශයේදී රටක් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනයෙන් බවත් ගුණ නැණ බල යන තුනෙන්ම පොහොසත් මානව හිතවාදී හැඟීමෙන් යුතු නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක චින්තනයෙන් යුතු දරුවෙකු බිහිකිරීම පරමාර්ථය බවත් ප‍්‍රකාශ කරමින් මෙවැනි තත්වයක් උදා කර ඇත්තේ මන්ද?
03. සියලූ සරසවි සිසුන්ට එරෙහිව පොලීසිය විසින් ඉදිරිපත් කර ඇති නඩු ඉවත් කිරීමට කටයුතු යොදන්නේද?
04. සරසවි සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් බියවැද්දීම් නතරකිරීමට කටයුතු යොදන්නේද?
05. සරසවි සිසුන්ට එරෙහිව පනවා ඇති පංති තහනම් සානුකම්පිතව සලකා බලා ඉවත් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේද?
06. සරසවි පද්ධතිය තුළ සාමකාමී ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීමට ගනු ලබන පියවර කවරේද? ”    යනුවෙනි .

Leave A Reply

Your email address will not be published.