වත්මන් ආණ්ඩුවද දූෂිතයින් ආරක්ෂා කරන බවත් ආණ්ඩුවට නීතියේ සාධාරණත්වය ඉටුකළ නොහැකි බවත් පොලිස්පති හරහාද ඵළියට එන්නේ එය බවත් ඔහුටට ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඔහු ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කළේ කටද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව දැනගත යුතු බවත් ඒ බොහෝදුරට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැවැසීය.
එය එසේ නොවේනම් සාගල රත්නායක පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවත් මතභේදයට තුඩු දුන් ‘නිලමේවරයා’ වංචා හා දූෂණ රැසකට සම්බන්ධ බවත් අනුර කුමාර දිසානායක වැඩි දුරටත්පැවැසීය.