සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවට තායිවානයේ ඉහළම අධිකරණය තීරණය කරයි.
එම තීරණයට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුවහොත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා ප්‍රථම ආසියානු රට වශයෙන් තායිවානය ඉතිහාසගත වනු ඇත.
තායිවානයේ ඉහළම විනිසුරු මඬුල්ල තීරණය කළේ සමලිංගික විවාහය වළක්වාලන, තායිවානයේ දැනට පවතින නීතිය මගින් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බැවින් එය ව්‍යවස්ථා විරෝධී බවය.
එබැවින් නව නීති සම්මත කිරීමට හෝ පවතින නීති සංශෝධනය කිරීම සඳහා තායිවාන රජයට දෙවසරක කාලයක් ලබා දී තිබේ. සමලිංගික විවාහය නීතිගත කිරීමට එරෙහිව තායිවානයේ ආගමික කණ්ඩායම් විරෝධය පළ කරති.
වසර දෙකක් ඇතුළත නව නීති සංශෝධනය නිම කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් අධිකරණ තීරණය පාදකකර ගනිමින්, විවාහවීමට කැමති සමලිංගිකයන්ට තම විවාහය සඳහා ලියාපදිංචි වීමට අයිතියක් ඇති බව තායිවාන අධිකරණය පවසයි.
තායිවාන අධිකරණය මෙම තීරණයට එළැඹියේ, කලාපය තුළ සිටින සමලිංගික ප්‍රජාවට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී ය.
(BBC)